Anonymous Reporter

දගර වලිග ලප වානර….. කොමිෂන් සභා 10ක් නිදිකරවු යහපාලනය

රාජ්‍ය පාලනයේ යහපාලනය ස්ථාපිත කිරීමට අදාළ අල්ලස් හෝ දූෂණ, වංචා විමර්ශන කොමිෂන් සභාව ඇතුළු කොමිෂන් සභා 10ක තනතුරු පුරප්පාඩු විශාල ප‍්‍රමාණයක් පිරවීමට ආණ්ඩුව ක්‍රියා නොකිරීමෙන් බරපතළ ලෙස ඒවායේ කටයුතු බිඳවැටීමට හේතු වී තිබෙන බව හෙළිවී ඇතැයි ලංකා ට්රුත් අඩවිය වාර්තා කරයි.

එම වාර්තාව මේ සම්බන්ධයෙන් විස්තාරාත්මත කරුණූ හෙලිදරව් කර තිබේ.

එම කොමිෂන් සභා 10යේ සිටිය යුතු අනුමත කාර්ය මණ්ඩල සංඛ්‍යාව 2,673ක් වී ඇති අතර දැනට බඳවාගෙන සිටින්නේ 1,606 දෙනෙකු පමණි. මේ නිසා 1,067 දෙනෙකුගේ පුරප්පාඩු පවතින අතර විශාලම කාර්ය මණ්ඩල පුරප්පාඩු පවතින්නේ අල්ලස් කොමිෂන් සභාවේ ය. එහි 1,028 දෙනෙක් සිටිය යුතු වුවද, 328 දෙනෙකු බඳවාගෙන 700 දෙනෙකුගේ පුරප්පාඩු පවතී.

මානව හිමිකම් කොමිෂන් සභාවේ 233 දෙනෙකු වෙනුවට 155 දෙනෙකු ද මැතිවරණ කොමිෂන් සභාවේ 776 දෙනෙකු වෙනුවට 674 දෙනෙකු ද අධිකරණ කොමිෂන් සභාවේ 110 දෙනෙකු වෙනුවට 75 දෙනෙක් ද සිටිති.

එයට අමතරව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ 197 දෙනෙකු වෙනුවට 167 දෙනෙක් ද මුදල් කොමිෂන් සභාවේ 77 දෙනෙකු වෙනුවට 47 දෙනෙක් ද ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාවේ 51 දෙනෙකු වෙනුවට 19 දෙනෙක් ද විගණන සේවා කොමිසමේ 43 දෙනෙකු වෙනුවට 21 දෙනෙක් ද පොලිස් කොමිසමේ 113 දෙනෙකු වෙනුවට 90 දෙනෙක් සහ ජාතික අධ්‍යාපන කොමිසමේ 45 දෙනෙකු වෙනුවට 30 දෙනෙක් වශයෙන් සේවයේ යොදවා ඉතිරි අති විශාල පුරප්පාඩු ප‍්‍රමාණය සම්පූර්ණ කිරීම පමා කරමින් තිබේ.

Top