LNN SPY

DSI කම්හලෙන් පාසල aඅනතුරේ..දැනුවත් කල පිරිසකට DSIමැරයෝ පහරදෙයි

බෝගහගොඩ ඩී.එස්.අයි. (DSI)කම්හලෙන් සිදුව පාරිසරික හානි සම්බන්ධව පාසල් දරුවන් හා ගුරුවරුන් දැනුවත් කිරීමේ කටයුතුවල යෙදුණු පිරිසකට පසුගිය (12) මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

බෝගහගොඩ දොරපෙ මහ විදුහලට යාබදව පිහිටුවා ඇති මේ රබර් නිෂ්පාදන කම්හල නිසා ගම්වාසින්ට හා විශේෂයෙන් පාසල් දරුවන්ට දැඩි සෞඛ්‍ය හානි ඇතිව තිබේ. මේ සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ ප්‍රදේශවාසින් විසින් කම්හල් බලධාරින්ට සහ දේශපාලන බලධාරින්ට කළ ආයාචනා කිසිවක් ප්‍රතිපලදායක වී නැත. පාසල් භූමියට යාබදව කම්හලින් නිකුත්වන විෂ දුම් නිසා පාසල් දරුවන් ක්ලාන්තව ඇද වැටෙන බවද කාලයක් තිස්සේ ගම්වාසින් ශ්වසන ආබාධවලට ගොදුරුවන බවද ප්‍රෙද්ශවාසිහු චෝදනා කරති. මේ තත්වය ඇතිවන්නට හේතුව ජනාවාසයක පිහිටුවා ඇති රබර් නිෂ්පාදන කම්හල බවට කිසිදු සැකයක් නැති අතර මෙම කම්හලට පරිසර බලපත්‍රයක්ද නොමැතිබව පාරිසරික සංවිධාන පවසති.

කාලයක් තිස්සේ සිදුවන පාරිසරික හානිය නිසා ප්‍රෙද්ශයේ ජල මූලාශ්‍ර භාවිතයට ගැනීමට නොහැකිව ඇති අතර ගම්වාසින්ගේ විරෝධය මැඩපවත්වන්නට කම්හල් හිමිකරුවන් විසින් විවිධ අල්ලස් දීමෙන් පක්ෂපාති පිරිසක් බිහිකරගෙන ඇත. එහෙත් තම ජීවිතවලට මෙන්ම දරුවන්ට බලපාන දීර්ඝ හනි නිසා ප්‍රෙද්ශවාසීන් බහුතරයක් කම්හල ඉවත්කරන ලෙසට ඉල්ලීම් කරන නමුත් එය ඉටුකරන්නට බලධාරින් පියවර ගෙන නැත. ඒ වෙනුවට විරෝධය දක්වනවුන්ට හිරිහැර කිරීම දිගින් දිගටම සිදු වේ. මින් පෙර මෙවැනි විරෝධතාවක් අවසන එම විරෝධතාවයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකුගේ ගෙවත්තට පුපුරන ද්‍රව්‍ය දමා අත්අඩංගුවට ගැනීම දක්වා යන ආකාරයෙන් කම්හල් හිමිකරුවන් කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කර තිබිණි.

පසුව පසුගිය 12 වැනිදා පාසල් දරුවන් සහ ගුරුවරු දැනුවත් කරන්නට කටයුතු කළ පිරිසට මැර කන්ඩායමක් පැමිණ පහරදීම නිසා කිහිප දෙනකු තුවාල ලබා ඇති අතර එක් අයකු රෝහල්ගතකර ඇත.

Top