Featured

නිදහස් පක්ෂයේ බලය මෛත්‍රී අත්හරි!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අත්හැරිම හැර තමන්ට වෙනත් මගක් නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ශ්‍රිලනීප බත්බැලයන් සමග පවසා තිබේ.දිනෙන් දින ආණ්ඩුව කඩා වැටෙමින් පවතින අතර එහි අවසන් ප්‍රතිපලය වනුයේ තමන්ට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයද අහිමිවිමෙන් බවද සිරිසේන ජනාධිපතිවරයා පවසා තිබේ.

මේ වසර  අවසන් විමත් සමග රටේ අර්බුද උග්‍ර අතට හැරෙන බැවින් ඊට සමගාමිව පක්ෂයේ බලය අල්ලාගෙන සිටිම කිසිසේත්ම කල නොහැක්කක් බවයි සිරිසේන ජනාධිපතිවරයා පෙන්වා දි ඇත්තේ.පවතින තත්ත්වය යටතේ කිසිදු මැතිවරණයක් පැවැත්විමට හැකියාවක් නොමැති බවත් ඒ නිසාම රටේ ජනතාව අතර තමන් තවත් අප්‍රසාදයට පත්වෙමින් තිබේන බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

“බලය තිබුනට …වැඩක් නෑ ජනතා බලය නැතුව …එළියට ගියාම එක දැනෙනවා….”

මේ අතර ඉදිරි දින කිහිපය තුල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එජාප නායක් රනිල් වික්‍රමසිංහ අතර deal එකක් ඇති බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම් මට්ටමේ පාක්ෂිකයින් අතර මතයක් පැතිරවිම සදහා මෙහෙයුමක් දියත් කිරිමට මෙම සාකච්ඡාවේදි කතා බහට ලක්ව ඇති අතර එම මෙහෙයුම සදහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සමගද ජනාධිපතිවරයා සාකච්ඡාවක් පැවැත්විමට කටයුතු සුදානම් කර තිබේන බව මේ වනවිට අනාවරණය වි තිබේ.

Top