LNN SPY

ඒකාබද්ධ,ශ්‍රිලනිප සාකච්ඡා අවසන්…..මහින්ද,මෛත්‍රී වෙන වෙනම සටනට ….

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර පැවැති සියලුම සාකච්ඡා අසාර්ථක අඩියකට පැමිණ් ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.දේපාර්ශවයෙම මන්ත්‍රීවරුන් අතර විවිධ සාකච්ඡා පැවැතියද ප්‍රධාන පාර්ශ්වයන් දෙක වෙන වෙනම තරග කිරිම සදහා තින්දුවක් මේ වනවිට ගෙන අවසන් බවයි දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

ඒ අනුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සිය නාම යෝජනා පත්‍ර සකස් කිරිම අවසන් කිරිමට තින්දු කර ඇති අතර ඒකාබද්ධයේ නාමයෝජනා සකස් කිරිමද මේ වනවිට අවසන් වටයට පැමිණ ඇති බවයි එහි ප්‍රකාශයෙකු සදහන් කළේ.

මේ අතර එක්‌සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය අතර ඇතිකරගත් සම්මුතිවාදී ආණ්‌ඩු ගිවිසුම ලබන 31 වැනිදායින් පසුව තවත් වසර දෙකකින් දීර්ඝ කර ගැනීමට දේපාර්ශවයම සූදානම් වන බව වාර්තා වේ. කෙසේ වෙතත් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා සාමාජිකයන් බහුතරයකගේ මතය වී ඇත්තේ සම්මුතිවාදී ආණ්‌ඩුව ලබන 31 වැනිදායින් නිමා කළ යුතු බවයි.

කෙසේවෙතත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂක ලෙස ජයග්‍රහණය කරවීම සඳහා පසුගිය ආණ්‌ඩුවෙන් ඉවත්ව පැමිණි වත්මන් ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසක්‌ මෙම ගිවිසුම දීර්ඝ කිරීම සඳහා මැදිහත්ව සිටින බව ද වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරයකුගෙන් විමසූ විට ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරනු ලබන මැති ඇමැතිවරු පිරිසක් අතරේ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

වත්මන් ජාතික ආණ්ඩුවට වසර දෙකක් ගතවීමෙන් අනතුරුව ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් මීට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දුන් බවත් මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදා වනතුරු ආණ්ඩුවේ සිටින ලෙස ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවත් එම අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එම නිසා දෙසැම්බර් 31 වැනිදායින් පසුව මේ ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ යළි සාකච්ඡා කරන බවත් ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා බවත් එම අමාත්‍යවරයා සඳහන් කෙළේය. පළාත් පාලන මැතිවරණය පෙබරවාරි මාසයේ පැවැත්වෙන නිසා ඊට පෙර හෝ පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගැනීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම ජේ‍යෂ්ඨ කැබිනට් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කෙළේය.

Top