Breaking
24 Feb 2025, Mon

සිරා මහේන්ද්‍රන්ට ජම්පර් අන්දවන මුවාවෙන් රටේ ජනතාව ගොනාට අන්දලා….ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව අමු පට්ට කෙප්පයක්

මහානායක හිමියන් ලගතබා ගනිමින් “අපේ හාමුදුවනේ මම හොරුන්ට ඉන්න දෙන්නේ නෑ හිටං… ” යනුවෙන් රටේ ජනතාව ගොනාට අන්දවා මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳව සොයා බැලීමට පත්කල විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව අමු පට්ට කෙප්පයක් බව අනාවරණය වි තිබේ.ඒ හරහා සම්පුර්ණයෙන්ම රටේ ජනතාව රවටා ඇති අතර කොමිසම ක්‍රියාත්මක වන කාලය තුළ බැඳුම්කර ගණුදෙනුව සිදු ආකාරය පිළිබදව හා එහිදී සිදු වූ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලෙනු ඇති නමුත් ඒ හරහා කිසිදු අධිකරණ ක්‍රියාවලියකට පිවිසිමට බලයක් නොමැති නිකම්ම නිකං සුදු අලියෙකු බවයි මේ වනවිට අනාවරණය වි ඇත්තේ.

මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස ඇතුලත් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කංකානි තන්ත්‍රි චිත්‍රසිරි, ප්‍රසන්න සුජීව ජයවර්ධන සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලෙයි කන්දසාමි වන අතර ඔවුන්ගේ එකම කර්තව්‍යය වන්නේ බැඳුම්කර වංචාව පිළිබඳව වග විභාගයක් පැවැත්වීමයි. ඒ අනුව වැරදිකරුවන්ට එරෙහිව කිසිදු පියවරක් ගැනීමට එම කමිටුවට හැකියාවක් නොමැත.මෙම කොමිසම තොරතුරු රැස් කිරීමේ අරමුණෙන් පිහිටුවන ලද කොමිසමක් බවට පත් වන අතර කොමිසම වෙත ඉදිරිපත් කරනු ලබන කිසිදු සාක්ෂියක් අධිකරණ නිතීය තුළදී භාවිතයට ගැනීමට නොහැකිය.

මෙම කොමිසමේ ප්‍රධාන පරමාර්ථය වන්නේ ශ්‍රීලංකා මහ බැංකුවේ කටයුතු මෙහෙයවිම, එහි පරිපාලනය සහ කළමනාකරණය පිළිබඳව විමර්ශනය කිරීම සහ විපරම් කිරීමයි. එමෙන්ම මහබැංකුවේ කාර්යයන් සිදු වීමේදී කවරාකාර හෝ බලය අයුතු ලෙස භාවිත වීමක් බලපෑමක්, මැදිහත්වීමක්, වංචාවක්, අවප්‍රයෝගයක්, ඥාති සංග්‍රහයක් සිදු වුණි ද, හෝ බැංකුවේ සිදු දූෂණයට සම්බන්ධ වන යම් නොකර හැරීමක් සිදු වුණිද යන්න පිළිබඳව සොයා බැලීමයි.

කෙසේවෙතත් මේ සඳහා සම්බන්ධ පාර්ශවයන්ට එරෙහිව පියවරක් ගැනීමට හෝ විනිර්මුක්තියක්(නඩු පැවරිමට නොහැකි වරප්‍රසාදය) හිමි පුද්ගලයෙකු කොමිසම ඉදිරියට කැදවීමට හෝ කොමිසමට බලය නොමැත. එමෙන්ම යම් වැරදි දෙයක් කළ පුද්ගලයෙක්ට එරෙහිව පියවරක් ගැනීමට හෝ ඔවුන්ව අධිකරණය ඉදිරියට පමුණුවීමටද එම කොමිසමට හැකියාවක් නොමැත.තම විමර්ශනය අවසානයේ තම කමිටුව විසින් සොයා ගත් කරුණු ඇතුලත් වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ලබා දීමට පමණක් මෙම කමිටුවට පැවරී තිබිම විශේෂත්වයක්.

සරලව ගතහොත් එම ජනාධිපති විමර්ශන කොමිසම පත් කරනු ලබන්නේ පාර්ලිමේන්තු කෝප් කමිටුව විසින් දැනටමත් සිදු කර අවසන් කර ඇති බැඳුම්කර ගණුදෙනුව පිළිබඳව සොයා බලා වාර්තාවක් සැපයීමට ය. දේශපාලන ව්චාරකයන් පවසන පරිදි එකම කාර්යය සිදු කිරීමට තවත් කොමිසමක් පැවතිමේ අවශ්‍යතාවය ඉතා පුදුම සහගතය. මෙය සම්පත් සහ කාලය නාස්ති කිරීමේ කාර්යයක් මිස තවත් යමක් නොවේ.

ඒ අනුව විගණකාධිපතිවරයා විසින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර ගණුදෙනුවට සaජුවම මැදිහත් එමින් රටට අවම වශයෙන් බිලියන 1.6ක් අහිමිකිරීමට වැරදිකරු බව පැහැදිළිව දක්වා තිබියදීත් ආණ්ඩුව විසින් අනවශ්‍ය ලෙස ඒ වෙනුවෙන් කාලය ගැනීමට මෙම කොමිසම පත් කර ඇති බව තහවුරු වේ.

“අධිකරණයට පිළිගත නොහැකි නම් පවතින ක්‍රියාකාරකමක් පිළිබඳව මෙවැනි කමිටුවක් විසින් තොරතුරු රැස් කිරිමේ අවශ්‍යතාය කුමක්ද?” කොහෙවත් නිකන් ඉන්න නාකී පප්පලාට කාලයක් විවිධ වරප්‍රසාද භූක්ති විදිමට මග සලසා දිම සහ රටේ ජනතාව ගොනාට අන්දවා සිරිසේනගේ මෙගා හොරු ගලවා ගැනිම මිස වෙන අන් කවරක්ද?

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.