Featured

බැඳුම්කර සල්ලි හොර පාරෙන් පිටරටට යද්දී ….හම්බන්තොට වරාය විකිණීමේ දී රුපියල් ට්‍රිලියන 1.4ක ගේමක් ගහලා

හම්බන්තොට වරාය විකිණීමේ දී රුපියල් ට්‍රිලියන 1.4ක දූෂණයක්

පිටු 74කින් යුත් හම්බන්තොට වරාය විකිණීමේ ගිවිසුම දේශප්‍රේමි නිලධාරින් මාර්ගයෙන් අපට ලැබී තිබෙනවා.  මේ ගිවිසුම හරහා ලංකාව සතු වටිනාම වස්තුව වන හම්බන්තොට වරාය තුට්ටු දෙකට චීනයට විකිණීමට සැලසුම් කර තිබෙනවා.  මෙහි දී චීනය අපට ලබා දෙන්නේ ඉදි කිරීම් පිරිවැයෙන් 80%ක් විතරයි.  ඉඩම් සඳහා කිසිම මුදලක් ගෙවන්නේ නෑ.  වරාය පිහිටි ඉඩම් ලෙස හෙක්ටෙයාර 780ක් නොමිලේ දුන්නත් එයින් වරාය ඇත්තටම තිබෙන්නේ හෙක්ටෙයාර 180ක විතරයි.  මීට අමතරව ටෑන්ක් ෆාර්ම් ඒරියා නමින් හඳුන්වන හෙක්ටයාර 100ක් ද දූපතේ හෙක්ටයාර  55ක් ද නොමිලේම චීන සමාගමට ලබා දෙනවා.

මෙහෙම නොමිලේ ලබා දුන්නාට වසර 99කට පස්සේ ලංකාණ්ඩුව ආපසු ලබා ගත යුත්තේ එවකට පවතින වෙළඳපොල වටිනාකම ලබා දීලා.  බව සඳහන් වෙනවා ගිවිසුමේ 43.1 වගන්තියේ.  චීනය විසින් තායිලන්තය හරහා ඉදි කරන ක්‍රා ඇල නිසා සිංගප්පූරු වරායේ වැදගත්කම දිය වී ගොස් ආසියාවේ වැදගත්ම වරාය බවට හම්බන්තොට වරාය පත් වන බව අපි මීට පෙර පෙන්වා දී තිබෙනවා.  හම්බන්තොට වරායේ වසර 99කට පසු වෙළඳපොල වටිනාකම කියන්නේ ලංකාණ්ඩුවට කිසි සේත්ම හිතා ගන්න බැරි තරම් වටිනාකමක්.  ඒ වගන්තිය එකතු කරන ගමන් චීනා රහසේ මුමුණන්න ඇති ප්‍රිය මාගම්පුර වරාය සොඳුර, සදහටම ඔබ මගේ.

වරායේ තවත් හෙක්ටයාර 500ක් 99 වසරකට බදු දෙනවා මේ සමාගමට.  වාර්ෂික බද්ද කීයද ? මිලියන 494යි.  මේ තියන්නේ තක්සේරු දෙපාර්තමේන්තුව එවා තිබුණු තක්සේරු වාර්තාව.  දැන් ඔය වරායේම ලාෆ් ගෑස් සමාගමට හෙක්ටයාර 12ක් බදු දීලා තිබෙනවා.  වාර්ෂික බදු කුලිය හෙක්ටයාරයට ඩොලර් 50,000යි.  ඒ කියන්නේ රු මිලියන 7.5යි.  වාර්ෂිකව ඩොලරයේ අගය පිරිහීම 7%කින් වන අතරේ 3%ක් වාර්ෂිකව බදු මුදල වැඩි වෙනවා.  ඒ කියන්නේ වාර්ෂිකව 10%ක් බදු මුදල වැඩි වෙනවා.  නමුත් ධනවත් චීනාට ලබා දෙන්නේ හෙක්ටයාරය 988,000 ගණනේ.  ලාෆ් සමාගමට 2013 දී ලබා දුන් මුදලට 2017 දී චීන සමාගමට ලබා දුන්නා නම් හෙක්ටයාරයට ඩොලර් 50,000 ගණනේ හෙක්ටයාර 2,000ට ලැබෙන මුදල රුපියල් කරන්න 150 වැඩි කලොත් ලැබෙන මුදල මිලියන 15,000යි.  නමුත් බදු දෙන මුදල මිලියන 494යි.  එක වසරකට පාඩුව මිලියන 14,506යි. වසර 99ට පාඩුව මිලියන වලින් කියන්න බෑ.  දිග වැඩියි.  බිලියන 1,436යි.  මේ දැවැන්ත මුදල ගියේ කාගේ සාක්කුවට ද?  ඒක සොයන්න ජනාධිපතිතුමාට බැඳුම්කර සිද්ධියේ දී වගේ තවත් ජනාධිපති කොමිසමක් පත් කරන්න වේවි.

