Breaking
24 Feb 2025, Mon

සම්බන්ධන්ගේ බලපෑමට තහනම් අධි තාක්ෂණික සන්නිවේදන උපකරණ ජනපති මුදාහරි

ද්‍රවිධ ජාතික සන්ධාන නායක,විපක්ෂ නායක ආර්.සම්බන්ධන්ගේ සමීප ඥාතියෙකු වන සීවරාසා(නෑ කමට මස්සිනා වන) නැමත්තේකු පසුගිය 8 වැනිදා කොළඹ වරාය හරහා මේ රටට ගෙන්වු මෙරටට ගෙන්වීම තහනම් කර ඇති අධි තාක්ෂණික සන්නිවේදන උපකරණ සහිත කන්ටේනර පෙට්ටියක් ජනපතිගේ නියමයෙන් මුදාහැරිමට කටයුතු කර තිබේන බව අප අරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.පසුගිය 8 වැනිදා කොළඹ වරාය හරහා පැමිණී මෙම තහනම් බඩු තොගය සහිත කන්ටේනරය පෑලියගොඩ බහාලූම් අංගනයේ රේගුව බාරයේ රදවාගෙන තිබුන අතර පසුව ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයට දැනුවත් කිරිමට කටයුතු කර තිබේ.

KJU0465018 අංක දරන මෙම කන්ටේනරය ගෙන්වා ඇත්තේ දෙමළ ජාතික සන්ධාන නායක හා විපක්ෂේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ සමීප ඥාතියෙකු වන සිවරාසා නැමැත්තෙකු වන අතර අදාළ කන්ටේනර පෙට්ටිය කොටි ඩයස්පොරාව විසින් අමෙරිකාවෙ සිට එවා තිබේන බවටද මේ වන විට තොරතුරු අනාවරණය වි තිබේ.

රූපවාහිනි සම්ප්‍රේණය සදහා යොදවා ගන්නා උපකරණ සහ අධිතාක්ෂණික කැමරා උපකරණ මෙන්ම දැනට ලෝකයේ ත්‍රස්තවාදී කණ්ඩායම් භාවිතා කරන තහනම් සන්නිවේදන උපකරණ කිහිපයක්ද ඒ අතර තිබේන බවත් ඒවා භාවිතා කරමින් අවශ්‍ය ඔනෑම තැනක රූපරාමු චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ වීකාශය කිරිමට හැකියාව ඇති බවද රේගු පරික්ෂකයන් ආරක්ෂක අමාත්‍යංශයට දැනුම් දි තිබේ.

කෙසේවෙතත් ආරක්ෂක ලේකම්වරයා විසින් අදාළ කන්ටේනරය වහාම මුදාහරින ලෙසට නියෝග කර තිබේන අතර ඒ අනුව අදාල කන්ටේනරය මේ වනවිට පෑලියගොඩ බහාලූම් අංගනයේන් ඉවත් කරගෙන ගොස් තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.