Featured

රනිල් කිව්වා මම එලෙව්වා….රනිල් විරෝධි මෛත්‍රී දොට්ට වැටුන හැටි..

උග්‍ර රනිල් විරෝධීයෙකු වන දකුණු පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මෙන්ම සජිත් පිළේ න්‍යායාචාරවරයෙකු වන මෛත්‍රී ගුණරත්න ලංකා ගල් අඟුරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඉවත්කිරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කටයුතු කළේ අගමැති රනිල් වික්‍රමසිංහගේ නියෝගය මත බව ඇමතිවරයා විසින්ම පිළිගෙන තිබේ.

කෙසේවෙතත් ඊයේ මාධ්‍ය හරහා ප්‍රකාශය වුයේ මෛත්‍රී ගුණරත්න විසින් පසුගිය කාල සීමාවේ ලංකා ගල් අඟුරු සමාගමට ගෙන්වු ගල් අඟුරු ටෙන්ඩරයෙන් ඩොලර් මිලියන දහයකට වඩා වංචාවක් සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒ හේතුවෙන් ජනපති නියමයෙන් මෛත්‍රී ගුණරත්න සහ ලංකා ගල් අඟුරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඉවත්කිරීමට කටයුතු කල බවයි.

මීට ආසන්නතම හේතුව වි ඇත්තේ පසුගියිදා අගමැතිවරයා විසින් මුල්ගල තැබු නන්දන ලොකුවිතානගේ රිජිඩ් ටයර් සමාගමේ ඉදිකිරිම් කටයුතු වලට සජිත් පාර්ශවයේ දුෂණ විරෝධි ඇම්බැට්ටයන් ජනාධිපති හමුවි කේළාම් කිමත් එම කේලම හේතුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්‌විස්‌ටර්ලන්ත සංචාරය නිමවා යළි ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක්‌ යෝජිත හොරණ ටයර් කම්හලේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්‌ඩලයට උපදෙස්‌ දී දිමත් ය.

නන්දන ලොකුවිතානගේ රිජිඩ් ටයර් සමාගමට ඩොලර් 40,000 වෙනුවට අක්තරයක් ලබා දී ඇත්තේ ඩොලර් 11,500 ක් මුදලකට වන අතර ඒ අනුව වාර්ෂික බදු මුදල අක්කරයකට රු. 100 ක් බවත් වාර්ෂික බදු මුදලින් පමණක් අක්කරයකට ඩොලර් 3849 ක පාඩුවක් රජයට සිදු වන බවත් අක්කර 100 සදහා සිදුවන පාඩුව ඩොලර් 384,900 ක් බවත් පවසමින් අදාල අයොජන ව්‍යාපෘතිය සදහා ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සිරිසේනගෙන් තනතුර ගත් ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය අත්සන් නොකර සිටිමයි.

එම අත්සන් නොකර සිටිමට මුලිකවම බලපෑම් එල්ල කර ඇත්තේ සජිත් කල්ලිය වන අතර එම මෙහෙයුම පසුපස සිරිසේනගේ සමිපතමයා මෙන්ම න්‍යායාචාර්වරයා ලෙස කටයුතු කරන ශීරාල් ලක්තිලකද සිටින අතර ගල් අඟුරු සම්බන්ධයෙන් වු ගැටලුව මුල්කර ගනිමින් ගුණරත්නට ෂොට් එක දිමට අගමැති කටයුතු කර තිබේ.සමහර විට ඉදිරි දින කිහිපය තුලදි සභාපති නීතිඥ උපුල් ජයසූරියටද එම ඉරණමට මුහුණ දිමට සිදුවන් අතර එහි ස්වරූපයේ වෙනසක් විය හැකි බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.

කිළීගෙන් පඩි ගන්නා සජිත් පේ‍්‍රමදාස මහතාගේ දැඩි හිතවාදියෙකු වන එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු දකුණු පළාත් සභා මන්ත‍්‍රී මෛත‍්‍රී ගුණරත්න පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් අගමැතිවරයා ඉලක්ක කර ප්‍රහාරයක්ද දියත් කල අතර කිළීගේ කළණ මිතුරා වන සිරිසේන ජනපතිගේන ඉල්ලිමක් කරමින් කියා සිටියේ “අද වන විට අගමැතිවරයා ඇතුළු කුඩා පිරිසක් මුදල් හම්බ කිරීම සදහා වූ ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඇති බවත් ජනාධිපතිවරයාගෙන් දැන්වත් කසය අතට අරගෙන නිවැරදිව කිරිමට කටයුතු කල යුතු බවයි.”

ඉවත් කිරිමෙන් පසුව මෛත්‍රී ගුණරත්න නිකුත් කල නිවේදනය 

18-01-2017
ගල්අගුරු සමාගමේ සභාපතිධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව ප්‍රවෘත්ති නිවේදනයයි.

