Featured

2017 ලොකුම පචය මෙන්න සිරිසේන – රනිල්ගේ වොක්ස්වැගන් සමාගම

වොක්ස්වැගන් සමාගමේ කර්මාන්ත ශාලාවක් අද දිනයේ කුලියාපිටියේදී ආරම්භ කරන බව කියූවද එහි ආරම්භ කිරීමට නියමිය ඇත්තේ යුරෝපානු මෝටර් රථ එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් බව අද තහවුරු වුනා.

එහි පුවරුවල දැක්වෙන්නේ ‘වෙස්ටන් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි’ යනුවෙනි. වෙස්ටන් ඔටෝමොබයිල් ඇසේම්බ්ල යනු මෙරට සමාගමක් වන අතර ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කෙරෙන්නේ ඩොලර් මිලියන විසිහයයි දශම පහක ආයෝජනයකිනි.මෙහි අරමුණ වන්නේ වොක්ස්වාගන්, අවුඩි, රෙනෝල්ට් ඇතුළු යුරෝපීය වාන කොටස් ගෙන්වා එකලස් කිරීමයි.

මේ වන විටත් මයික්‍රො, AMW ආදී මෙරට සමාගම් විසින් වාහන කොටස් ගෙන්වා එකලස් කිරීමේ කාර්ය සිදු කරයි.

මෙම කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් වූ ගිවිසුමට ආයෝජන මණ්ඩලය සමග අත්සන් තබනු ලැබුවේ මෙරට වාහන ආනයන සමාගමක් වන සෙනොක් ඔටෝමොබයිල් සමාගමයි.

ලංකාවේ කර්මාන්ත ශාලාවක් සම්බන්ධයෙන් වොක්ස්වාගන් නිල වෙබ් අඩවියේ (vw.com) හෝ නිල සමාජ ජාල ගිණුම්වල කිසිදු තොරතුරක් සදහන් නොවීමද විශේෂයකි.

15826820_932217790241533_6277199795439184504_n 15873422_932217783574867_7954092984940453380_n-1

Top