LNN SPY

මහින්ද හදිසීයේම බන්දුල කැදවයි…..ඒකාබද්ධයෙන් ශ්‍රිලනිපයට යන අය සොයා ඒකාබද්ධයේ මෙහෙයුමක්!

Published on: Dec 02, 2017 – ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා හදිසි සාකච්ඡාවක් සදහා හිටපු ජනාධිපති ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානී මහින්ද රාජපක්ෂ මහතා සාකච්ඡාවක් සදහා කැදවා ඇති බව අප දේශපාලන වාර්තාකරු අනවරණය කළා.

ඒකාබද්ධ විපක්ෂයෙන් මෛත්‍රී ජනපතිගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට එක්විම සදහා පසුගිය දින කිහිපයේ සාකච්ඡාවක යෙදි සිටි බන්දුල ගුණවර්ධන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළ සමග එක්විමේ සුදානමක් ඇති බවට වාර්තා විමත් සමග මෙම හදිසි හමුව කැදවා තිබේ.අදාළ සාකච්ඡාව සදහා තවත් ඒකාබද්ධයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුට ආරාධානා කර තිබුනද ඔහුන් එම අවස්ථාවට එක්ව නෑ.

මෙහිදි දෙදෙනා අතර පැය ගණනක සාකච්ඡාවක් සිදුව ඇති අතර එම සාකච්ඡා සදහා ඒකාබද්ධයේ තවත්න් ප්‍රබලයන් කිහිප දෙනෙකුද සම්බන්ධ වි තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු අනවරණය කළේ.

ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවැති සාකච්ඡා බිඳවැටීමත් සමගම ඒකාබද්ධය නියෝජනය කරන ප්‍රබලයන් ශ්‍රිලනිපය සමග එකතු විම සදහා විවිධ සාකච්ඡා සිදුකරමින් පවතින අතර මේ වනවිට ජාතික නිදහස් පෙරමුණේ කිහිප දෙනෙකුම ශ්‍රිලනිප මෛත්‍රී පිළ සමග එකතු වෙමින් සිටින අතර ඒකාබද්ධ නියෝජනය කරන ශ්‍රිලනිප 5 දෙනෙකු ද ඉදිරි සතිය තුලදි මෛත්‍රී සමග එකතු විමට සුදානමි සිටි.

Top