Anonymous Reporter

රාජපක්ෂලාට මඩ ගහන්න ගිහින් හත්පොලේ ගා ගත් සිරිසේනගේ හුජ්ජ කොල්ලෝ

මේ වන විට ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා වල ශ්‍රී පාද අඩවියට හෙලිකොප්ටරයක් ගොඩබස්සවා ඇති බව දැක්වෙන ඡායාරූප පෙළක් මේ වන විට සීග්‍රයෙන් හුවමාරු වෙමින් තිබේ. එතැන අරාබි ජාතිකයින් පිරිසක් සාකච්ඡාවක නිරත වෙමින් සිටින අයුරු දැකගන්නට තිබේ.VAT, බැදුම්කර හොරු,රටපුරා ඝාතන වසා ගැනිම සදහා රාජපක්ෂලා ගැන බද්ධ වෛරයෙන් සිටින යහපාලන අමනයන් ඔහුන්ගෙන් මාසිකව සොච්චම් වැටුප් ලබන වෙබ් සහ සමාජ වෙබ් බලුකාය යොදා ගනිමින් අදාළ

නල්ලතන්නි පොලිස් වසමට අයත් වනශ්‍රී පාදය පාමුල පිහිටා ඇති ‘මරේ වත්ත‘ නමින් හැඳින්වෙන එම ප්‍රදේශය සිරිසේන වැනි හිකනලුන්ට මහත් හිසරදයක්ව ඇති බැසිල් රාජපක්ෂට අයත් එකක් බවට පෙන්විමට දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබේ.අවාසනාවට ඇත්ත කතාවනම් 2010 සිට 2015 ජනවාරි 8 වැනිදා දක්වාත් පසුව අද දක්වාත් යහපාලන ගෝබෙල්ස් න්‍යායට හසුව සිටින ඇතැම් ප්‍රගතිශීලින් පවා යහපාලන කුලීකරුවන්ගේ මඩ ඇත්ත ද කිය සොයා බැලිමට කටයුතු කිරිමයි.

ඒකත් බැසිල්ගෙ ද?

ශ්‍රී පාද පුද බිමේ ඉඩමක හෝටලයක් තනන්නට ඉඩම ලබා දුන්නේ කවුද? කවදාද ? බැසිල්ද ? සිරිසේනද?

sri2016-03-16 හෝ ඊට අසන්න දිනකදී කොටුව ජනාධිපති මන්දිරයේදී සිරිසේන ජනාධිපති වරයා විසින් ෆයිසර් මුස්තාපාගේ උවමනාව පිර මෙම ඉඩම හෝටලයක් තැනීම සදහා ආයෝජනය කරන ලෙස මෙම මුස්ලිම් වරුන්ට ලබා දී ඇත.ඊට පෙර බැසිල් රාජපක්ෂ ඇමතිවරයාව සිටින සමයේ මෙවැනිම යෝජනාවක් පැමිණි නමුත් ශ්‍රී පාද අඩවිය විනාශ කිරීමට නොහැකි බව ප්‍රකාශ කොට එය අත්හැර දැමීමට කටයුතු කලේය.ඉන් පසු වත්මන් යහපාලන ආණ්ඩුව පැමිණි පසු මෙම ඉඩම ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කලේ එටිසාලට් සමගම මගින් කටයුතු කලේ ෆයිසර් මුස්තාපා හරහාය.මෙම අවනඩුවට බැසිල් රාජපක්ෂ පටලව නව ගමනක් ආරම්භ කිරීමට එරෙහි කැරැල්ලක් නිර්මාණය කිරීමටත් ඒ හරහා රටේ සිදුවන දැවෙන ගැටළු යට ගැසීමටත් යහපාලන ආණ්ඩුව කටයුතු කරමින් සිටි.

බුකිය පුරා මඩ ප්‍රචාර අවලාද නගමින් බැසිල් රාජපක්ෂගේ වැඩක් බවට පත් කරන්නට උත්සහ කරන සියලු දෙනාට මෙය විසදා ගත හැකි ක්‍රමයක් යෝජනා කිරීමට කැමැත්තෙමි.දහස් ගණනක ජනතාවක් සමග ශ්‍රී පාද පුද බිමට ගොස් මෙම ඉඩම ලබා දුන්නේ කවුරුන් විසින් දැයි සාක්ෂි සහිතව ඔප්පු කරන ලෙස සිරිසේන ආණ්ඩුවට බල කර සිටිමු.අදාල ඉඩමේ කිසිදු ඉදි කිරීමක් සිදු කිරීමට ඉඩ නොතබන බවටත් ඉඩම ලබා දීමට යෝජනා කල අයත් ඉඩම ලබා දීමට කටයුතු කල අයට එරෙහිව නිසි ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරමු.

