Featured

කාන්තාවක් සමග බලහත්කාරයෙන් යහන්ගත විමට ඇයගේ පෙම්වතාට 6 වතාවක් හිසට විදුලිය අල්ලලා පිස්සෙකු කල පාහර ප්‍රා ඝාතකයා එල්ලා මරා දමනු!

ප්‍රගීත් අතුරුදහන් විම,පුජ්‍ය කතළුවේ රතනසිහ නාහිමියන්ට පහරදිම,පුජ්‍ය මාදුළුවාවේ සෝභීත නාහිමි ඝාතනය කිරිමේ අරමුණේන් උන්වහන්සේ වැඩ සිටි රැස්විමකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරිම,මහාචාර්ය ඒ.ඩි.වී.ද ඉන්ද්‍රරත්න මහතාට මැර ප්‍රහාරයක් එල්ල කිරිම,ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.එල් ගුණසේකර මහතාට මරණීය තර්ජන එල්ල කිරිම,සන්දීප් ගුණවර්ධන රීය අනතුරකට ලක්කර පලා යෑම,අචාර්‍ය ලෙස්ටර් ජෙම්ස් පිරිස් ශූරින්ගේ ඡායාරූපයක් විකෘති කර කූට ලේඛන සෑකසිම සහ 2015 ජනවාරි 3 වැනිදා අවි බලයෙන් සහ මැර බලයෙන් ආණ්ඩුව පෙරලන මෙන් සජීව රූපවාහිනි විවාදයකදි ප්‍රසිද්ධියේ ඉල්ලා සිටි පාඨ්ළී චම්පික රණවක අනුන්ගේ කාන්තාවක් සමග බලහත්කාරයෙන් යහන්ගත විම සදහා එම කාන්තාවගේ පෙම්වතාව පාඨලී චම්පික විසින්  6 වතාවක් හිසට විදුලිය අල්ලලා බේරිමේ පුවත සම්බන්ධයෙන් අද පාච රනවකගේ පෞද්ගලික සහකාරවරයා මාධ්‍යයට සාක්ෂී සහිතව අනාවරණය කළා.

මාධ්‍ය වෙත අදහස් දැක්වූ  පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ පුද්ගලික සහකාර වරයෙකු ලෙස දිගු කලක් සේවයේ නියුක්තව සිටි හර්ෂ බණ්ඩාර තිලකසිරි මහතා

img_7379මම හර්ෂ බණ්ඩාර තිලකසිරි.  චීන රුසියන් ජපන් කොරියන් භාෂා කීපයක් කතා කිරීමේ හැකියාව ඇති මා විධායක සූප වේදියෙක්.  මම අධ්‍යපනය ලැබුවේ ජපානයේ.  1997 ලංකාවට පැමිණි මා ත්‍රස්තවිරෝධී ජාතික ව්‍යාපාරයට බැදිල ඒ හරහා චම්පික රණවක ඇමතිතුමන්ව අදුනගන්නවා.  එතැන් සිට එතුමන්ගේ ලගින්ම ඉදගෙන එතුමන්ගේ හැම කටයුත්තකදීම සහය දක්වනව. 2007 වෙනකන් එතුමන්ගේ පෞද්ගලික සහකාර හැටියට මම කටයුතු කලා. 2007 ඉදල 2016 දක්වා එතුමන් දරපු හැම අමාත්‍යන්ෂයකම ඇමති කාර්ය මණ්ඩලයේ නිලයක් දරමින් එතුමන් ලගින්ම කටයුතු කලා.  නමත් මම එතුමන්ගේ කාර්යාල කටයුතු නෙමෙයිපෞද්ගලික කටයුතු වලයි යෙදිල හිටියේ.

2016 මම මහ නගර අමාත්‍යන්ෂයට අනුයුක්ත වෝටස් ඒජ් හෝටලයේ මුළුතැන් ගෙයි ප්‍රධානියා විදිහට වැඩකටයුතු කළා.  මගේ පෙම්වතිය විදේශිය කාන්තාවක්. නමින් මිහ්යුන් ලී. ඇගේ ව්‍යාපාර කටයුත්තක් සදහා මම අමාත්‍යවරයාට ඇයව හදුන්වා දෙනවා.  ඉන් දින කීපයකට පසු මට කතාකරන චම්පික අමාත්‍යතුමන් මගෙන් මගේ පෙම්වතිය ඉල්ලා සිටිනවා.

