Anonymous Reporter

Lankaenews තහනමින් මාධ්‍ය සංවිධාන වල මුඛ මුට්ටු වේ..කවර මාධ්‍යකට හෝ අවහිර කිරිම ආණ්ඩුවක ගමනක අවසානයද?

ලංකා ඊ නිවුස් (Lankaenews.com)  වෙබ් අඩවියට ශ්‍රී ලංකා ටෙලිකොම් හි අන්තර්ජාල පහසුකම භාවිතා කරමින් 2017-11-08 දින සිට පිවිසීමට නොහැකි වන සේ වාරණය කිරිම දැඩි ලෙස හෙලාදකින බව ශ්‍රි ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

2017-11-09

ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය අවහිර කිරීම සම්බන්ධයෙනි

 ලංකා ඊ නිවුස්  වෙබ් අඩවියට ශ්‍රී ලංකා ටෙලිකොම් හි අන්තර්ජාල පහසුකම භාවිතා කරමින් 2017-11-08 දින සිට පිවිසීමට නොහැකි වන සේ වාරණය කර තිබීම අප සංගමය දැඩි ලෙස හෙළා දකිමු. මෙම පියවර යහපාලන ආණ්ඩුව මාධ්‍ය මර්ධනය වෙනුවෙන් ගනු ලැබූ පළමු පියවර නොවන අතර මීට පෙර රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ සහ දේශපාලනඥයින් මාධ්‍ය නිදහසට කළ බලපෑමට අප විටින් විට විරෝධය පළ කළෙමු. මාධ්‍ය නිදහස සපථ කරමින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුවේ මෙවැනි පියවර ජනතාව සහ මාධ්‍ය සමාජය කිසිසේත් බලාපොරො‍ත්තු නොවන්නකි. ලංකා ඊ නිවුස් වෙබ්(lankaenews) අඩවිය වාරණයට ලක් කර ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිසමේ උපදෙස් පරිදි බව අපට විශ්වාසවන්ත ආරංචි මාර්ග හෙළිකර සිටියි.

මෙම වාරණ නියෝගය නිකුත් කළ විදුලි සංදේශ නියාමන කොමිසම පවතින්නේ ජනාධිපතිවරයා යටතේ වීමත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පවතින්නේ ජනාධිපතිවරයාගේ ස‍හෝදරයා යටතේ විමත් මෙම හදිසි වාරණයේ සුවිශේෂී කාරණයකි. ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය වාරණයට ලක් කිරීම පිළිබඳ ආණ්ඩුව වහා ප්‍රකාශයක් සිදු කළ යුතු බව අප අවධාරණය කරමු. පසුගිය මහින්ද රාජපක්ෂ රජය යටතේ ද ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය වාරණයට ලක් වූ අතර එකී ආයතනයට ගිනි තැබීම ද එහි මාධ්‍යවේදීයකු වූ ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම ද සිදුවිය.

ආණ්ඩුවක් විවේචනයට බිය විය යුත්තේ තමන් අත වැරදි ඇත්නම් පමණි. එසේ නොවන්නේ නම් එකී විවේචනවලට පිළිතුරු දීමට ඕනෑම මාධ්‍ය ආයතනයක් සහතික කර තිබේ. විචේනවලට පිළිතුරු දීම වෙනුවට මර්ධනයකට කැස කැවීම යහපාලන රජයකට නොවටිනා දෙයකි.

ලංකා ඊ නිවුස් වෙත සිදුකර ඇති වාරණය වහා ඉවත් කරන ලෙසත් මේ සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කරන ලෙසත්ජ නාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන්, ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය බාර අමාත්‍යවරයාගෙන් අප වැඩිදුරටත් ඉල්ලා සිටිමු.

සභාපති -දුමින්ද සම්පත්
ලේකම්-ලසන්ත රුහුණගේ

කතෘ සටහන….

යහපාලන ආණ්ඩුව ආරම්භ කර ව්‍යාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වමින් රටේ ජනතාව ගොනාට අන්දමින් යහපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදීය නාමයේන් සිදුවන මර්දනය හමුවේ නොබියව ජාතියට මගකියු lankanewsweb.today වෙබ් අඩවිය ඉතාම කෙටි කාලයික් තුල ජනතාව අතර අතීශය ජනප්‍රිය වෙබ් අඩවිය වු අතර ඒ සමගම ක්‍රියාත්මක වු යමපාලන වෙබ් අධවිය තහනම් කිරිමට කටයුතු කල අයුරු රටේ ජනතාවට තවමත් අමතක නැත.

lankanewsweb.today වෙබ් අඩවිය ලංකාවේ අවහිර කිරිමෙන් පසුව එම් වෙබ් අඩවිය ලංකාව තුල ක්‍රියාත්මක වෙමින් තිබු lnwtoday.com පිවිසුම ද අවහිර කර දැමු යහපාලන ආණ්ඩුව විවිධ අවස්ථාවල හැකර් වරුන් යැයි කියා පෙනී සිටින ලපයි සිපයියන් යොදවා ගනිමින් වෙබ් අඩවිය අත්පත් කර ගැනිමට මෙන්ම විවිධ පාර්ශවයන් හරහා තර්ජනය කිරිම හරහා වෙබ් අඩවිය නතර කිරිමට උත්සහ ගත් වාර ගණන අනන්තය.

www.lankanewsweb.today වෙබ් අඩවියට ලංකාව තුල අන්තර්ජාල සබඳතාවයන් හරහා ප්‍රවේශ විමට ඇති හැකියාවට අවහිර කරමින් යහපාලන මාධ්‍ය මිලටරිය විසින් ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතියට එල්ල කළ පහර පිළිබදව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට (UN Human Rights Council)අප වාර්තාවක්ද යොමුකල අතර ඒ සම්බන්ධයෙන් විපක්ෂය පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටතද කතා කලද එවකට රනිල්-මෛත්‍රී යහපාලන ඇස්බැන්දුමෙන් නිර්වින්දය වි සිටි මාධ්‍ය සංවිධාන යැයි කියා ගන්නා ලේකම්,සභාපති පමණක් හෝ සිටින පුද්ගලයන් මේ ආකරයට ආණ්ඩුවේ මාධ්‍ය මර්දනයට එරෙහිව පෙනී සිටිම ගැන් අප සතුට පල කරමු.

(lankaenews) වෙබ් අඩවිය සම්බන්ධයෙන් අපගේ මතය කුමක් වුවත් මාධ්‍ය නිදහස මෙන්ම තොරතුරු දැන ගැනිම සදහා ජනතාවට ඇති අයිතිය හිස් මුදුනින් පිළි ගන්නා අපද මේ අවස්ථාවේ (lankaenews) වෙනුවෙන් පෙනි සිටින අතර ලෝකේ කොතනක හෝ මාධ්‍ය ආයතන,මාධ්‍යවේදීන් මර්දණයට ලක්වන්නේ නම් කොන්දේසි විරහිතව එයට එරෙහි වන බව අප තරයේම අවධාරණය කරන අතරම ලංකා ඊ නිවුස් තහනම මෙන්ම lankanewsweb.today වෙබ් අඩවියේ තහනමද වහාම ඉවත් කිරිමට ආණ්ඩුව කටයුතු කලයුතු බවද අප රජයට මතක් කර දෙමු.

http://198.211.112.164/archives/13181

http://198.211.112.164/archives/15916

http://198.211.112.164/archives/15933

http://198.211.112.164/archives/14736

http://198.211.112.164/archives/13354

http://198.211.112.164/archives/14469

http://198.211.112.164/archives/13105

 

 

Top