Featured

සිරිසේන කූජිත වෙයි…. ප්‍රසන්න හිරේ දැමීමේ කුමන්ත‍්‍රණයක්

අලූත් බලවේගය වෙනුවෙන් පෙනී සිටින නිසා බොරු චෝදනා නගා තමන්ව හිරේ දැමීමේ කුමන්ත‍්‍රණයක් ඇති බවත් මොන තර්ජන ගර්ජන ආවත් අලූත් බලවේගය ගොඩනගා ආන්ඩුව ගෙදර යවන බවත් එකාබද්ධ විපක්‍ෂයේ කැදවුම් කරු ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. අද (24) උඩුගම්පල ප‍්‍රසන්න රණතුංග මහතාගේ නිවසේදි පැවති මාධ්‍ය හමුවකදි රණතුංග මහතා මේ බව සඳහන් කලේය.

බස්නාහිර පළාත් සභාවේ පොදු අරමුනින් රුපියල් කෝටි 7 ක මුදල් අව භාවිතා කර ඇති බවට පළාත් සභාවේ විපක්‍ෂ නායක වරයා ඇතුළු පිරිසක් මුල්‍ය විමර්ශණ ඒකකයට කරන ලද පැමිනිල්ලක් අනුව එම ඒකකය ආරම්භ කර ඇති විමර්ශණයක් සම්බන්ධයෙන් අදහස් ඵළ කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැදවා තිබුනි. අදාල පැමිනිල්ලේ සඳහන් වන්නේ අදාල මුදල ව්‍යාපෘති 333 කට යොදවා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේද කිවේය.

යහපාලනය ගැන ඉගෙන ගන්න නම් මගේ කාලේ බස්නාහිර පළාත් සභාව ක‍්‍රියාත්මක වෙච්චි ආකාරය පිළිබඳව සොයා බලන්නැයි යහපාලන ඔස්තාර්ලගෙන් මම ඉල්ලන්න කැමතියි. අපි කවදාවත් මහජන මුදල් මංකොල්ල කාපු උදවිය නොවෙයි. අපි කටයුතු කරලා තියෙන්නේ විනිවිද බාවය ඇතිවයි. රජයේ සල්ලි තඹයක්වත් මම හොරකම් කරලා නැහැ. මුදල් අවභාවිතය ගැන මේ නගන චෝදනා පට්ටපල් බොරු මගේ කාල සිමාවේදි මම සියළු මන්ත‍්‍රීවරුන්ට ප‍්‍රතිපාදන වෙන් කලා සභා අනුමැතිය ඇතිව ව්‍යාපෘති ක‍්‍රියාත්මක කළා පළාත් සභාවේ දැක්ම සහා මෙහෙවර අනුව පස් අවුරුදු සැලැස්මක් ක‍්‍රියාත්මක කළා හැම විටම මුදල් වෙන් කලේ නිත්‍යානූකූල පදනම මතයි. පළාත් සභාවේ සල්ලි මම මගේ පෞද්ගලික වැඩ වලට යොදවලා නැහැ ජනතාවට සේවය කරන්නයි ඒවා සම්පූර්ණයෙන්ම යොදවලා තියෙන්නේ දහම් පාසලකට ලක්‍ෂය බැගින් දුන්නේ හැම පාසලකටම ලක්‍ෂය ගානේ දුන්නේ අඩු ආදායම් ලාභී ජනතාවට ඇස් කණ්නාඩි නිවාස, ව්‍යාපෘති විශාල ප‍්‍රමාණයක් අපි ක‍්‍රියාත්මක කරලා තියෙනවා. ජනතාවට සේවය කිරීම වරදක්ද.

අලූත් බලවේගයක් හැදෙනවා යැයි කියන කොට මේ ආණ්ඩුවේ කකුල් වෙව්ලන්න පටන් අරන් වැඩ බැරි ආණ්ඩුව අද හොදටම බය වෙලා අපිට අභූත චෝදනා නගන්නේ වෙන මොනවත් හින්දා නොවෙයි. මේ වෙනකොට ආණ්ඩුවට විරුද්ධව පුළුල් ජනතා බලවේගයක් හදන්න අපි කටයුතු කරමින් සිටින නිසා අලූත් පක්‍ෂයක් හදනවට බයෙනුයි. අපිව බොරු චෝදනා දාලා හිරේ දාන්න හදන්නේ මේවා කලාට අපේ ගමන නවත්තන්න බැහැ අපිව හිරේ දාලා හැදෙන අලූත් බලවේගය නතර කරන්න ආණ්ඩුවට බැහැ. ඒ බලවේගය හැදෙන එක හැදෙනවාමයි.

