Featured

ඩිලාන් වහාම දොට්ට දමනු! චන්ද්‍රිකාගෙන් සිරිසේනට නියෝගයක්!

ඩිලාන් පෙරේරා පෙරේරා සහ තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නී.අමාත්‍යධුරයන් දරණ දෙදෙනෙකු වහාම එම අමාත්‍යධුරවලින් ඉවත් කිරිමට කටයුතු කරන ලෙස ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උපදේශිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ශ්‍රීලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නියෝග කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

එක්සත් ජාතික පක්ෂ නායකත්වය විවේචනය කිරිම සහ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ඒකාබද්ධ විපක්ෂය සමග සමීප සබඳතාවයන් පැවැත්විම සම්බන්ධයෙන් තමන්ට තොරතුරු රැසක් ලැබි ඇති බවත් ඒ හේතුවෙන් යහපාලන ජාතික ආණ්ඩුවේ ඇමති කමක් මෙන්ම ශ්‍රීලනිපයේ වගකිමක් දැරිම එජාප,ශ්‍රීලනිප සංහිදියාවට බරපතල ගැටලුවක් බව චන්ද්‍රිකා සිරිසේනට පවසා තිබේ.

චන්ද්‍රිකා- ඩිලාන් ගැටුම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ආර්ථික තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් මීගමුවේ හෝටලයකදී පැවැත්විම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා අතරතුර දි චන්ද්‍රිකා කුමාරතුංග ඩිලාන් ඉලක්ක කර පහරදුන් අතර එම අවස්ථාවේ එම සාකච්ඡාවට එක්ව සිටි ජනාධිපතිවරයා පවා චන්ද්‍රිකාට දැඩි ලෙස බයට පත්ව සිටි බවයි අප වාර්තාකරු සදහන් කළේ.

“අගමැතිවරයා අස් කරන්න ඕන කියලා සමහරු තැන් තැන්වල ගිහින් කියනවා. එහෙම කතා කර කර ස්ථාවර ආණ්ඩුවක් හදාගන්නේ කොහොමද? චන්ද්‍රිකා දෙතුන්වරක්ම කියන්නට විය. ඒ සෑම අවස්ථාවකදීම මන්ත්‍රීවරු එතන සිටි ඩිලාන් පෙරේරා ඇමැතිවරයාගේ මුහුණ දෙස බැලුවේය. ඒ සෑම අවස්ථාවකදීම ඩිලාන් තරමක් අපහසුතාවට පත්විය.”

අපි රටේ ආර්ථික තත්ත්වය ගැන අවධානය යොමු කළ යුතුයි. කොහොම වුණත් මාසයක් ඇතුළත අපි තීන්දු තීරණ ගන්නවා. විසඳගන්න ඕන ප්‍රශ්න විසඳා ගන්නවා. කවුරු මොන වැරැද්ද කළත් අන්තිමට බැණුම් අහන්නේ මමයි. එක්සත් ජාතික පක්ෂයටවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටවත් පසුගිය මහ මැතිවරණයෙන් ජනවරමක් ලැබුණේ නැහැ. ජනාධිපතිවරයාට විතරයි ජනවරම ලැබුණේ. මට ලැබුණු ජන වරම අනුව මම පක්ෂ දෙකම එකතු කරගෙන ආණ්ඩුවක් හැදුවා. මට පැවරිලා තියෙන ජන වරම අනුව තමයි වැඩ කරන්න වෙන්නේ. මම ඒ වගකීම ඉටු කරනවා. ඒ වගකීම් ඉටුකිරීමේදී තීන්දු තීරණ ගැනීමට සිදුවෙනවා යනුවෙන් ජනපතිවරයා පවසා තිබුනා.

Top