Published on: Nov 21, 2016- මෙරට පුද්ගලයන් තිස් දෙදෙනකු සිරියාවට ගොස් අයි එස් අයි එස් සංවිධානය හා සම්බන්ධව සිටින බවද ගුරුවරුන් බව පවසමින් මෙරට මුස්ලිම් පාසල්වලට පැමිණෙන විදෙස් පුද්ගලයන් කිහිපදෙනකු දරුවන්ගේ මනසට අන්තවාදය ඇතුළත් කරන බව අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පසුගියදා අනාවරණය කිරිමත් සමග අයි එස් අයි එස් සංවිධානයේ සමාජිකයන් සම්බන්ධයෙන් අප කල අනාවරණයන් සියල්ලම සත්‍යක් බව තවදුරටත් තහවුරු වි තිබේ.
ජාත්‍යන්තරය කුමක් ප්‍රකාශ කළත් අවශ්‍ය වුවහොත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යළි ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.
අයිඑස් අයි එස් සංවිධානය කෙරෙහි ජනතාව තුළ විශාල බියක් ඇතැයි කී ඇමැතිවරයා මෙරට ක්‍රියාත්මක විදේශ බුද්ධි අංශ කිහිපයක් ඔස්සේ අනාවරණය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පවුල් හතරකට සම්බන්ධ පුද්ගලයන් තිස් දෙදෙනකු අයි එස් අයි එස් සමඟ සම්බන්ධ වීමට සිරියාවට ගොස් ඇති බව යෑයිද ප්‍රකාශ කළේය.
මේ අය සාමාන්‍ය පවුල්වල අය නොවේ. උගත් සමාජ වැදගත් කමක් ඇතැයි පිළිගන්නා, පවුල්වල අය. බේරුවල, කල්මුණේ කල්එළිය සහ කුරුණෑගල මුස්ලිම් ජාත්‍යන්තර පාසල්වලට දේශන පවත්වන්නට සංචාරක වීසා මත පිරිස් එනවා. ඔවුන් මේ දරුවන්ගේ මනසේ අන්තවාදය වපුරනවා. දරුවන්ගේ මනස විකෘති කරනවා. බරපතළ ගැටලුවක් ඇතිවෙමින් තිබෙනවා.
තවුපික් ජමාද්, ජමාතේ ඉස්ලිම්, තව්ලික් ජබාද්, සුන්නත්වැල් ජමාද් නමින් නිකායන් හතරක් තියෙනවා. ඔවුනොවුන් ගහ මරා ගන්නවා. මිනි මැරුම් සිදුව තිබෙනවා. බරපතළ සිද්ධීන් 15 ක් වාර්තා වී තිබෙනවා. ඔවුන්ගේ අභ්‍යන්තර අරගලය රටේ අරගලයක් ලෙස පත්කර රට යළි අරාජික කරන්න අපි ඉඩ දෙන්නේ නෑ.
ඒ අනුව ලංකාව තුල වත්මන යහපාලනයට සම්බන්ධව සිටින සිරිසේන ජනාධිපතිවරයාගේ නීති කටයුතු පිලිබද උපදේශක ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ලංකාවේ ක්‍රියාත්මක වන ISIS ත්රස්තවාදීන් සමග කෙලින්ම සම්බන්ධ බවට අප අවස්ථා ගණනාවකදි අනාවරණය කර සිටියා.
අයි. එස්. අයි. එස්. (ISIS)ත්‍රස්තවාදී කණ්ඩායමට සම්බන්ධ පුද්ගලයන් ශ්‍රී ලංකාවේ රැකවරණය ලබාදිමට ප්‍රධාන පෙළේ අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ කොළඹ ආශ්‍රිතව දැවැන්ත ව්‍යාපාර මෙහෙයවන ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සිටින බව බුද්ධී අංශ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු ආරක්ෂක ප්‍රධානින් හමුවේ අනාවරණය කර තිබේන බවත් ISIS ත්රස්තවාදීන් යහපාලන අමාත්‍යවරුන් වන පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා සහ කර්මාන්ත හා වානිජ අමාත්‍ය රිෂාඩ් බදුයුදින් පවත්වන සබඳතාවයන් පිළිබඳව අප කල අනාවරණයන් ඊයේ පාර්ලිමේන්තුවේදි හොරාගේ අම්මාගේන් පෙන අසන්නා සේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් අප Lankanewsweb.today වෙබ් අඩවියේ නම පවසමින් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායකගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්ණ කරමින් උත්සහ කලේ අප කල අනාවරණය අසත්‍යක් බව ජනතාව හමුවේ පෙන්විමටයි.
2016 අප්‍රියෙල් 06
Lankanewsweb.today කල ISIS අනාවරණය පාර්ලිමේන්තුව කළඹයි(Video)
ISIS ත්‍රස්තවාදී සමග සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන ඇති බව ඔත්තු සේවා අනාවරණය කර තිබු ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කර වර්තමානයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නීති කටයුතු පිලිබද උපදේශක ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ISIS ත්‍රස්තවාදී සමග ඉතා සමිප සම්බන්ධතාවයක් ඇති බවට මේ LNW ඔත්තු සේවා අනාවරණය කර තිබේ.