මට විරුද්ධව මේ පැමිනිල්ල දාන්නේ වසර 2 කට පස්සේ එකෙන්ම පැහැදිලි වෙනවා මේක දේශපාලන කුමන්ත‍්‍රණයක් බව ඔනෑම කුමන්ත‍්‍රණයකට මුහුණ දෙන්න අපි ලැහැස්තියි. කුමන්ත‍්‍රණවලට අපි බය නැහැ. අපිව බය කරන්නත් බැහැ බය කරලා අපිව නතර කරන්නත් බැහැ

අද මේ ආන්ඩුව කරන්නේ වෛරී දේශපාලනයක් මෛත‍්‍රීයට වෙනුවට වෛරය වඩවවන වැඩපිලිවෙලකයි ආණ්ඩුව ඉන්නේ එක පැත්තකින් ආණ්ඩුවට විරුද්ධ අපිව හිරේ දාන්න හදන ආන්ඩුව අනිත් පැත්තෙන් ආණ්ඩුවේ ජනතා විරෝධී ක‍්‍රියාකලාපයට විරුද්ධව ඉන්න වෘත්තීය වෙදීන්ගෙන් පලිගන්න හදනවා. වෛද්‍ය වරුන්ගේ දරුවෝ පාසල් වලට ඇතුලත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව කටයුතු කරන ආකාරය වැරදියි. වෛද්‍ය වරුන් වැනි වෘත්තීය වේදීන්ට ප‍්‍රමුඛතාවය ලබා දීමේ වැඩ පිලිවෙලක් සකස් විය යුතුයි. සියළු රාජ්‍ය සේවකයින්ටත් ඒ වරප‍්‍රසාදය ලැබිය යුතු වෙනවා ආන්ඩුව මේ උත්සහා කරන්නේ වෛද්‍ය වරුන්ට පළ නොකියා පළා බෙදන්නද ඔවුන්ව මෙලෙස පීඩාවට පත් කරලා ඔවුන් රට හැර යන තත්වයට පත් කිරීමට ආන්ඩුව හදන්නේ එට්කා ගිවිසුම හරහා ඉන්දියාවෙන් විවිධ වෘත්තිකයින් පවා ගෙන්වීමට සුදානමක් තිබෙනවා මේ වෛද්‍ය වරුන් සමග ආණ්ඩුව ගැටුම් ඇති කරගන්නේ ඊට අදාල පසුබිම සකස් කරගන්නදැයි අපට සාදාරණ සැකයක් තිබෙනවා.

අද මේ ආන්ඩුව කොටි සංවිධානය හුරතල් කරනවා. ඒ ඔවුන් පසුගිය මැතිවරණ වලදි ඇති කර ගත්ත එකඟතාවය අනුවයි. මේ ආන්ඩුව යටතේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කොටි සංවිධානය ශක්තිමත් වෙලා යුරෝපා සංගමයෙන් කොටි සංවිධානයේ තහනම ඉවත් කිරීමේ සුදානමක් තිබෙනවා. රටම අනතුරේ ආණ්ඩුව නිහඩයි. මේ කොටි හුරතල් කරන ආන්ඩුව ගෙදර යැවීමට අපි සියළු දෙනා එක් විය යුතුයි. නැතිනම් අපිට රටක් නැති වෙන එක ස්ටීරයි.

මෙහිදි මධ්‍ය වෙදීන් නැගු ප‍්‍රශ්න සඳහා රණතුංග මහතා ලබා දුන් පිළිතුරු මෙසේයි.

ප‍්‍රශ්නය – 08 වෙනිදා අළුත් පක්‍ෂය හැදෙනවාද

පිළිතුර – අපි අළුත් බලවේගයක් හදනවා හැබැයි ඒක මේ 08 වෙනිදා වන විට බිහි වන්නේ නැහැ. අපි අද ජනතාව සමග මේ සම්බන්ධයෙන් පුළුල් සාකච්චාවක යෙදෙනවා. සුදුසුම වෙලාවක දි අපි මේ කටයුත්ත කරනවා. බය වෙන්න එපා ඔබලාට තමයි. අපි මුලින්ම මේ ගැන කියන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආයුෂ තියෙන්නේ අවුරුදු 60 යි කියලා සිරිමාවෝ මැතිනියත් කියලා තිබුනා. දැන් අපේ පක්‍ෂයට 60 පැනලා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය කවදාවත් තනි පක්‍ෂයක් ලෙස ජයග‍්‍රහණය කරලා නැහැ. දැන් පක්‍ෂයේ බලදාරින් කියනවා අත ලකුණින් තරග කරනවයි කියලා එතකොට අපිට හිතෙනවා මැතිනිය කිව්ව දේ සිදුවෙමින් තියෙනවාද කියලා කොහොම උනත් හැම දේටම වෙලාවක් කලාවක් තියෙනවා. අලූත් බලවේගය හැදෙන එක සුදුසුම වෙලාවට සිද්ධ වෙයි.

ප‍්‍රශ්නය – අලූත් බලවේගයක් හැදුනාම ඒක ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ප‍්‍රශ්නයක් වෙනවා නේද?

