Breaking
24 Jan 2025, Fri

ප්‍රියංකර ඉල්ලා අස්විමට හේතුව මෙන්න…..ප්‍රවේශමෙන් සිරිසේන ඩැක්‍රියුලාට අදී

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීවිමට හේතුව එජාපයේ කෙනහිලිකම් හේතුවෙන් නොව ජනවාරියේ සිදුවන කැබිනට් සංශෝධනයයේදි කැබිනට් අමාත්‍යධුරයක් ලබා ගැනිම වෙනුවෙන් බව පුත්තලම් දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු අප විශේෂ වාර්තාකරු හමුවේ අනාවරණය කර තිබේ.

ඊයේ (30) දහවල් ජනාධිපතිවරයා හමුවී ප්‍රියංකර ජයරත්න රාජ්‍ය අමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීම පිළිබඳව දැනුවත් කර ඇති අතර පසුව ජනාධිපතිවරයාගේද කැමත්ත මත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී තිබේ.

පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනය කරන මුවාවෙන් ජනතාවට සිය කැමත්ත පලකිරිමට අවස්ථාව ලබා නොදෙමින් සිටින සිරිසේන -රනිල් පාලනය මේ පෙන්වමින් සිටින්නේ එම අධිපතිවාදයේ තවත් එක් දර්ශණයක් බව බත් නොකන හරකුන්ට නොතෙරුනද බත් කන බහුතරය එය හොදින්ම දනී.මේ යන විදියට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපාද ඉල්ලා අස් වුවහොත් ඒ ගැන බත් කන මිනිසුන් පුදුමයට පත්විය යුතු නැත.

සිරිසේන-රනිල් මැතිවරණ සිතියම හකුලයි…2017 මැතිවරණ නෑ යනුවෙන් අප පසුගියදා අනාවරණය කර පැය 24 ගෙවිමට පෙර සිමා නිර්ණ කම්ටු වාර්තාව භාර දීම තවත් මාස තුනකට කල් දමන ලෙස ජනාධිපතිවරයාම කමිටුවට නියෝග කිරිම හරහාද යහපාලන මැතිවරණ භීතීකාව මනාව තහවුරු වේ.

සීමා නිර්ණ කම්ටු වාර්තාව මේ මස අගදී ගැසට් කරන බවට පසුගියදා ජනාධ්පති මෛති‍්‍රපාල සිරිසේන නිදහස් පක්ෂ ආසන සංවිධායකයින්ට පවසා තිබු නමුත් අදාල වැඩසටහන අවසන් වු වහාම සිය බත් බැලයන් කැදවු සිරිසේන මහින්දගේ පොදුජන පෙරමුණ ලෙස අලූතින් පිහිටවු පක්ෂය වටා නිදහස් පක්ෂිකයින් එකතු වීම නිසා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එම පක්ෂයට අන්ත පරාජයක් අත්වන බවට බුද්ධි අංශ වාර්තා තහවුරු කර තිබිම හේතුවෙන් 2017 වසරේ කිසිදු මැතිවරණයක් නොපවත්වන අවධාරණය කර තිබේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්විම සියතින් ගෙල සිදගන්නා වැඩක් බව දන්නා සිරිසේන ඒකාබද්ධ විපක්ෂය දුර්වල කිරිම සදහා මෙන්ම රටේ ජනතාව ගොනාට ඇන්දවිමේ දැවැන්ත ඩ්‍රැක්‍රියුලා පන්නයේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බව අප අවස්ථා ගණනාවකදිම අනාවරණය කළා.

ඉතා ඉක්මනින්ම එජාප-ශ්‍රීලංකා ජාතික ආණ්ඩුව බිඳදැමිමට තමන් කටයුතු කරන බවත් ඒ සමගම විපක්ෂයේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන්ගේ කණ්ඩායමට විපක්ෂ නායකත්වය ලබාදිමට තමන් කටයුතු කරන බව නිල වශයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිය ශ්‍රීලංනිප කණ්ඩායමට නිළ වශයෙන් දැනුම් දි තිබේ.

රාජපක්ෂලා මර්දණය කිරිම සදහා තමන් ක්‍රියාත්මක කිරිමට ඉතුරුකරගෙන සිටි ප්ලැන් A මෙය බවත් ශ්‍රිලංකා නිදහස් පක්ෂය තමන්ගේ නායකත්වය යටතේ විපක්ෂය ලෙස පාර්ලිමේන්තුවේ පෙනී සිටිමත් ඒ අනුව විපක්ෂ නායක බලය තම කණ්ඩායමට ලැබිමත් හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය අනිවාර්යයෙන් දියවි යනු ඇති බවයි සිරිසේන ජනාධිපතිවරයා පෙන්වා දි ඇත්තේ.

http://www.sinhala.lnwtoday.com/archives/14724

http://www.sinhala.lnwtoday.com/archives/14775

http://www.sinhala.lnwtoday.com/archives/14876

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.