2015 ජුලි 23
Exclusive:ISIS ත්රස්තවාදීන්ට තරුණයන් සපයන්නේ ෆයිසර් මුස්තාපා!-රහස් පොලිසිය පරික්ෂණ අරඹයි
ඉදිරිදින කිහිපය තුලදි ISIS ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල විමට ඇති ඉඩකඩ සියයට 90 දක්වා වර්ධනය වි ඇති බව හමුදා බුද්ධි අංශ රජයට අනතුරු අගවා තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.කිසිදු අරමුණකින් තොරව ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල විය හැකි බවත් ඇතැම් විට එය කොළඹ දිස්ත්‍රික්කයේ පාසලක් හෝ නුවර පාසලක් හෝ යම් රජයේ ආයතනයක් ඉලක්ක කර එල්ල විමේ අවදානමක් පවතින බවයි හමුදා බුද්ධි අංශ අනාවරණය කර ඇත්තේ.
2016 ජුලි 07
ISIS ප්‍රහාරයක් අතලග! -කොළඹ,නුවර ඉල්ලක වේ
අයි. එස්. අයි. එස්. (ISIS)ත්‍රස්තවාදී කණ්ඩායමට සම්බන්ධ පුද්ගලයන් ශ්‍රී ලංකාවේ රැකවරණය ලබාදිමට ප්‍රධාන පෙළේ අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ කොළඹ ආශ්‍රිතව දැවැන්ත ව්‍යාපාර මෙහෙයවන ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සිටින බව බුද්ධී අංශ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු ආරක්ෂක ප්‍රධානින් හමුවේ අනාවරණය කර තිබේ.
2016 මාර්තු 28
ISIS සමග ඇමතිවරුන් දෙදෙනෙකු සහ ව්‍යාපාරිකයන් රැසක්! බුද්ධී අංශ වාර්තාවේන් ඇත්ත හංගයි
කොළඹ 12 හමීඩ් අල් හුසේන් පිරිමි විද්‍යාලයේ විදුහල්පති පාසල තුල විවිධ කණ්ඩයම් ලවා ISIS අන්තවාදී මතවාද පතුරුවා හැරිමට කටයුතු කරමින් සිටින බව පාසලේ සිංහල, මුස්ලිම් දරුවනේගේ හා ගුරුවරුන් සාක්ෂි සහිතව අනාවරණය කර තිබේ.
2016 පෙබරවාරි 01
හමීඩ් අල් හුසේන් විදුහල්පති ISIS මෙහෙයුමක
පසුගිය දින 90ක කාලය තුල එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකරකම් සීඝ්රයෙන් වර්ධණය වි ඇති බව හමුදා බුද්ධි අංශ ජනාධිපතිවරයාට විශේෂ වාර්තාවක් හරහා අවධාරණයට කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.මීට දින 10කට පෙර පැවැති විශේෂ ආරක්ෂක මණ්ඩල රැස්විමේදි මේ සම්බන්ධයෙන් අවධාරණය කර ඇති අතර උතුරේ සහ නැගෙනහිර සිද්ධින් මාලාවක් සම්බන්ධයෙන් මෙම වාර්තාව හරහා අවධාරණය කර තිබේ.
2016 මැයි 05
ISIS ත්‍රස්තයෙකු යාපනයේදි කොටි නායකයන් හමුවෙලා-දින 90ක් තුල කොටි ක්‍රියාකාරකම් ඉහලට
ISIS ත්‍රස්තවාදී සංවිධානයෙ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීයෙකු මිට දින 3කට පෙර ලංකාවට පැමිණ ඇති බවට අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කර තිබේ.සිරියාවේ Al Nabak නැමති ප්‍රදේශයේ ප්‍රබල ක්‍රියාකාරි නායකයෙකුව සිට පසුව ලෙබනනය හරහා පාකිස්ථානයට පැනවිත් ඇති අල්-බුසර් අල්-දිවා නැමත්තා මේ අකාරයට ලංකාවට පැමිණ ඇති බවයි මේ වනවිට අනාවරණය වි ඇත්තේ.
2016 ජූනි 08
ISIS මරාගෙන මැරෙන ත්‍රස්තවාදීයෙකු ලංකාවට-ප්‍රභූ ඝාතනයක් අතලග
ISIS ත්‍රස්තවාදී සංවිධානයෙ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීයෙකු පසුගියදා ලංකාවට පැමිණි බවට අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු ජුනි 8 වැනිදා කළ අනාවරණය සම්බන්ධයෙන් වු පිටපතක් ආරක්ෂක මණ්ඩලයට යොමුකිරිමට කටයුතු කර එති බවත් දින 3ක් ඇතුලත් ඒ සම්බන්ධයෙන් වහාම තමන්ට නිශ්චිත තොරතුරක් අවශ්‍ය බවත් ආරක්ෂක අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කළා.
2016 ජුනී 03
ඩකා ප්‍රහාරයෙන් ආරක්ෂක ඇමතිට වලිප්පුව හැදේ,ලංකාවට පැමිණි ISIS ත්රස්තවාදීයා ගැන වාර්තාවක් ඉල්ලයි
තිස් වසරක කාලය මිනිමරු කොටි ත්රස්තවාදීන්ගේ බැට කා….මහින්ද රාජපක්ෂ සහ ගොඪාභය රාජපක්ෂට පිංසිදුවන්නට නිදහස් කරගත් මවුබිම මුස්ලිම් අන්තවාදි ISIS සංවිධානය විසින් ආක්‍රමණය කිරිමේ අවදානමකට මුහුණ දි සිටින බවට යුධ හමුදා බුද්ධි අංශ සිය වාර්තා හරහා යහපාලන රජයට අනාවරණය කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යේදෙන විශේෂ වාර්තාකරු සදහන් කළා.
2016 ජනවාරි 05