Featured

නල්ල මලේ යහපාලන නීතිය….ඇමති ඩබලක් අනිකාට කරන මරණීය තර්ජන ගැන CID පරික්ෂණ වහාම නවත්වයි…

පර්පෙචුවෙල් ට්‍රේෂරීස් සමාගම විසින් මිලදී ගත් කොල්ලුපිටිය මොනැක් සුපිරි නිවාස සංකීර්ණයේ පිහිටි සුඛෝපභෝගී නිවසක් අමාත්‍ය රවි කරුණානායකට පදිංචි වීමට ලබාදුන් බව අනාවරණය කළ අනිකා විජේසූරිය මහත්මියට හා ඇගේ පවු‍ලේ සාමාජිකයන්ට මරණීය තර්ජන එල්ල වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනකු ‍පොලීසියට දැඩි බලපෑම් එල්ල කර ඇති බව ‍පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි.

බැඳුම්කර කොමිෂන් සභාව හමුවේදී අනිකා විජේසූරිය මහත්මිය විසින් ඒ බව අනාවරණය කිරීමෙන් පසුව ප්‍රබල අමාත්‍යවරයකුගේ ඥාතියකු යැයි කියන පුද්ගලයකු විසින් අනිකා විජේසූරිය මහත්මියට හා ඇගේ පවු‍ලේ ඥාතීන්ට තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් ලැබුණ පැමිණිලි අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට ‍පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි.

පොලිස්පතිවරයාගේ එම නියෝගය අනුව අගතියට පත් පාර්ශ්වයෙන් ප්‍රකාශ සටහන් කර විමර්ශන විධිමත් ආකාරයෙන් ආරම්භ කොට තිබියදී එලෙස දේශපාලන බලපෑම් එල්ල කර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට උත්සහ දරන බවද වාර්තාවේ.

Top