Featured

බෙදුම්වාදීන්ට ටියුෂන් දෙන්න රූකී එංගලන්තයට -ගුවන්තොටුපලේ ප්‍රශ්ණ කළා යැයි කියා යහපාන NGO කාරයෝ මැරෙන්න හදයි

උතුරේ බෙදුම්වාදීන්ගේ ජාත්‍යන්තර සමුළුවකට සහභාගි විම සදහා එංගලන්තය බලා යැමට පැමිණී මානව හිමිකම් ක්‍රියාකාරී රුකී ප්‍රනාන්දු ගුවන්තොටුපලේ ත්‍රස්ත විමර්ශන ඒකකය ප්‍රශ්ණ කර තිබේ. රුකී ප්‍රනාන්දු ගුවන්තොටුපලේ රදවාගෙන ප්‍රශ්ණ කිරිම සම්බන්ධයෙන් යහපාලනයට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන කුලප්පු විම සම්බන්ධයෙන් අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු ත්‍රස්ත විමර්ශන ඒකකයයේ විශේෂ නියෝජිතයෙකුගෙන් කල විමසිමේදි අනවරණය වි ඇත්තේ රුකී එංගලන්තයේ යෝක් විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට නියමිත මානව හිමිකම් සැසිවාරයක් සදහා සහභාගී විම මුවාවෙන් දමිළ ඩයස්පොරාවේ රැස්විමකට සහභාගි විම සදහා යන බව රහස් පොලිසිය තහවුරු කරගෙන ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් ලැබුනු තොරතුරු හේතුවෙන් රුකී ප්‍රනාන්දු නවතාගෙන ප්‍රශ්ණ කිරිම කල බවත් රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණ තවදුරටත් පුලුල්ව සිදුකරගෙන යන ලෙසට ආරක්ෂක අමාත්‍යංශය නියෝග කර තිබේන බවද  ත්‍රස්ත විමර්ශන ඒකකයයේ විශේෂ නියෝජිතයා අනාවරණය කර තිබේ.

මානව හිමිකම් ක්‍රියාකාරියෙකු බව කියන රුකී ප්‍රනාන්දු කොටි ත්‍රස්තවාදීන් සමග ඉතාම සමිපව කටයුතු කල අයෙකු වන අතර එල්ටීටීඊ සංවිධානයේ නියෝජිතයන් සමග සමිප සබඳතාවයන් පැවැත්විම හේතුවෙන් වරක් කිලිනොච්චියේ දී අත්අඩංගුවටද පත්වුනා.

ජගත් මානව හිමිකම් මණ්ඩලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වු යෝජනාව සදහා මුදල් වෙනුවෙන්  අසත්‍ය තොරතුරු සැපයු රූකී ජෙයකුමාරි දරුවා අතුරුදහන් විම සම්බන්ධයෙන් යුධ හමුදාවට එරෙහිව අසත්‍ය චොදනා ජාත්‍යන්තරයට සැපයු අයෙකි.

Top