Breaking
23 Jan 2025, Thu

ජ/පුර විශ්වවිද්‍යාලයේ ටෙරන්ස්ගේ අමුතුම වික්‍රමය…ගැසට්, පුවත්පත් දැන්වීම්,අයදුම්පත් නෑ හොර පාරෙන් කථිකාචාර්යවරියක් වන හැටි

උසස් පෙළ සමත් වී විශ්වවිද්‍යාලයට පැමිණ දෙවන වසරේදී විශේෂවේදී උපාධියට සුදුසුකම් ලබන ඕනෑම අයෙකුගේ සිහිනය හොඳ පන්ති සාමාර්ථයක් සමඟ ආචාර්යවරයෙකු වීමයි. ඒ සඳහා සුදුසුකම් තිබිය දී කවරෙකුගේ හෝ අවශ්‍යත්වයන්ට හා බලපෑම මත එම සිහිනය බොඳ වන්නේ නම් එය මහත් අපරාධයකි.

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සුදුසුකම් ඇති අයට සිදුවන අසාධාරණකම් අපමණය.ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ද එය සුලබය. දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ ද එසේ මය. අංශාධිපති ටෙරන්ස් පුරසිංහගේ අවශ්‍යතාවයට හා ඔහුගේ දේශපාලන හිතවත්කම් මත සුදුසුකම් අඩු නිබන්ධක සහායකවරියකට වැඩි සැලකිල්ල මේ දිනවල විශ්වවිද්‍යාලයේ කථාබහට ලක්ව තිබේ.

සෑම වසරකම වැඩිම ප්‍රථිඵල තිබෙන අය නිබන්ධක සහායක ලෙස පත් කළ යුතු වුව ද අංශාධිපතිගේ අවශ්‍යතාව මත මේ වන විට වසර තුනකට ආසන්න කාලයක් රඳවාගෙන සිටිමින් සුදුසුකම් තිබෙන අයට ලැබිය යුතු අවස්ථාව අහිමි කරමින් සිටී. පළමු පෙළ පංති සාමාර්ථයක් හා බැජ් ටොප් ලෙස සුදුසුකම් ඇති අයව වසරක කාලයක සේවයෙන් පසු ඉවත් කර එම වසරේම හයවැනියට ප්‍රථිපල ඇති තැනැත්තිය වසර තුනක් තබාගෙන වෙනත් අයගේ අවස්ථාවන් ද අහිමි කර ඇත. මෙය හුදෙක්ම සිදුවන්නේ අධ්‍යයනාංශ ප්‍රධාන ටෙරන්ස් පුරසිංහගේ අවශ්‍යතාවය මතය.

මෙහි උච්චතම තත්ත්වය නම් මේ වන විට වසර තුනකට වඩා නිබන්ධක සහායකින් තබාගත නොහැකි නිසා තාවකාලික කථිකාචාර්යවරියක් ලෙස ආයතන සංග්‍රහයට පරිබාහිරව බදවා ගැනීමට කටයුතු කරමින් සිටී. එනම් මැයි 08වන දින සම්මුඛ පරීක්ෂණ කැඳවා ඇත්තේ ගැසට් කර හෝ පුවත්පත් දැන්වීම් මගින් අයදුම්පත් කැඳවීමකින් තොරවය. එක් නිබන්ධක සහායකවරියකට විශේෂ සැලකිල්ලක් දක්වමින් දේශපාලන හා අනෙකුත් කාරණා මත අඩු සුදුසුකම් මත පත්කරවා ගැනීම පීඨාධිපතිට හා උපකුලපතිටද වගකීමෙන් බැහැර විය නොහැකිය.

අංශාධිපතිගේ දැඩි තීරණ හමුවේ සියලු අසාධාරණකම් සිදුවන අතර මෙයින් අගතියට පත්වන කිසිවකුට මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට හෝ නොහැකිය. එය ඵල රහිතය. නමුත් එයින් සිදු වන සමාජ අපරාධය අති විශාලය. මැයි 08 වන දින සිදුවන මෙම අසාධාරණ බඳවා ගැනීම එනම් අක්‍රමිකතාව පිළිබඳ තොරතුරු අංශාධිපතිගෙන්, පීඨාධිපතිගෙන්, උපකුලපතිගෙන් විමසා තහවුරු කරගත හැකිය.

අංශාධිපති  – ටෙරන්ස් පුරසිංහ 077346490 /0113188401

පීඨාධිපති – වන්ද්‍රකුමාර පතිරගේ 0112803196 / 2758310 / 2758312 -13

උපකුලපති – සම්පත් අමරතුංග 0714191558/0112802350

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.