Political

යහපාලන පිහිටෙන් ශ්‍රී ලංකාව අපරාධ අධිකරණය

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඉදිරිපත් කල යුතු බව රටින් බැහැර දෙමළ ඊළාම් රජයේ මාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍ය සුදන්රාජ් මාධ්‍ය හමුවේ අවධාරණය කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරයට රටින් බැහැර දෙමළ ඊළාම් රජයේ නියෝජිතයින් සහ දෙමළ සංවිධාන වල නියෝජිතයින් බොහෝ දෙනෙකු සහභාගි වී සිටින අතර ඔහුන් ජාත්‍යන්තර මාධ්‍ය අමතමින් මේ බව පවසා තිබේ.

‘එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඉදිරිපත්කල යුතුය’ යන ඉල්ලීම ඉදිරිපත්කරමින් දෙමළ සංවිධානවල නියෝජිතයින් කටයුතුකරමින් සිටින බව මෙම සැසිවාරයට සහභාගි වී සිටින රටින් බැහැර දෙමළ ඊළාම් රජයේ මාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍ය සුදන්රාජ් ප්‍රකාශ කර තිබේ.

Top