කෙනෙක් කියන්න පුළුවන් හෙක්ටයාර 12ක් බදු දෙන මුදලටම හෙක්ටයාර 500ක් බදු දෙන්න බෑකියලා.  ඇත්ත මිළ අඩු වෙනවා.  සාමාන්‍යෙයන් 25%යි.  වැඩිම වුණොත් 50%ක් අඩු වේවි. ඒත් 3%ක් වගේ පොඩි ගණනක් දක්වා අඩු වෙන්න බෑනෙ.  ඒ නිසා මේ දැවැන්ත මුදල කාගේ සාක්කුවටද ගියේ කියන එක සොයා බලන එක දූෂණ විරෝධී රටට ආධරය කරන හැමෝගෙම වගකීමක්.

ඒ වගේම මේ ගිවිසුම අත්සන් කරන්න කලින් මේ පිළිබද සමාජ මතයක් හදල මේක නතර නොකලොත් මේ ගිවිසුම ගහල චීනය වගේ දැවැන්ත රටක් එක්ක එකගතා ඇති කර ගත්තට පස්සේ නැවත ඒවා කඩන්න බැහැ.  ඉංග්‍රීසි කියමනක් තියෙනව Do not catch anythingwhat you can’t throw awayකියල. අත්හල නොහැකි කිසිවක් අල්ල ගනන් එපා කියලයි ඉන් කියවෙන්නේ.

අපි මේ වරාය විකුණනනවට සම්පුර්ණයෙන්ම විරුද්ධයි. මොකද ලංකාවට ධනවත් රටක් වීමට මේ මාගම්පුර වරාය හරහා පුලුවන්.  මාගම්පුර වරායේ වටිනාකම අපේ නායකයන්ට නොතේරී මෙතන ගලක් වලක් විලක් පිහිණුම් තටාකයක් කියද්දී චීනය මේක මිලදී ගන්නට ඉදිරිපත් වෙන්නේ ක්‍රා ඇල ඉදිවීමෙන් අනතුරුව එහි නැව් ගමනාමනය පටන්ගත්තට පස්සේ හම්බන්තොට වරාය තරම් වටින වරායක් ලෝකෙම නෑ කියන එක චීන නායකයෝ දන්න නිසියි.

බැඳුම්කර සල්ලි හොර පාරෙන් පිටරටට

අර්ජුන් ඇලෝසියස්ට හිමි මෙන්ඩිස් අරක්කු සමාගම පාසිකුඩා, කුම්බුරුමුලී වෙම්බුලී, කඩකත‍රෛයි වීදි නැතිනම් වෙරළ පාරේ දැවැන්ත කර්මාන්ත ශාලාවක් ඉදිකරමින් පවතිනවා.  අපි දැක්කා මේ පලාත්වල ඉදිකිරීමක් ඡායාරූප අරගෙන පටිගත කරගෙන රූපවාහිනී නාලිකා වල වාර්ථා කලාම එම පලාතේ ඉඩම් නිලධාරියාට වෙඩ් තැබුවා. ඒ නිසා ජීවිත අවදානමක් සහිතව මේ ඡායාරූප අරගෙන ආවේ විශේෂ පණිවිඩයක් කියන්න.

මේ ඉදිවන්නේ අරක්කු නිෂ්පාදන කර්මාන්තශාලාවක් බවයි කියන්නේ.  අපිට ලැබී තියෙන තොරතුරුවලට අනුව මෙන්ඩිස් සමාගම බදු වංචාකරල තමන්ගේ බලපත්‍රය පවා අහිමි වු සමාගමක්.  එවැනි සමාගමකට සුරාබදු කොමසාරිස්වරයා තවත් අරක්කු කර්මාන්ත ශාලාවක් අරින්න බලපත්‍ර ලබාදීමේ ඉඩක් නෑ.  එහෙම ඉඩ දුන්නත් වෙරලක් අයිනේ කර්මාන්ත ශාලාවක් අරින්න ඉඩක් නෑ. මොකද පාසිකුඩා ප්‍රදේශය උග්‍ර ජල හිගයක් තියෙන ප්‍රදේශයක්. අරක්කු කියන්නෙත් ජලය දැවැන්ත ලෙස අවශ්‍ය කර්මාන්තයක්.

ඒ නිසා අපිට සාධාරන සැකයක් තියෙනවා බැඳුම්කර මගඩියෙන් වංචනිකව උපයාගත් බිලියන ගණනක මුදල් තව දුරටත් ශ්‍රී ලංකාවේ තබාගැනීම අවදානම් නිසා මේ කර්මාන්ත ශාලාවට යන්ත්‍ර සුත්‍ර ගෙන ඒමේ මුවාවෙන් විදේශ ගත කරන්න උත්සහ කරනවාද කියල.

