Featured

ඝාතනයන් හමුදා බුද්ධි අංශයට පැටවීමේ කුමන්ත්‍රණයක්-සාජන් මේජර් ජයමාන්න ඝාතනය කළාද?

ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ වගකීම ගත් විශ්‍රාමික සාජන් මේජර්වරයෙක් අද (14) උදෑසන එල්ලී මිය ගොස් ඇති බවට කුජිතගේ පොලිසිය හරහා සිදුකල අනාවරණය සැකයට තුඩුදෙන කරුණක් බව අප් ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.මෙසේ මියගොස් ඇත්තේ කෑගල්ලේ පදිංචිව සිටි විශ්‍රාමික සාජන් මේජර් වරයෙක් වූ ජයමාන්න නැමැත්තෙක් බවත් ලසන්ත ඝාතනය කළේ තමන් බව හා වෙනත් පරීක්ෂණ අනවශ්‍ය බවත්, මේ ඔස්සේ සොයා බලා පරීක්ෂණ මෙහෙයවා දැනට අත්අඩංගුවේ සිටින සාජන් මේජර් උදුලාගම නිදහස් කරන ලෙසත් ඔහු ලිපියක් ලියා තබා ඇතැයිද ඒ ලිපිය රහස් පොලිසිය වෙත යොමු කරන ලෙසත් දන්වා තිබේ.

කෙසේවෙතත් අදාළ මේජර්වරයා  ලසන්ත වික්‍රමතුංග ඝාතන වන විටත් මෙම සාජන් මේජර් විශ්‍රාම ගොස් ‍බොහෝ කලක් ගතවී ඇති බව දැනට අනාවරණය වි තිබේ.

ජනවාරි 8 වැනිද සිරිසේන -රනිල් එක්ව පිහිටවනු ලැබූ බෙදුම්වාදී ආණ්ඩුවේ පලමු මෙන්ම ප්‍රමුඛ කාරණය බවට පත්වුයේ ප්‍රභාකරන් ඇතුලු පාහර කොටි පරාජය කර ඊළාම් සිහිනය විනාශ කල හමුදාව පාවාදීම සදහා විවිධ මෙහෙයුම් දියත් කල අතර මේ හරහා සියළු ඝාතනයන් හමුදා බුද්ධි අංශයට පැටවීමේ කුමන්ත්‍රණයක් ඇති බවයි පැහැදිලිව දක්නට ඇත්තේ.

 

පසුගිය දිනවල සිදුවු සිදුවීම් සසදා බැදීමේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අත්අඩංගුවට ගත් හමුදා බුද්ධි අංශ නිළධාරීන් මාස 16 තිස්සේ හිරකොට තබමින් පරීක්ෂණ සිදුකොට කිසිදු වැරැද්දක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔප්පු කීරීමට නොහැකි තත්වයකදී ඒවන විට සේවයෙන් විශ්‍රාම ගොස් සිටි පුද්ගලයෙකු මිය යාම සැක උපද වන්නක් වන අතර ඒ අනුව සැබැවින්ම මෙය සියදිවි නසා ගැනීමක්ද ? මීනීමැරුමක්ද ? යන්න පලමුව නිවැරදි පරික්ෂණයක් හරහා සොයා බැලිය යුතු කරුණකි.

මිට අමතරව අප අවස්ථා ගණනාවකදිම ලසන්ත ඝාතකයා කවුරුන්ද යන්න අනාවරණය රැසක් කර ඇති නමුත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු පරික්ෂණයක් සිදු නොකිරිම පිළිබඳවද රටේ බහුතර ජනතාව තුල ප්‍රශ්ණයක් ඉතුරු වි තිබේ.

ලසන්ත ඝාතනය යලි කරලියට පැමින ඇත. මේ ඒ පිලිබද කරන විවරණයකි. ලියුම්කරුගේ උත්සාහය හුදෙක් ෆොන්සේකා දෙසට ඇගිල්ල දිගු කිරීම හෝ ගෝටාබයට සුදුහුනු ගෑම නොවේ. එහෙයින් මෙහි එන කරුනු එකිනෙක විමසා බලා නිගමනයට එලබීම ඔබට බාරය. මෙම කථවේ එන ලසන්ත ,සොනාලි, වික්ටර් අයිවන්, ෆොන්සේකා, අතාස්,උවිදු, සදරුවන් ,නිශාන්ත ගජනායක, ලක්‍ෂ්මන් සෙනවිරත්න යන අය ලියුම්කරු විසින් අඩු වැඩිව, පෞද්ගලිකව දන්නා හදුනන බව සදහන් කල යුතුය. එහෙයින කරුනු වල සත්‍ය අසත්‍ය  බව කෙනෙකුට අවැසි නම් විමසා බැලිය හැක .

කියවන්න – ලසන්ත ඝාතකයා ලගදිම මාට්ටු?ලසන්ත ඝාතනයේ ඇත්ත නැත්ත

වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡ ත්‍රස්‌තවාදය හා සමාන ඉතිහාසයක සිට ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නද්ධ බුද්ධි බළකායේ රණවිරුවකු ලෙස රට වෙනුවෙන් සුවිශාල මෙහෙවරක යෙදුණා වූ බලලත් නිලධාරි ප්‍රේමානන්ද උදලාගම ලසන්ත ඝාතනයට අත්අඩංගුවට ගත් සීඅයිඩීයේ ෂර්ලොක්‌ හෝම්ස්‌ලා මුලින්ම ඔහුව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ හඳුනාගැනීමේ පෙරට්‌ටුවක්‌ සඳහා ඉදිරිපත් කළ යුතු බවට වූ ඉල්ලීමක්‌ද සමඟය.

මෙහිදී උදලාගමට එල්ල වූ චෝදනාව වී තිබුණේ ලසන්ත ඝාතනයෙන් හත්වසරකට පසුව සීඅයිඩීය හිටි හැටියේ සොයාගත් ලසන්තගේ රියෑදුරෙකු බව කියන ඩයස්‌ නමැත්තකු පැහැරගෙන ගොස්‌ තර්ජනය කළේයෑයි යන්නය.
මේ අනුව ලසන්තගේ රියෑදුරා වූ ඩයස්‌ නමැත්තා උදලාගමව හඳුනාගත යුතු එකී හඳුනාගැනීමේ පෙරට්‌ටුව පසුගියදා ගල්කිස්‌ස අධිකරණයේදී පැවැත්විය. එහිදී ලසන්තගේ රියෑදුරා යෑයි කී තැනැත්තා උදලාගමව නිවැරදිව හඳුනා ගැනීමටද සමත් විය. එහෙත් මෙකී පෙරෙට්‌ටුවේදී සිදු වූ විශේෂිත සිදුවීමක්‌ද තිබිණ.

ඒ ලසන්තගේ රියෑදුරා යෑයි කී තැනැත්තා ඇස්‌ පමණක්‌ විවර වූ මුහුණ මුළුමනින්ම වැසී ගිය ආවරණයක්‌ පැළඳ 1988-89 භීෂණ යුගයේ බටලන්දේ සිටි බිල්ලකු මෙන් පැමිණ උදලාගම හඳුනාගැනීමය.

කියවන්න –හැමදේම අමතක උදලාගමගේ මුහුණ මතක ලසන්ත ඝාතනයේ අමුතු ගේම

 

Top