සිරිසේන ජනාධිපතිවරයා හරහා මෙම ඉඩම ලබාගත් ෆයිසර් මුස්තාපා ෆයිසර්ගේ මජර මාෆියාකරු වන මොහොමඩ් රිස්වි ඉල්ලියාස් (Rizley Illayas)නොහොත් ඩිඩා හරහා මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට විකුණු බව ඉතා පැහැදිලිව තහවුරු වි තිබේ.ඊට අදාළ සාක්ෂි රැසක් අප සතුව ඇති අතර එවා අවශ්‍ය විටකදි අනාවරණය කිරිමට අප කටයුතු යොදවා තිබේ.

කවුද මේ ඩිඩා …

2011 වසරේදී මහපොළ ලොතරැයිය ක්‍රියාත්මක කිරිමේ බලය මලයාසියා ජාතික දතෝ ටියෝන් ටින් සින්ග් නැමැත්තාට හිමි Oceanic Games (Pvt) Ltd සමාගමට පැවරිමේදී බරපතල මුල්‍ය අක්‍රමිකතාවක් සිදුවි ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, එම ගනුදෙනුවට මොහොමඩ් ඉල්ලියාස් නමැති ව්‍යාපාරිකයකු ද සම්බන්ධ බවට අනාවරණය කල අතර අදාළ පරික්ෂණ කටයුතු ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයාගේ බලපෑම මත මුලුමනින්ම ඇනහිට තිබේ….

සම්පූර්ණ කතාව බලන්න – ෆයිසර්ගේ සාදයට මෛත්‍රී එයි ,රනිල් නෑ…මහපොළ ලොතරැයිය කෑ ඩිඩා සමග මෛත්‍රී ඩිල් ගහයි

ටොයියන් කෑ ගැසු ඩුබායි ගිණුමේ හිමිකරු වන්නේද ඩිඩා වන අතර එම මුදල් වල සම්පූර්ණ අයිතිය ඇත්තේ ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයාටය…

ප්‍රභු පුතාගේ ඩො.මි. 650 ඩුබායි ගිණුම් වල් ඇති බව පවසමින් යහපාලන් ටොයියන් පසුගිය කාලසිමාවේ මාධ්‍ය හරහා කරනම් ගසමින් අවසානයේ සිරිසේනගේ විධායක බලයද රැගෙන (පොන්න) මංගල සමරවිර, රාජ්‍ය නොවන සංවිධානයක ඩොලර් ගිලින නීතිඥයෙකු  වන ජෙ.සි වැලිඅමුණ සමග ඩුබායි රටේ බැංකු පිරික්සිමෙන් පසුව මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු අනාවරණයක් නොකර ඇටි කෙහෙල් කෑ රිලවුන් මෙන් සිටිම සම්බන්ධයෙන් අප අදාළ තොරතුරු අස්ථානගත කර ඇති පුද්ගලයෙකු හරහා අදාළ ගිණුම සම්බන්ධයෙන් අප විශේෂ වාර්තාකරු පසුගියකාලයේ අනාවරණය කළා.

සම්පූර්ණ කතාව බලන්න – ටොයියන් කෑ ගැසු ඩුබායි ගිණුමේ හිමිකරු මෙන්න

කවුද මේ ෆයිසර් මුස්තාපා

ISIS ත්‍රස්තවාදී සමග සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන ඇති බව ඔත්තු සේවා අනාවරණය කර තිබු ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කර වර්තමානයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නීති කටයුතු පිලිබද උපදේශක ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ISIS ත්‍රස්තවාදී සමග ඉතා සමිප සම්බන්ධතාවයක් ඇති බවට මේ  LNW  ඔත්තු සේවා අනාවරණය කර තිබේ.

සම්පූර්ණ කතාව බලන්න – Exclusive:ISIS ත්‍රස්තවාදීන්ට තරුණයන් සපයන්නේ ෆයිසර් මුස්තාපා!-රහස් පොලිසිය පරික්ෂණ අරඹයි

මල්වානේ මාලිගාවෙන් පසුව ශ්‍රී පාද හරහා බැසිල් අල්ලා ගැනිම….

සිරිසේන ජනාධිපතිවරයාට ඇති ලොකුම හිසරද කාරයන් අතර බැසිල්ටද ඇත්තේ ප්‍රධානම තැනකි.නව ජාතික බලවේගයක ගොඩනැගීමේ දැවැන්ත කාර්යය ඉතාම සුමටව ක්‍රියාවට නංවමින් සිටින බැසිල් රාජපක්ෂ ගම් මට්ටමේ යන්තම් හෝ හොරිකඩ සිරිසේනගේ හොරි කඩන්නට කල්පනා කරන මිනිසුන් පව දක්ෂ ලෙස මහින්ද සමග ගොඩනැගෙන දැවැන්ත ජාතික බලවේගයට එකතු කරන්නට සමත්ව තිබේ.

චෝදනා හතර වටේ … බැසිල් රට වටේ…

basila-r-1 basila-r-2 basila-r-3 basila-r-4 basila-r-5 basila-r-6 basila-r-7 basila-r-8 basila-r-9

 

Top