මම පැහැදිලිව එතුමන්ට කිව්වා ඇය ගණිකාවක් නෙමෙයි.  ඒ මගේ පෙම්වතියයි. ඒ නිසා මට මෙය කරන්න බැහැ කියා. එතැන් පටන් චම්පික රණවක ඇමතිවරයා වියරු වැටුනු ලෙසින් කටයුතු කරන්න පටන්ගත්තා. මට නිවසින් බැහැරවීම පවා තහනම් කලා.  මේ පීඩාව තව දුරටත් දරා සිටිය නොහැකි නිසා මම අමාත්‍යවරයාට පැවසුවා මට තවදුරටත් කටයුතු කරන්න බෑ ඔබ සමග. මට නිවසට යන්න අවශ්‍යයි කියලා. නමුත් ඔහු කිවේ මේ ගේට්ටුවෙන් එලියට යන්න දෙන්න බෑ කියලයි. මොකද මම එතුමන්ගේ සියළුම විස්තර දන්න නිසා මම ඒවා මාධ්‍යයට හෙළි කරයි කියල එතුමන් බය වුනා.  නමුත් මම එතුමන්ගේ නිවසින් යනව. එසේ ගොස් පිළියන්දල මගේ මහ ගෙදර නැවතුනත් මම එහි ඉන්නත් බය වෙනව. මොකද චම්පික රණවක කියන චරිතය සිල්රෙදි ඇදගෙන හිටියත් ඒ අස්සේ මහා භයානක කමක් තියෙනවා. මමඒක අත්දැකීමෙන්ම දන්නවා.

ඉන්පසු මම රත්මලානේ මගේ යාළුවෙක්ගේ නිවසේ නතරවෙනවා. එසේ ඉන්න අතරදී යු.ඩී. එකේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක චන්දන රණසිංහ කුරුදුවත්ත පොලීසියේ එස් අයි හේරත් ඇතුළු නිලධාරීන් සහ ඇමතිතුමන්ගේ පුද්ගලික රියදුරු ප්‍රදීප් අල්විසි යන අය පැමිණ මා බලහත් කාරයෙන් රැගෙන යනව. එසේ රැගෙන යන්නේ ඇමතිතුමන්ගේ නිල නිවසට යන බව පවසමින්. නමුත් මා රැගෙන යන්නේ අංගොඩ මානසික රෝහලටයි. මා එම රෝහලට ඇතුල් කරනවා. මසකට අධික කාලයක් මා එහි රදවාගෙන මට කරන්ට් අල්ලමින් ප්‍රථිකාර කරනවා. දින හයක් පමන මට කරන්ට් අල්ලනවා.  ඉන් අනතුරුවයි මා නිදහස් කරන්නේ.

ඉන් පසු නිවසට පැමිනෙන මම මසකට ආසන්න කාලයක් මම නිහඩව ඉන්නවා. ඒ අතතර මට දිගින් දිගටම තර්ජන එන්න ගන්නවා චම්පික රණවක ගැන මා දන්නා තොරතුරු හෙලිකලොත් මා මරා දමන බවට.

මගේ පියා ගත්කතුවරයෙක් වන පන්ඩිතසිරි තිලකසිරි.  මගේ පියාටත් ඇමතිතුමන් පුද්ගලිකව කෝල් කරල කියනව සුකී (හර්ෂ බණ්ඩාර ) මම ගැන මාධ්‍යට හෙලි කලොත් අනිවාර්යෙන් හිරේ විලංගුවේ දානව කියල. මේ විදිහට මට දිගින් දිගටම එල්ල වන චෝදනා දරාගන්නට බැරුව මම පිළියන්ද පොලීසියේ පැමිණිල්ලක් කරනවා. සී 284 / 291. එහි අංකය. මා පැමිනිල්ල කරන්නනේ 2016.11.16 වන දින. නමුත් මේ පැමිණිල්ලට පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑ. පොලිසිය කරන්නේ මේ සදහා කිසිදු සම්බන්ධයක් නැති මගේ පෙම්වතිය සොයාගෙන ගිහින් ඇයට බලපෑම් කරනව මට පිස්සු බවට කට උත්තරයක් දෙන්න කියල. නමුත් ඇය එය ප්‍රතික්ෂේප කරනවා.  දෙවනි දවසටත් මෙ ගොල්ල ගිහින් ඇගේ නිවස ඉස්සරහ කෑ ගහල අවනම්බු වෙන විදිහට හැසිරිලා කට උත්තරයක් ඉල්ලනවා.  නිවසේ සේවය කරන ගෘහ සේවිකාවට පවා තර්ජනය කරමින් ඇගේ පුත්තලමේ නිවසට ගොස් ඇගේ පුතාට තර්ජනය කර තියෙනවා අම්මා හෝ මට විරුද්ධව පැමිණිලි නොකලොත් හිරේ දමන බවට.

