Featured

තුසිත හල්ලොලුව සභාපති කමෙන් දොට්ට…සදරුවන් දුමින්දට තර්ජනය කරලා

පොලිස් මුල්‍ය අපරාධ කොඨඨාශය හරහා සිදුකරන විමර්ශනවල නිතිපති දෙපාර්තමේන්තුවට යොමු කරන රහස්‍ය වාර්තා මුදලට සහ ලිංගික අල්ලස් වලට විකුණමින් සිරිසේන ජනාධිපතිවරයාගේ ආරක්ෂාව යටතේ සීමාසහිත ලංකා පොහොර සමාගමේ සභාපති ලෙස කටයුතු කල ලංකා ඊ නිවුස් නිළ නොලත් සංස්කාරක තුසිත හල්ලොලුව වහාම ක්‍රියාත්මක වන පරිදි සභාපති කමෙන් දොට්ට දමා තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායකගේ නියෝග මත තුසිත සභාපති කමෙන් දොට්ට දමා ඇති අතර ඒ සදහා දුමින්දට නියෝග කර ඇත්තේ ජනාධිපති සිරිසේන බවද තහවුරු වි තිබේ.ආණ්ඩුවේම වරප්‍රසාද භුක්ති විදිමින් ආණ්ඩුවටම සහ ජනාධිපතිවරයා සහ පවුල ඉලක්ක කර මඩගැසිම පිළිබඳව සිරිසේන දැඩි ලෙස කුපිතව සිටි අතර ඒ අනුව් ජනාධිපතිවරයා මෙම නියෝගය දුමින්දට කර තිබේ.

මේ අතර තුසිත සභාපති කමෙන් දොට්ට දැමිමත් සමග කිපී ඇති ලංකා ඊ නිවුස් කර්තෘ ලෙස පෙනී සිටින ලන්ඩන් සදරුවන් දුරකතනයෙන් දුමින්ද දිසානායක අමාත්‍යවරයා අමතා තර්ජනය කර ඇති අතර තර්ජනය කරමින් සදරුවන් දුමින්දට පවසා ඇත්තේ…මේ තරම් කාලයක් ලංකා ඊ නිවුස් දුමිද ඉලක්ක කර පහර නොදුන් බවත් මින් ඉදිරියට පරිස්සම් වෙන ලෙසත් පවසමින් දුමින්දට තර්ජනය කර තිබේ.

කෘෂි අමාත්‍යවරයාගේ සමිපතමයෙකු අප වාර්තාකරු සමග සදහන් කලේ දුමින්ද- සදරුවන් දුරකතන ගැටුම විනාඩි කිහිපයක් පැවැති අතර …”තොපිලට පුලුවන් දෙයක් කරනවා..” යනුවෙන අමාත්‍යවරයා අවස්ථා ගණනාවකම පිලිතුරු දුන් බවයි.

ජනාධිපතිවරයාට හා එම පවුලට සහ රාජ්‍ය රහස් ලංකා ඊ නිවිස් වෙබ් අඩවියට ලබා දිමට සමිබන්ධයෙන් තුසිත හල්ඔලුව එරෙහි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිළි කිරිමට ජනාධිපති මාධ්‍ය ඒකකය තිරණය කර ඇති අතර එහි පලමු පියවර ලෙස තුසිතගේ සභාපති කම නැති කර තිබේ.

නිතිපති දෙපාර්තමේන්තුවට යොමු කරන පොලිස් මුල්‍ය අපරාධ කොඨඨාශය සිදුකරනු ලබන විමර්ශනවල රහස්‍ය වාර්තා ජනාධිපතිවරයාට හා එම පවුලට සහ රාජ්‍ය රහස් ලංකා ඊ නිවිස් වෙබ් අඩවියට ලබා දෙමින් සිරිසේන බයකරගත් තුසිත හල්ඔලුව විසින් ලබා ගැනිමෙන් පසුව එම වාර්තා ලංකා ඊයා නිවුස් හරහා ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින්අදාළ කප්පම් සහ ලිංගික අල්ලස් ලබා ගැනිම සිදුකරන බව සාක්ෂි සහිතව අනාවරණය වි  ඇති බව අප මීට පෙර අනාවරණය කළා.

http://www.lankanewsweb.today/archives/12897

Top