Featured

බණ්ඩාරනායකලාගේ දානය දෙන්න කතරගම ගිය චන්ද්‍රිකා ..මහින්ද දැක දානෙත් දමා පැනයයි

වසර ගණනාවක සිට කතරගම පුද බිමේ පැවැත්වෙන බණ්ඩාරනායක පවුලේ වාර්ෂික දානමය පිංකම සදහා සහභාගි විමට ගිය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කතරගමට පැමිණිමත් සමග දානයද අතරමග දමා කොළඹ බලා පැමිණ තිබෙනවා.අද සවස හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ අවමංලය උත්සවය අවසන් විමත් සමග හිටපු ජනාධිපතිවරයා අධිවේගී මාර්ගය ඔස්සේ කතරගම බලාගිය අතර ඒ සදහ ඔහුගේ පවුලේ සියලුම දෙනාද එකතු වි සිටියා.

අවමංගලය උත්සවය අවසන් වු සැනින් තමන් වටේ සිටි අයටත් කතරගම කරන මහා දාන පිංකම ගැන පුරාජෙරු කතා කි චන්ද්‍රිකා ගුවන් හමුවේ හෙලිකොප්ටරයකින් කතරගම බලාගොස් ඇති අතර බණ්ඩාරනායක පවුලට සම්බන්ධ නෑයන්ද එම අවස්ථාවට එක්ව තිබෙනවා.

පසුව කතරගමට ගිය හිටපු ජනාධිපතිනිය තමන්ගේ දානමය කටයුතු සම්පාදනය කරමින් සිටින අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද කතරගමට පැමිණ ඇති අතර මහින්ද ආ බව සැලවු වහාම කතරගමට පැමිණ සිටි අති විශාල ජනතාවක් ඔහු හමුවිමට සහ නව වසරට සුභ පැතිමට පොරකමින් පැමිණ තිබේ.

“අපේ රට බේරාගත් විරයා ඇවිල්ලා…..මහින්ද මහත්තයාට ජයවේවා ….” යනුවෙන් කෑ ගසමින් ජනතාව ඒ දෙසට දුවමින් පැමිණ ඇති අතර චන්ද්‍රිකාගේ දානමය කටයුතු සදහා රැගෙන ගිය කණ්ඩායමේ පිරිසද තමන් කරමින් සිටි වැඩ නතරකර දමා මහින්ද බලන්නට දිව ගොස් තිබේ.

ඒ සමගම කූපිත වු චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දානමය වැඩ කටයුතු නතරකර දමා හැරෙන තැපෑලෙන් කොළ බලා පිටත්ව ඇති අතර හෙලිකොප්ටරයක්ද අවශ්‍ය නැති බව පවසමින් කතරගමට පැමිණ තිබනු තමන්ගේ නිළ වාහනයෙන්ම කොළඹ බලා පැමිණ ඇති බවයි කතරගම සිටින අප විශේෂ වාර්තාකරු සදහන් කළේ.

මහින්ද කතරගම පුද බිමේ

15747793_10155762588073902_3853368095607056715_n 15825966_10155762589033902_4935140084441985691_n 15826500_10155762589238902_5613173837827083119_n

Top