Breaking
24 Feb 2025, Mon

දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ ජනතා බදු ගිලින සරත්

දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ උපයන විට ගෙවීමේ බදු හෙවත් (PAYE TAX) එකකයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන සරත් අබේරත්න නැමැත්තා රටේ ජනතාවගේ බදු මුදල් වලට කෙලවමින් බදු මුදල් අවභාවිතාවේ යොදවන බවට තොරතුරු රැසක් අනාවරණය වි තිබේ.

රාජ්‍ය සේවකයෙකු වන සරත් අබේරත්න නැමැත්තා රටේ ජනතාවගේ බදු වලට කෙලවා ඇති ප්‍රමාණය කොපමණද කිවහොත් සමාන්‍ය පවුලක රාජ්‍ය සේවකයෙකු වු සරත් සතුව මේ වනවිට ජපානයේ වාහන අංගනයක් ඇති අතර බදු වංචා කරමින් රටට වාහන ගෙන්වන කූට ව්‍යාපාරයක යේදි සිටින අතර ඊට අමතරව උපයන විට ගෙවීමේ බදු හෙවත් (PAYE TAX) හරහාද කූට ක්‍රම හරහා මුල්‍ය වංචා රැසක් සරත් විසින් කර තිබේ.

මේ වනවිට සරත් සතුව පෞද්ගලික පාවිච්චිය සදහා BMW සහ Mercedes-Benz භාවිතා කරන අතරම කොළඹ සහ අනුරාධපුරයේ නිවාස කිහිපයක්මද ඔහු විසින් මිළදි ගෙන ඇති අතර රාජ්‍ය සේවයේ විධායක පන්තියේ සේවකයෙකු ඒ තරම් මුදලක් උපයා ගැනිම පිළිබඳව දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානින්ගේද අවධානය යොමුව තිබේ.

මේ අතර දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන් ඉලක්ක කර කැලෑ පත්තර ගැසීමේ කුමන්ත්‍රණ කිහිපයක්ම සරත් නැමත්තා විසින් මෙහෙයවා ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉහළ නිළධාරින් විසින විශේෂ වාර්තාවක් හිටපු මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට ලබාදි ඇති නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද වාර්තා වේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.