මේකේ ලොකුම විහිළුව තමයි මේ ගිය එකම පොලිස් නිලධාරියෙකුටවත් ඉංග්‍රීසි බැහැ. පිලියන්දචල පොලීසියේ අයි පී හේරත් ඇතුළු පිරිසක් තමයි මේ කටයුත්ත සදහා ගියේ.

මට චම්පික රණවක ඇමතිතුමන්ට මඩ ගහන්න කිසිම අවශ්‍යතාවයක් නෑ.  මම එතුමන්ගේ පුද්ගලික කාරනා ලෝකෙට හෙලි කරන්නෙත් නෑ. මටයි මගේ පෙම්වතියටයි ඔබ මන්ගෙන් වන ඒවගේම ඔබතුමන්ගේ ගෝලයන් හෙන්චයියන් සහ පොලිසියෙන් සිදුවන හිරි හැර නවත්තල මට මගේ පාඩුවේ ඉන්න දෙන්න.

හර්ෂ බණ්ඩාර තිලකසිරි මාධ්‍ය හමුවේ කල අනාවරණයේ විඩියෝව …

පාහර ප්‍රා ඝාතකයා එල්ලා මරා දමනු! by lnwtoday

මාධ්‍ය හමුවේදී පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ ජාතික සංවිධායක මධු මාධව අරවින්ද මහතා මාධ්‍ය වෙත දැක්වු අදහස්.

කාලීන දේශපාලනික කරුණු කාරණා තමයි සුවිශේෂි වූ දිනවල අපි මෙතෙක් ඉදිරිපත් කළේ. නමුත් අද ඉදිරිපත් වෙන්නේ එහෙම කාරණාවක් නෙවෙයි. මිනිසෙක්ට තමන්ගේ ජිවිතයේ විදින්නට වන ඉතාම සංවේදී අවස්ථාවක්  කියා ගන්නට කිසි තැනක් නැති කොට ඒ තමන්ව පාගන තමන්ගේ පුද්ගලික ජිවිතයේ තමන්ගේ පෙම්වතියට තමන්ගේ ජිවිතයට නිදහසේ ඉන්නට නොදෙන කොට මිනිසෙක් මෙය කාට කියන්නද කියන තැනකට මේ රට ඇවිල්ලා තියෙනවා. ඔබට එය සිද්ද වුණා නම් ඔබට එය දැනේවී අපි මේ කතාවට ඉතාම සංවේදීව සහ වේදනාව වෛරයත් සමග ඇහුම්කන් දෙමු. මොකද මම හිතනවා මිනිසෙක්ට මෙහෙම තත්වයකට මුහුණ දෙන්න වුණාම ඔහුගේ අව නඩුව අහන්න බලය සහ බලය නිසාම කෙනෙක්ට තමන්ගේ අවනඩුව කියන්න නීතියක් පොලීසියක් කිසිම තැනක් නැති කොට අපි තීරණය කලා පාලමක් වෙන්න ඔහු සිදුවේලා තියෙන අසාධාරණය සමාජ ගත කරන්න. ගෞරවනීය ඔබට ආරාධනා කළේ අහන්න ප්‍රශ්න කරන්න. අපිට කිසිවක් නෙවෙයි සිද්දවෙන්නට ඔනේ. ලංකාවේ නීතියක් තියෙනවා මිනිසෙක්ට මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් නීතිය ඔහු බලාගත යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා.

අද අපි කතා කරන්නට යන්නේ සුකි කියන කොටි නාමයෙන් හදුන්වන හර්ෂ තිලකසිරි නැමැති වසර 16ක් චම්පික රණවක ඇමතිතුමාගේ පෞද්ගලික සහකාර ලෙස කටයුතු කල මිනිසා සම්බන්දවයි. එකපාරට කාටහරි හිතෙන්ට පුළුවන් දේශපාලනික වන තරහක් නිසා කියලා අපි පැහැදිලිවම කියනවා අපිට අවශ්‍ය වසර ගණන නෙවෙයි මනුස්සයෙක්ට වෙච්ච අසාධාරණ සමාජ ගත කිරීම. වසර 16ක් පා ච රණවක සමග ඉන්න සුකි නැත්නම් හර්ෂ තිලකසිර නැමැත්තා එකපාරටම මොකද මේ කියන තමන්ගේ අවනඩුව. තමන් හිටිය කදවුරට ඔහු විරුද්ධව  වෙන්නේ මොකද?

