Featured

රනිල්ගේ වහලා සිරිසේන බැඳුම්කර හොරු නිදහස් කරයි…

මහ බැංකු බැඳුම්කර කෝප් කමිටු වාර්තාව හරහා අර්ජුන් මහේන්ද්‍ර ඇතුලු හොරු රැල අනාවරණය කර තිබියදි ඒ පිළිබඳව වචනයක් හෝ කතා නොකර සිටි රනිල් වික්‍රමසිංහගේ වහලා වන ජනාධිපති සිරිසේන අද මහරගම හන්දියේ එජාපයට විකුණු ශ්‍රීලනිපය සදහා පාක්ෂිකයින් බදවා ගැනිමේ උත්සවයට පැමිණි සියයක පමන ජනතාව ඉදිරියේ ප්‍රථම වතාවට බැඳුම්කර වංචාව ගැන කතාවක් කලේ ආපූ සියය චුන් කිරිමටය.

මහ බැංකු බැඳුම්කර පිළිබඳ සිදුවීමේ නිරීක්ෂණ සහ විමර්ශන කටයුතු සියලු දේශපාලන මැදිහත්වීම්වලින් තොරවිය යුතු අතර අදාළ පරීක්ෂණ අපක්ෂපාතී හා ස්වාධීන අධිකරණ කි‍්‍රයාමාර්ගයක් සඳහා යොමු කරන බවත් තමා පැවති ආණ්ඩුවෙන් එළියට පැමිණ සියලුදෙනාගේ සහයෝගයෙන් නව ආණ්ඩුවක් බිහිකරමින් ජනාධිපති ධූරයට පත්වූයේ වැරදි කරපු කොටසකට දඬුවම් දීමටත් තවත් කොටසකට වැරදි කිරීමට ඉඩ දීමටත් නොවන බව ද සිරිසේන පොරක් මෙන් පවසා තිබේ.

පාර්ලිමේන්තුවේ නීති රීතිවලට ගරු කරමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව කෝප් කමිටුව අදාළ කටයුතු කරගෙන ගියද ඒ පිළිබඳ නොයෙකුත් තර්ක විතර්ක ඉදිරිපත්ව ඇති නමුත් නිසි අධිකරණ කි‍්‍රයමාර්ගයක් තුළින් නිවැරදි තීරණයක් ජනතාවටට ලබාදීමට හැකිවනු ඇති බවටද සිරිසේන අමුතු කතාවක් කියා සිටියා.ඒ අනුව නිවැරදි තිරණය වෙන කිසිවක් නොවේ අධිකරණය හරහා ලෝක හොරා වෙච්ච අර්ජුන් පමණක් නොව අලී හොරා උන රනිලුත් ගලවා ගැනිම ඉතා පහසු වැඩකි.

ජනතාව චුන් කල සිරිසේන….

රනිල්ගේ වහලා සිරිසේන බැඳුම්කර හොරු නිදහස් කරයි… by lnwtoday

මේ අතර කෝප් වාර්තාවට රනිල් රෙජිමය ෆුට් නෝට් දැමීම නිසා අධිකරණ ක්‍රියාමාර්ගයකදී හොරු බේරෙන්න පුළුවන් බව පසුගියදා අලුත් පාර්ලිමේන්තුවේ වැඩසටහනට එක්වෙමින් නීතීඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා අවධාරණය කර සිටියා.එ අනුව මහ බැංකු බැඳුම්කරය හරහා බිලියන දහස් ගණනක් රටට අහිමි කල අගමැති අලී හොරා සහ අර්ජුන් ඇතුලු බෑනාවරුන් බේරා ගැනිමට සිරිසේන -රනිල් ගේමක් ගසා අවසන් බව දැන් ඉතා පැහැදිලිය.

අනිත් අතට යහපාලනයේ අධිකරණ ස්වාධීනකම ගැන දැන් රටේ ජනතාවට අමුතුවෙන් කියාදිය යුතු නැත.ඊට ආසන්නම සහ සරලම ක්‍රියාදාමය වන්නේ මරණ භිය නිසා හදිසියේම රණවිරුවන් සිහිවි කල කතාවත් ඒ සමගම මාස ගණන් සිරකුඩු වල ගාල් කරගනිමින් පලිගත් රණවිරුවන් එකවරම අධිකරණය හරහා ඇප නියම කිරිමය.

රනිල් රෙජිමය ෆුට් නෝට් දැමීම නිසා අධිකරණ… by lnwtoday

Top