Breaking
24 Feb 2025, Mon

සිරා පන්නන්න පොදු සටනක්….එ්කාබද්ධ විපක්ෂයෙන් පොදු අපේක්ෂකයෙක්

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විසින් 2020 දී පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරිපත්වන්නේ නම් එ්කාබද්ධ විපක්ෂය විසින්ද පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව එහි කැදවුම්කාර පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා යලිත් ජනාධිපතිවරයා වශයෙන් ඉදිරිපත් වීමෙන් ඉතිරි වී ඇති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයද විනාශ මුඛයට ඇද දැමීමකට ලක්වන බවද මන්තී‍්‍රවරයා පෙන්වා දුන්නේය.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා ගේ සුවදුක් විමසීමට පෙරේදා (13) වැලිකඩ බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදී මන්තී‍්‍රවරයා මේ බව සදහන් කළේය.

වර්තාමන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ගෙනයනු ලබන කි‍්‍රයාමර්ග මගින් එක්සත් ජාතික පක්ෂය දිනෙන් දින ශක්තිමත්වන බවද එ් සදහා වර්තමාන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරණු ලබන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන වගකිවයුතු බවද ප‍්‍රසන්න රණතුංග මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කළේය.

මෙහිදී මන්තී‍්‍රවරයා මෙසේද පැවසීය,

“ඇත්තටම මෛතී‍්‍රපාල සිරිසේන මහතා මැතිවරවණය කාලයේදී ලබාදුන්නු පොරොන්දු එකින් එක අද වෙනකොට කඩවෙමින් පවතිනවා. මුට්ටිය දාලා මොකක්ද වෙන්නේ කියලා බලන්න තමයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක මහතා මෛතී‍්‍රපාල සිරිසේන මහතා යලිත් වරක් ජනාධිපතිවරයා විදිහට ඉදිරිපත් වෙනවා කියලා කිව්වේ.”

“ඇත්තමට මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමග තරඟ කිරීමට එක්වෙන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතායි ඉතින් එ් වෙලාවේදී මෛතී‍්‍රපාල සිරිසේන මහාතාට තියෙන ජනතා අප‍්‍රසාදයත් එක්ක රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපතිවීම වලක්වන්න බැරිවෙනවා. එ් නිසයි අපි පොදු අපේක්ෂකයකු ගෙනඑ්ම තීරණය කළේ.”

“අපි එදාට ආප්ප න්‍යාය භාවිතා කරමින් නිසි කාලයේදී අපේ පොදු අපේක්ෂකයාව ජනතාව හදුන්වා දීමට පියවර ගන්නවා. අපේම කොනෙක් වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් වෙනත් කෙනෙක් වෙන්නත් පුළුවන්.” යැයිද මන්තී‍්‍රවරයා වැඩිදුරටත් පැවසීය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.