Featured

විධායක බලය පාවිච්චි කරන්න ජනපති මෛත්‍රී තිරණය කරයි

ජනාධිපතිවරයා සිය විධායක බලතල භාවිතා කිරිම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ බත් බැලයෙකු අප දේශපාලන වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.ඊයේ රාත්‍රීයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතමයන් 10දෙනෙකු සමග හදිසියේ පවත්වන ලද සාකච්ඡාවේදි මේ පිළිබඳව අවධාණය යොමුකර ඇති බවයි ඔහු අනාවරණය කර ඇත්තේ.

පහුගිය කාලසිමාව තුල ජනාධිපතිවරයා ගත් ඇතැම් තින්දු තිරණ ක්‍රියාත්ම කිරිමේදි ජාතික ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂයේ බහුතර අමාත්‍යවරුන් මෙන්ම ජනාධිපති කාර්‍යාලයේ සිටින එජාපයට ලැදී ඇතැම් පිරිස් ජනාධිපතිවරයාගේ විධායකය බලය බාවිතා නොකිරිම දඩමිමා කරගනිමින් ජනාධිපතිවරයා රටේ මෙන්ම ජාත්‍යන්තරය හමුවේ අප්‍රසාදයට ලක්කිරිමේ මෙහෙයුමක් දියත් කර ඇති බවයි මෛත්‍රී පිළේ සමාජිකයා පෙන්වා දි ඇත්තේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමෙරිකාවේ සජ තායිලන්තයේ කල සංචාරයන් වලදි සිය විධායක බලය භාවිතා නොකිරිම හේතුවෙන් රට මුහුණ දි සිටින බරපතල අනතුරු පිළිබඳව අවධාණය යොමු කල බවත් රාජ්‍ය නායකයන් සමග කල සාකච්ඡාවලදි විධායක බලය යෙදවෙන ආකාරය පිළිබඳව ජනාධිපතිවරයා අවධානය යොමුකල බවද මෛත්‍රී පිළේ සමාජිකයා පවසා තිබේ.

කෙසේවෙතත් මෙම සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහ  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් මහින්ද අමරවීර සහභාගි කර නොගැනිම පිළිබඳව අප දේශපාලන වාර්තාකරු කල විමසිමකදි එයට පිලිතුරු දිම ඔහු විසින් ප්‍රතිකේෂ්ප කර තිබේ.

සිරිසේනගේ CID, FCID අල්ලස් කොමිසම කතාවෙන් සෝභිත හිමිගේ  රොටිය කරවුනාද?

මේ අතර හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙක් අධිකරණය හමුවට කැදවීමත් CID, FCID අල්ලස් කොමිසම දේශපාලන උවමනාවන් මත හැසිරීම ගැනත් ජනාධිපතිවරයා ඊයේ දිනයේ කරන ලද ප‍්‍රකාශයක් සමගින් ආණ්ඩුව අතුලේ අර්බුධකාරී තත්වය උත්සන්න වී තිබේ.

මතුව ඇති තත්වය ගැන සාකච්චා කිරීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඊයේ පස්වරුවේ එජාප මැති ඇමතිවරැන් රැසක් කැදවා තිබින.

පොලීසිය හරහා සිදු කරන ඇතැම් කටයුතු මගින් තමන් අප‍්‍රසාදයට පත් කිරීමට එජාපය කටයුතු කරතියි ජනාධිපතිවරයා කල්පනා කරන නිසා මෙම අර්බුදකාරී තත්වය මතුව ඇති බවද දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ කතාබහක් ඇතිව තිබේ.

එසේම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ කරන ලද ආන්දෝලනාත්මක ප‍්‍රකාශයට එරෙහිව පසුගිය ජනාධිපතිවරණයේදී ඔහුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කටයුතු කල සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති බහුතරයක් විසින් හදිසි මාධ්‍ය හමුවක් අද දිනයේ කැදවා තිබේ.

 

 

Top