LNN SPY

බැදුම්කර වාර්තාව සමග පට්ටම් ගැලවිම ඇරඹේ.. නීතිපති දෙපාර්තමේන්තුව අගමැතිගෙන් ගැලවෙයි…. නීතිපති දෙපාර්තමේන්තුව ජනපති අතට!

නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතට ගැනිම සදහා සුදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

ජනපති බැඳුම්කර කොමිසමේ වාර්තාව නීතිපතිවරයාට යැවීමත් සමග මෙම තින්දුව ගැනිමට ජනපති සුදානම් වන අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් සමගද සාකච්ඡාවක ජනාධිපතිවරයා නිරත වි තිබේනවා.

මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව අගමැතිවරයා යටතේ පවතින අතර බැඳුම්කර කොමිසමේ වාර්තාව අනුව ඉදිරි පියවර ගැනීමට එය බාධාවක් වී ඇති බවත් මේ නිසා එය ජනාධිපතිවරයාගේ විෂය පථයට ඇතුළත් කර ගත යුතු බවයි ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් පෙන්වා දි ඇත්තේ.

මිට අමතරව නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතට පත් කරගනිමින් බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි පියවර නීතිපති දෙපාර්තමේන්තුව හරහා ගන්නා ලෙස මේ වන විට නායක හිමිවරුන්ගෙන්, වෙනත් ආගමික නායකයින්ගෙන් හා සිවිල් සංවිධාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවද වාර්තා වේ.

බැඳුම්කර කොමිසම මගින් ඉදිරිපත් කර ඇති නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නම් නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධිනව ක්‍රියාත්මක විය යුතු බවද අගමැතිවරයා යටතේ නීතිපති දෙපාර්තමේන්තුව තබා ගනිමින් කඩිනමින් අදාළ පියවර ගැනීමට නොහැකි බවයි ඔහුන්ගේ අදහස වි ඇත්තේ.

Top