ඔහු කියන අකාරයට ඔහුගේ පුද්ගලික ජිවිතය ඔහුටත් ඔහුගේ පෙම්වතියටත් නිදහසේ තමන්ගේ ජිවිතය ගෙවා ගන්නට බැරිතැනකට ඔහුගේ ජිවිතය තල්ලුවන කොට එයට විරුද්ධ වීම නිසා ඔහු සහ පා ච රණවක අමාත්‍යවරයා අතර විරසකයක් හට ගන්නවා. ඒ තමයි මුලබිජය මේ ප්‍රශ්නයේ.  එතනින් එහාට 2016 සැප්තැම්බර් මස 10 වන දින බලහත්කාරයෙන් පොලිසි නිලධාරින් සහ රජයේ නිලධාරින් යොදා ගෙන හර්ෂ තිලකසිරිව පැහැර ගන්නවා. බලහත්කාරයෙන් ඔහුව මානසික රෝගියෙකු යැයි ව නිර්දේශ කොට ඔහුව මානසික රෝගියෙකු තත්වයට පත්කර මානසික රෝහලට යවනවා. හිතන්න මනුස්සයෙක්ට මෙහෙම වෙන එක සධාරණද? මේ අපි ජිවත් වන සමාජය තුල. ඔහුගේ රෝගි තත්වය ඔවුන් විසින්ම තීරණය කරලා ඔහුට විදුලි සැර ප්‍රතිකාර ඔහුට වුවමනා නැතත් දිගින් දිගටම ලබා දෙනවා. ඊට පස්සේ මේවා හෙළිකළොත් ඔහුව විනාශ කරන බවට තර්ජනය කරනවා. ඔහුට මේ අවනඩුව කියන්නට කෙනෙක් නැති නිසා ඔහුගේ මිත්‍රෙයක් වන මාධ්‍යෙව්දී ශාන්ත විජේසුරියටත් ඔහු මේ පිළිබදව හෙළිකරනවා. ඔහුටත් තර්ජනය කරනවා හෙළිකළොත් මරා දමන, කරදරකරන බවට ඒ සම්බන්දවද පිළියන්දල පොලිසියේ පැමිණිල්ලක් කර තිබෙනවා.

ඊට පස්සේ අද වනතුරු මේ පිළිබද පරික්ෂණයක් මේ පුංචි හුලගටත් වැනෙන මද සුළගටත් වැනෙන යහපාලන නීතිරිති මනුස්ස හදවතක මේ වේදනාව තමන්ගේ අවනඩුව තමන්ගේ පුද්ගලික ජිවිතයට සහ බලයක් විසින් එය පාගා දමන කොට ඔහුගේ  අවනඩුව කියන්නට කිසිම පරික්ෂණයක් එතනින් ඉදිරියට ගිහින් නැහැ.

අපිට තියෙන ප්‍රශ්නය ඒකයි අපි පාලමක් වෙනවා මේ ඔහුට පමණක් නෙවෙයි අපි ඔනෑම කෙනෙක්ට එලෙස බලය අයුතු විදියට පාවිච්ච් කරන්නන් වෙනුවෙන් ඔවුන්ට විරුද්ධව පාලමක් වෙන්න සැදීපැහැදි ඉන්නවා. අපි දන්නවා දුෂණ විරෝධි පෙරමුණ, පුරවැසි බලය, සාධාරණ සමාජයක් වැනි අපුරු නම් වලින් පැමිණි දේශපාලන වන්දි බට්ටයන් ඡන්ද ලග පමණක් කෑගහන අයුක්තියක් අසාධාරණයක් වෙන්වෙන් කිසිම දිනයකි පාරට නොබැස්ස ඔවුන්ගෙන් කිසි හඬක් නෑ මේ සම්බන්ධයෙන්. ඒ නිසා අපි ඉතාම සංවේදීව කෙනෙක් තමන්ගේ ජිවිතයේ බොරුවක් හදමින් තමන්ගේ පුද්ගලික ජිවිතය නැති බංගස්තාන කරගන්න කැමතිවෙන එකක් නෑ මනුස්සයෝ හැටියට ඒ කියන්නට කොනක් නැත්නම් ඔහුව පාගාදමන්ට හදන්නනේ යම් කිසා රජයේ බලයක් සහිත කෙනෙක් නම් ඒ බලයට විරුද්ධව නැගිටින්ට ඔහුට ශක්තිය දීම අපි හිතනවා අපේ පරම යුතුකමයි කියලා.

කලින් කල අනාවරණය …………

http://www.sinhala.lnwtoday.com/archives/14765

patalir-1 patalir-2 patalir-3 patalir-4

 

 

 

Top