යන්ත්‍ර සුත්‍ර වල සත්‍ය වටිනාකම මිලියන 500 යි නම් ඒ වටිනාකම වෙනුවට බිලියන 5 කට එම යන්ත්‍ර විකුණනසමාගම ඉන්වොයිස් කරනවා. එවිටඅදාල සමාගම ඒ මුදල ගෙවනවා. එතකොට අනික් සමාගම කරන්නේ තමන්ගෙන් මිලදී ගත් යන්ත්‍ර සූත්‍ර වල සත්‍ය වටිනාකම අරගෙන ඉතිරි මුදල විදේශ රටක  අර අනිත් සමාගමට අයත් බැංකු ගිණුමකට දානවා.

අපි කියනවා මේකට අධි ඉන්වොයිස් ක්‍රමය හරහා විදේශ විනිමය පිට රටට ගෙන යාම කියලා. මේක සුලභ ක්‍රමයක්.  අපිට සාධාරන සැකයක් තියෙනවාබැඳුම්කර මගඩියේ කළු සල්ලි මෙරට තබාගැනීමේ අවධානම පෙනෙන නිසා විදේශ ගත කිරීමේ උත්සහයක්ද මේ කියලා.

ඒ නිසා ජනපතිතුමනි අශ්වයා පැන ගියාට පසු ඉස්ථාලය වසා වැඩක් නැත.  මේ ගැන විමර්ශනය කරන්නට තිබුනේ පසුගිය වසර දෙකේ. දැන් කාලය ගෙව්වා හොදටම ඇති. පිවිතුරු හෙළ උරුමය මේ අර්බුදයට පස්විද වැඩ සටහනක් යෝජනා කලා.

  1. වංචනිකව ඉපයූ මුදල් අත්හිටුවා වහාම මහ බැංකුවේ භාරයට ගන්න.

අද වෙනතුරුත් මේක කලේ නෑ.  කලානම් මෙහෙම පිට රටවලට හොර පාරවල් වලින් සල්ලි ටික යවන්න වෙන්නෙත් නෑ.

 

  1. පපෙචුවෙල් ට්‍රෙසරීස් සමාගම සතු මුදල් තැරැව්කාර බලපත්‍රය වහාම අවලංගු කරන්න.

ඒ දේ කලේත් නෑ.  ඒ නිසා 2015 පෙබරවාරි මාසයේ කරපු බැදුම්කර වංචාව ඒ විදිහටම 2016 මාර්තු මාසයේත් කලා.

 

  1. වරද කරුවන් රටින් පිටවීම නවත්වන්න ගමන් බලපත්‍ර උසාවිය භාරයට ගැනීමට අධිකරණ නියෝගයක් ලබාගන්න.

ඒ දෙය ඉටුඋනෙත් නැහැ.

 

  1. කල් නොයවා නීතිපති හරහා මොවුන්ට විරුද්ධව අධි චෝදනා පත්‍ර ගොනු කරන්න.

ඒක අද වෙනතුරු නීති පති අධ්‍යයනය කරනවා. සමහර ලිපිගොනු පොලීසියෙන් නීතිපතිට ගිහාම පැය 24න් නීතිපති උපදෙස් පොලීසියට ලබාදෙනවා. නමුත් මෙහිදී දෙවසරක් ගතවෙලත් නීතිපති තවම බුදි.

 

  1. මේ දූෂනයේදී මහ බැංකුව ගැන හැමෝම කතා කලත් ලංකා බැංකුව සහ සේවක අර්ථසාධක අරමුදල ගැන කවුරුවත් කතා කරන්නෑ. ලංකා බැංකුවට ලබාදුන් දුරකථන ඇමතුමකින් බිලියන ගානක ණයක් පපෙචුවෙල් ට්‍රෙසරීස් සමාගමට දුන්නේ කොහොමද ? ලංකා බැංකුව සෘජුව බැදුම්කර මිලදී ගැනීම් කරන් නැතුව, පපෙචුවෙල් ට්‍රෙසරීස් හරහා මිලදී ගන්නට යාමෙන් මිලියන ගණනක ආදායමක් අහිමිකර ගත්තේ ඇයි? සේවක අර්ථසාධක අරමුදල සෘජුව මිලදීගන්නැතුව පපෙචුවෙල් ට්‍රෙසරීස් හරහා මිලදී ගත්තේ ඇයි.  මේ ගැන අද වෙන තුරු කිසිම සංවාදයක් නැහැ. පරීක්ෂණයක් නැහැ.

 

මහ බැංකුව කියන හ දෙස බලන අතරෙම වටේ තියෙන තරු දෙසත් බලන්න කියල අපි ආණ්ඩුවට සිහිපත් කරනවා.

2017 03 06 පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේදී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වු අදහස්.

මෙම මාධ්‍ය හමුව සදහා පක්ෂයේ මධ්‍යම කාරක සභික සීගිරියේ ධම්මින්ද හිමි සහ සංස්කෘතික කටයුතු ලේකම් උපුල් කෝණාර මහතා සහභාගිවිය.

IMG_9458

Top