Featured

අපී කියු දෙයක් වැරදිලා නෑ….TNA බෙදුම්වාදීන් අයවැයට අත් උස්සයි…

සිරිසේන රට පාවාදෙයි …TNA බෙදුම්වාදීන් සමග පැය 2ක් පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක යනුවෙන් සහ එම සාකච්ඡාවලදිසිදුවු එකඟතාවන් සදහා බෙදුම්වාදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය කැමැත්ත පලකිරිම හේතුවෙන් අයවැය අවසන් ඡන්දය විමසිමට ද්‍රවිධ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් 16 දෙනාම පක්ෂව ඡන්දය ලබාදිමටද කැමැත්ත පලකර තිබේන බවට අප පසුගිය නොවැම්බර් 25, වැනිද අප කල අනාවරණය සත්‍යක් කරමින් සිරිසේනගේ බෙදුම්වාදී ආණ්ඩුව ආරක්ෂා කර ගැනිම සදහා අද අය වැයට පක්ෂව ද්‍රවිධ ජාතික සන්ධානය ඡන්දය ලබාදුන්නා.

2017 වසර සදහා වූ අයවැය වැඩි ඡන්ද 110නිද් අද පාර්ලිමේන්තුවේදි දී සම්මත වු අතර අයවැයට පක්‍ෂව ඡන්ද 165ක්, විරුද්දව ඡන්ද 55ක් ලැබණු අතර මන්ත‍්‍රීන් හතර දෙනෙක් සභා ගැබේ සිටියේ නැති අතර ඒකාබද්ද විපක්‍ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්දව ඡන්දය භාවිතා කල අතර විපක්‍ෂ නායකයා ඇතුළු දෙමළ ජාතික සන්ධානය අයවැයට පක්‍ෂව ඡන්දය ලබා දුන්නා.

සිරිසේන රට පාවාදෙයි …TNA බෙදුම්වාදීන් සමග පැය 2ක් පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක

කවුරුන් මොනවා කිවත්..කුමණ බාධක එල්ල වුවද දෙමළ ජනයාට සාධාරණ ඉටුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරිමට තමන් කටයුතු කරන බවත් ඒ සදහා උපරීම විධායක බලය භාවිතා කිරිමට තමන් දෙවරක් නොසිතන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්‍යාලයේ දෙමළ සන්ධාන නායකයා සහ තවත් කණ්ඩායමක් සමග පැවැති විශේෂ හමුවේදි තහවුරු කර තිබේ.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක බෙදුම්වාදී දෙමළ සන්ධාන නායක ආර්.සම්බන්ධගේ කාර්‍යාලයේ පැය දෙකකට අධික කාලයක් පැවැති රැස්විමේදි ජනාධිපතිවරා හමුවේ ද්‍රවිධා සන්ධාන නායකයින් පවසා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා බලය බේදිමේ ක්‍රියාවලිය ජාත්‍යන්තරය හමුවේ ලංකා ආණ්ඩුව අත්සන් කල ගිවිසුම ප්‍රකාරව සිදුවිය යුතු නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායම් විවිධ විරුද්ධ මත දැරිම හේතුවෙන් තම පක්ෂය බරපතළ අර්බුදයකට මුහුණ දි සිටින බවයි.

උතුරට බලය නිසී අයුරින් බෙදෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් තම පක්ෂය ඇතුලු ජාත්‍යන්තර සංවිධාන මෙන්ම උතුරේ ජනයා දැඩි උනන්දුවකින් සිටින බවත් ආණ්ඩුවට සහය දිම් තින්දු වන්නේද ඒ සදහා ලැබෙන පොරොන්දු මත බවද ආර් සම්බන්ධන් පෙන්වා දි තිබේ.ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා කමිටුවට භාරදුන් ඇතැම් යෝජනා යම් වෙනස්කම් වලට භාජනය කර ඇති බැවින් ද්‍රවිධ ජාතික සන්ධානය ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඇතුලත් විශේෂ වාර්තාවක්ද ජනාධිපතිවරයාට ලබාදිමට එම සාකච්ඡාවෙදි කටයුතු කර තිබේ.

මේ අතර සියලු එකඟතාවන් සදහා බෙදුම්වාදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය කැමැත්ත පලකිරිම හේතුවෙන් අයවැය අවසන් ඡන්දය විමසිමට ද්‍රවිධ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් 16 දෙනාම පක්ෂව ඡන්දය ලබාදිමටද කැමැත්ත පලකර තිබේ.

අදාල සම්පූර්ණ අනාවරණය පහතින් බලන්න…

http://www.sinhala.lnwtoday.com/archives/14403

Top