LNN SPY

වෙනම ඉල්ලුවාට අලියා පිටේ නගීන්න බෑ….සුසිල් දෙවැනි ඉනිම අරඹයි… පුංචි සභාවේ බලය අල්ලන්න ශ්‍රිලනිප මෙහෙයුම..

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ වෙනම තරග කලද අවසානයේ එම පක්ෂය දිනාගන්නා මන්ත්‍රීධුර සියල්ලම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමග එකතු කර පළාත් පාලන බලය අල්ලා ගැනිමට හැකියාව ඇති බව ශ්‍රිලනිප මෛත්‍රී පිළ සහ මහින්ද පිළ අතර කපුකම කල අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මෛත්‍රී ජනපති සමග පවසා තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා .

පෙරේදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර පැවැති සාකච්ඡාවකදි සුසිල් පවසා ඇත්තේ පක්ෂ දෙක එකට එකතු කිරිමට තමන්ට නොහැකි වුවද මැතිවරණයෙන් පසුව ශ්‍රිලනිප කණ්ඩායමට බලය පිහිටු විමට අවශ්‍ය මන්ත්‍රීධුර මහින්ද කණ්ඩායමෙන් ලබා ගැනිමට හැකියාව ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් මේ වන විටත් ඒකාබද්ධ නායකයන් සමග සාකච්ඡා කර තිබෙන බවත් සාකච්ඡාවල තත්ත්වය කුමක් වුවත් එක්ස ජාතික පක්ෂය සමග ආණ්ඩු කරන තාක් එකතු විමට බෑ කී ඒකාබද්ධ මහින්ද පිළට කිසිවිටකත් පළාත් පාලන ආයතන තුල එජාපය සමග බලය පිහිටුවිමට නොහැකි බවයි අමාත්‍ය සුසිල් පෙන්වා දි ඇත්තේ.

කෙසේවෙතත් මැතිවරණය  අවසානයේ ය නියෝජනය කරමින් පොහොට්ටුවෙන් පත්වෙන මන්ත්‍රිවරුන් වෙනම වෙනම එකතු කර ගනිමින් පළාත් පාලන ආයතන තුල ශ්‍රිලනිප ප්‍රමුඛ ප්‍රධානියෙකු පත්කර ගැනිමට කටයුතු කලයුතු බවත් ඒ සදහා ආයතන මට්ටමින් දිනන මන්ත්‍රීවරුන් දිනා ගැනිම සදහා කටයුතු කල බවයි ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වි  ඇත්තේ.

ඒ හරහා ඒකාබද්ධ විපක්ෂය ගම්මට්ටමින් ලබා ගන්නා ජයග්‍රහණ දියකර හැරිමට හැකි බවයි ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වි ඇත්තේ.

 

Top