Featured

මහින්දව නමන්න බැරිනම් පුංචි ඡන්දය නෑ …මංගලගේ සුනඛ රැලෙන් ප්‍රවේශම් වනු…..

පළාත් පාළන මැතිවරණය පැවැත්විම සම්බන්ධයෙන් අවසන් තින්දුව ගනු ලබන්නේ මහින්දගේ ඒකාබද්ධ පිළ සම්පුර්ණයෙන්ම මර්දණනය කර තමන්ගේ අතට ගැනිමෙන් පසුව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය බත් බැලයන් හමුවේ අනාවරණය කර තිබේ.මහින්ද රාජපක්ෂ ඇතුලු කණ්ඩායම වෙනම පක්ෂයකින් පළාත් පාලන මැතිවරණයකට තරග කිරිමට කටයුතු කරන්නේ නම් පළාත් පාලන මැතිවරණය 2018 දක්වා කල දමන බවද සිරිසේන ජනාධිපතිවරයා පවසා ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

කෙසේවෙතත් පළාත් පාලන මැතිවරණය පැවැත්විමත් ඒ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස හෝ තවත් කුඩා පක්ෂ එක් කර ගනිමින් මැතිවරණයට තරග කිරිම ඉතාමත් අනතුරු දායක බව මෛත්‍රී පිළේ බත් බැලයන් පෙන්වා දි ඇති අතර ඒ හේතුවෙන් පළාත් පාලන මැතිවරණයකට පෙර නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විම එජාප ඇතුලු අනෙකුත් කණ්ඩායම් සමග එකට ගොස් එය ජය ගැනිමට කටයුතු කිරිමෙන් පසුව පළාත් පාලන මැතිවරණය හෝ වෙනත් මැතිවරණයන් සදහා තරග කිරිම කලයුතු බවටයි මෛත්‍රී පිළ යොජනා කර ඇත්තේ.

කියවන්න – Attention:(ෆෙඩරල්) ව්‍යවස්ථාවට පවත්වන ජනමතවිචාරණයට දකුණ සූදානම් කරන මෛත්‍රී

මහින්දට පුස් කාලතුවක්කු ප්‍රහාරයක් ….

තමන්ට සහ තමන්ගේ පවුලේ දරුවන්ට මෙන්ම ඥාතින්ට අමු අමුවේ මඩ ගසන රුපියල් බිලියන ගණනින් කප්පම් ගන්නා කප්පම් හලොලුව හමුවිමට මංගලගේ නිවසට රිංගා ගත් සිරිසේන මංගලගේ බඩමහත පොන්නයන් සතුටු කිරිමෙන් පසුව ලංකා ඊ නිවුස් නිළ නොලත් කතෘ කප්පම් තුසිත හරහා මහින්ද ඉලක්ක කර කාලතුවක්කු මඩක් එල්ල කලද එම මඩට පිලිතුරු දෙමින් මහින්ද නුවර කල සංචාරය සහ ඊට ජනතාවගෙන් ලැබුනු සහය හමුවේ සිරිසේන අන්ද මන්ද වි සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

මහින්ද රාජපක්ෂ අගමැති රනිල් වික්‍රමසිංහ සහ නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක දෙදෙනා සමග රහස් සාකච්ඡාවක් පසුගිය 17 දා සිංගප්පූරුවේදී පවත්වා ඇතැයි කප්පම් තුසිත විසින් ගදයාගේ ගද ඊ නිවුස් පුවතේ අතේ පැලෙන කෙප්පයක් සටහන් කර තිබුනේ සිරිසේන මංගලගේ ගුබ්බැයමට රිංගා පැය 24 යාමත් සමගය.

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ දියණියට එරෙහිව ලංකා නිව්ස් වෙබ් අඩවිය හරහා ප‍්‍රචාරය කිරිමට තොරතුරු ලබා දී ඇත්තේ තුසිත හල්ඔලූව බවත් අණාවරණය වීමත් ඇයගේ නම විකුණමින් රුපියල් මිලියන 300කට ආසන්න මුදලක් කොල්ල කෑමත් හේතුවෙන් ඒ පිළිබඳව පරික්ෂණ පැවැත්විම සදහා විශේෂ පොලිස් කණ්ඩායමක් ජනාධිපතිවරයාගේ බලතල යටතේ යොදවා ඇති බවත් එම කණ්ඩායම දින කිහිපයක් කප්පම් තුසිතගේ නිවසට රිංගා ඔහුට අයත් සාක්ෂි රැසක් රැගෙන ගිය අතර ඒ සමගම කලිසමේ රී ගත් තුසිත මංගලගේ නිවසේ සැගවි සිටි අතර අප ඒ සම්බන්ධයෙන් අනාවරණය කල දිනයේම එනම පසුගිය 21 වැනිදාම මංගලගේ නිවසට බඩගාගෙන සිරිසේන මහින්දට මඩ ගැසිමේ සාකච්ඡාව සිදුකර ඒ සදහා මුල්‍ය වංචා ඇතුලු සියලුම චොදනා වලින් තුසිත නිදහස් කිරිමට එකඟ කරගෙන තිබේ.

නමුත් වැඩේ වැරදුනේ එතනය සිරිසේනගේ හාල් හොරා වන ඩඩ්ලිගේ සල්ලි වලින් ආතල් ගෙන මහින්දලා ඉලක්ක කර මඩ ගැසු ගදයාගේ පච හිලක් වු ලංකා ඊ නිවුස් කියන දේවල් පිලිගන්නට තරම් මේ රටේ මිනිස්සු මොඩයන් නොවන බව නිවුස් ලියන කප්පම් තුසිත මෙන්ම ගදයාද දැනගත යුතුය.ඒ සියල්ලටම වඩා තවමත් මංගල වැනි පොන්සියන් කියන පොන්න කතා ඇත්ත කරගන්නා අපේම කණ්ඩායමේ පිරිසක් සිටිම ගැනද ඇත්තේ කණගාටුවකි.වඩාත් ප්‍රවේශම් විය යුත්තේ ඔහුන්ගෙන්‍ ය.

එම අනවරණය කියවන්න –චතුරිකාට අනින්න ගිය හල්ලොලූව දෙකොනින් ඇන ගනී…මංගලත් අවමංගල වෙන ලකුණු

Top