පිලිතුර – අපි අලූත් බලවේගය හදන්නේ රටට ආදරය කරන සියළු දෙනා එකතු කරගෙන ඒ සියළු දෙනා එකතු කරගෙනයි අපි මේ ආණ්ඩුව පෙරලන්නේ අපි මේ හදන්නේ ජාතික බලවේගයක් ඒ බලවේගයට විවිධ පාර්ශවලට එකතු වෙන්න පුලූවන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නිවැරදි වෙලාවට නිවැරදි තීන්දුව නොගත්තොත් ඔවුන් සම්බන්ධයෙන් ජනතාව නිසි තීන්දුව ගනීවී එකාබද්ධ විපක්‍ෂයේ අපි දැනටමත් ඒ තීන්දුව ගන්න සුදානම් වෙමිනුයි ඉන්නේ

ප‍්‍රශ්නය – මම ඇහුවේ අලූත් බලවේගයට හැදුවොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බලය හීන වෙනවාදැයි කියලා

පිලිතුර – උගුරට හොරා බෙහෙත් කන්න බැහැනේ ඔබතුමාලා අහන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ එකාබද්ධ විපක්‍ෂයේ ඉන්න මන්ත‍්‍රී වරුන් පක්‍ෂයක් නැතිව මේ බලවේගයට එකතු වෙන්නේ කොහොමද කියලා. අපි මේ වෙනකොට සාකච්චා කරමින් ඉන්නවා ජනතා අදහස් ලබා ගනිමින් ඉන්නවා අපි කුමක්ද කළ යුතු දේ කියලා. පක්‍ෂයේ වර්තමාන සභාපති වරයා සහා නිලදාරින්ගේ ක‍්‍රියාකලාපය අනුවයි. නව පක්‍ෂයක් ගොඩ නැගීම ගැන අවසන් තීන්දුවකට එළඹීමට හැකි වන්නේ ඒ ගැන අපි ඉක්මනින්ම තීන්දුවක් ගන්නවා හැබැයි සන්ධාන ගත වන්න එකාබද්ධ විපක්‍ෂයේ ඉන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රී වරුන්ට අලූත් පක්‍ෂයක් හැදීමේ අවශ්‍යතාවයක් නැහැ අපිට ආණ්ඩුවිරෝධී, එක්සත් ජාතික පක්‍ෂ විරෝදී නව බලවේගයකට ඔනෑම වෙලාවක එකතුවිය හැකියි අපි ජනතාව පෙල ගස්වන්නේ මේ ආණ්ඩුවට විරුද්ධව බලවේගයක් ගොඩ නැගීමටයි අපි එය සිදුකරමින් ඉන්නවා.

ප‍්‍රශ්නය – ඉදිරියේදි එන ඔනෑම මැතිවරණයකට ඔය නව බලවේගයෙන් ඉදිරිපත් වෙන්න සුදානම්ද

පිලිතුර – ඉතා පැහැදිලි කියන්න ඔනෑ ආණ්ඩුව සුදානම් නැහැ පළාත් පාලන මැතිවරණය කලින් තියන්න ඔවුන් දන්නවා පළාත් පාලන මැතිවරණය තිබ්බොත් පරාජය වන බව ඒ නිසා ඔවුන් සුදානම් වෙන්නේ කලින් ජනමත විචාරණයකට යන්නයි. උතුරු නැගෙන හිර සහයෝගයත් අරගෙන ජනමත විචාරණය දිනලා නැති ජන පදනමක් තියෙන බව ලෝකයට පෙන්වන්නයි.

ප‍්‍රශ්නය – ජනමත විචාරණයකදි ආන්ඩුවයි ආන්ඩුව නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි ඊට පක්‍ෂව ඡුන්දය ඉල්ලයිනේ එතකොට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉන්න ඔබතුමාලා විරුද්ධව ඡුන්දය ඉල්ලන්නේ අලූත් බලවේගයෙන්ද

පිලිතුර – ඔව් අපි ඉදිරියට එන ඔනෑම මැතිවරණයකදි අලූත් බලවේගයක් හරහා අපේ මතය රටට ඉදිරිපත් කරන්න ලැස්තියි. ඒ වගේම ඔනෑම මැතිවරණයකටත් අපි ලැස්තියිි.

ප‍්‍රශ්නය – එකාබද්ධ විපක්‍ෂය කියනවා. ව්‍යවස්ථා මර උගුලක් ගැන ඔබතුමයි දිනේෂ් මන්ත‍්‍රීතුමයි ව්‍යවස්ථා සම්පාදක කමිටුවේ නියෝජිතයෝ මර උගුලක් නම් ඇයි මේ ව්‍යස්ථා හදන වැඬේට දායක වෙන්නේ

පිලිතුර – අපි කමිටුවේ ඉන්නේ සිද්ධ වෙන දේ ගැන බලා ගන්නයි ඇත්තටම යෝජනා ඇවිත් තියෙනවා. එකීයභාවය වෙනුවට එකසත් භාවිතා කරන්න ආගම ගැනත් විවිධ යෝජනා ඇවිත් තියෙනවා මේ යෝජනා සාකච්ඡුා වෙමින් තියෙනවා. අපිත් ව්‍යවස්තා කමිටුවේදා රටට එරෙහි යෝජනා වලට විරුද්ධව සටන් කරනවා. වෙන්නේ මොනවාදැයි දැනගන්න අපි ඇතුලේ ඉන්න ඔනෑම අවශ්‍යම වෙලාවට අපි අවශ්‍ය තීන්දුව එතනදීත් ගන්නවා.

ප‍්‍රදීප් අනුර කුමාර

Top