Featured

ප්‍රා නායකයාගේ මාධ්‍ය ජුන්ටාව බිද වැටෙයි…ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති යකා නටයි

ජනමාධ්‍ය හා මුදල් අමාත්‍යංශයේ නව අමාත්‍ය මංගල සමරවීර මහතා වැඩ බාරගෙන පැය 8 ක් යන්නටත් මත්තෙන් ජනමාධ්‍ය අමාත්‍යංශය තුල පිලිකුල් සහගත කටයුත්තක් සිදුවිය. ඒ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතා සේවකයෙකුට බිම දමාගෙන පහරදීමට ගිය උත්සාහයක් හේතුවෙනි.

නව අමාත්‍යවරයෙකු පැමිණෙන නිසා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වාහන සංගණනයක් සිදුකර වාර්තාවක් සැකසීමට ලැබුණු උපදෙස් මත අමාත්‍යංශයේ සේවය කරන මංජුල මහතා විසින් අදාළ කටයුත්ත සිදුකරමින් සිටියදී නියෝජ්‍ය අමාත්‍ය පරණවිතානගෙන් ලද කැඳවීමක් හේතුවෙන් අමාත්‍යවරයා හමුවට ගොස් ඇත. එහිදී තමන්ගේ වාහනවලට අදාලව කිසිවක් ඇතුලත් නොකරන ලෙස උපදෙස් දී ඇති පරණවිතාන මහතා කියා ඇත්තේ “මගේ වාහන ගැන මොනවා හරි දාලා තිබ්බොත් තමුසෙව ඉතුරු කරන්නෙ නෑ” කියාය. සේවකයාගේ පිලිතුර වී ඇත්තේ “සර්ගේ ලඟ තියෙන පූල් වාහන ගැනයි ඔෆීෂියල් වාහන ගැනයි දැන්ටමත් දාලා තියෙන්නේ” කියාය. එහිදී “මොකාටද ඕක කරන්න ඕනේ වෙලා තියෙන්නේ?” යැයි අසමින් පුටුවෙන් නැගිට මංජුල මහතා අසලට ගොස් ඇති අමාත්‍යවරයා “තමුසෙගෙ සර්වත් අපි යවනවා, තමුසෙට ඊට පස්සෙ රස්සාවත් නැති කරගන්නද හදන්නෙ?” යැයි විමසා ඇත. ඊට පිලිතුරු දෙමින් මංජුල මහතා කියා ඇත්තේ “සර් මං කරන්නෙ රස්සාව, මට ඒකට ඉඩ දෙන්න” කියනවාත් සමගම නියෝජ්‍ය ඇමතිවරයා විසින් ඔහුව තල්ලු කර ඇත. අසල පුටුවකද වැටී බිම ඇද වැටුනු මංජුල මහතාව වෙනත් අය විසින් නැගිටුවද්දී නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂකයින් පැමිණ සිද්ධිය සමථයකට පත්කර තිබේ.

මෙම සිදුවීම මෙතෙක් ජනමාධ්‍ය අමාත්‍යංශයේ සිදුවූ අශික්ෂිතම සිදුවීම බව අමාත්‍යංශයේ දීර්ග කාලයක් සේවය කරන අය පවසයි. නිවෙන පහනක දැල්ල වැඩි වැඩියෙන් දඟලන බව දැක තිබේ.මේ සම්බන්ධයෙන් පොලිස් පැමිණිල්ලක් සිදු නොකර සිටින ලෙසට නියෝජ්‍ය ඇමති ආරක්ෂක අංශයෙන් මංජුල මහතාට පසුව තර්ජනය කර තිබේ.

ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමනි, වහාම මේ පිලිබඳ සොයා බලා අප වෙත සාධාරනයක් ඉටු කරන්න.

– අසාධාරණයට ලක්වූ ජනමාධ්‍ය අමාත්‍යංශ සේවක පිරිස –

Top