2017 ජනවාරි මස 15 වන ඉරිදා දිනයේදී විදුලිබල අමාත්‍යංශයේ ලේකම් විසින් අමාත්‍යවරයා වෙත ලියන ලද අසත්‍ය කරුණු රාශියක් ඇතුලත් ලිපියක් පදනම් කරගනිමින් 2017 ජනවාරි මස 17වනදා සවස් වන විට රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා විසින් මාගේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය ඉවත් කිරීමට කටයුතු කර ඇත.

මේ පිළිබඳ මා කිසිසේත්ම කණගාටුවට හෝ පුදුමයට පත්නොවෙමි. 2015 ජනවාරි 08 ජනවරම ලබාදුන් මෛත්‍රී පාලනයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ 10 වන පරිච්ඡේදයේ ජනතාවට පොරොන්දු වූ පරිදි ගල් අගුරු ආනයනයේදී සිදුවන මහාපරිමාණ දූෂණය ,වංචාව නතර කිරීම වෙනුවෙන් මා හට ගතහැකි සෑම පියවරක්ම මා විසින් ගන්නා ලදි.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග වූ නඩුවකදී කැබිනට් මන්ඩලය නොමග යවා ගල් අගුරු ටෙන්ඩරය පිරිනැමීමේ ගිවිසුමට අනුමැතිය ලබාගෙන ඇති බවත්, බලය ඉක්මවා කටයුතු කර ඇති බවත් කැබිනට් මන්ඩලය විසින් පත්කරන ලද ප්‍රසම්පාදන කමිටුව හා අමාත්‍යංශ ලේකම්වරයා සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා ඇතුළු ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය කරන ලද නිර්දේශ සම්බන්දයෙන් විෂය භාර අමාත්‍යවරයා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳව මා මවිතයට පත්නොවෙමි.

එමෙන්ම විගණකාධිපතිවාර්ථාව හෝ විධිමත්ව අධ්‍යයනය නොකර මා වෙතින් කිසිදු කරුනු විමසීමකින් තොරව මෙම තීරණය ගැනීම පිළිබඳව හෝ මා පුදුමයට පත්නොවෙමි.
මෙම ඉවත් කිරීම සිදුවුයේ රටට අතිවිශාල පාඩුවක් සිදුකරමින් වැඩිමිලට ගල්අගුරු මිලදී ගැනීමේ ක්‍රියාවලියට මා බාධාවක් නිසාය.ඉදිරියේදී තවත් ගල් අගුරු ටෙන්ඩරයක් සිදුකිරීමට නියමිත අතර, ඒ සදහා සැපයුම්කරුවන් ලියාපදිංචිය පසුගිය සතියේ සිට ප්‍රසිද්ධ කරන ලදි. ඊට ප්‍රථමව මා ඉවත් කිරීම මගින් ඔවුන්ගේ සිතැඟි ඉටුකරගැනීමට මෙම දූෂණයට සෘජුව හා වක්‍රව සම්බන්ධ පිරිස් උත්සාහ ගන්නා බව මම දනිමි.

පසුගිය වසර දෙකක කාලය තුළ මා විසින් නැව් ප්‍රමාද ගාස්තු,බත්තල් ගාස්තු හා කළමණාකරණ ගාස්තු වෙනුවෙන් කරන ලද වියදම් වලින් රුපියල් මිලියන 1053 ඉතිරිකර ඇති අතර මාගේ කාලය තුළදී අවශ්‍ය මුළු ගල්අගුරු ප්‍රමාණයම සපයාදීමට ද කටයුතු කර ඇත.

යහපාලන රජය තුළ තනතුරු දරණ බොහෝ පිරිස්වලට, මෛත්‍රී පාලනයක් ප්‍රතිපත්තිය පිලිබද හෝ යහපාලනයේ මූලික සංකල්පයන් හෝ හරයන් පිළිබඳවත් සැලකිල්ලක් නොමැති අතර යහපාලනයේ මුවාවෙන් හොරකම්,දූෂණ වංචා කරමින් ජනාධිපතිවරයා වෙත ජනතාව තබන ලද විශ්වාසය දිනෙන් දින පළුදු කරමින් පවතින බවත් සදහන් කරමි.

යහපාලන රජය තුළදී සිදුකරන ලද ගල්අගුරු වංචාව මගින් මහජන මුදල් ගසාකෑමට අදාල පාර්ශවයන් රටට හෙලි කිරීමෙන් නොනැවතී 2015 ජනවාරී 08 මේ රටේ ලක්ෂ 62කට වැඩි ජනතාව අපේක්ෂා කල යහපාලනය ඇති කිරීමේ සටන කුමන බාධක පැමිණියද ඉදිරියටත් සිදුකරන බවත් සහතික වෙමි. මෙම කාරණය සම්බන්ධව ජනාධිපතිවරයා ද දැනුවත් කර ඇති අතර අපක්ෂපාතී පරීක්ෂනයක් තුළින් සැබෑ වංචා කරුවන් හෙළිදරව් කරගනිමින් රටේ මහජන මුදල් ආරක්ෂා කරගැනීමට පෙළගැසෙන ලෙස සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිමි.

මෛත්‍රී ගුණරත්න

MY3

Top