LNN SPY

ස්වභාවධර්මයත් කාලයත් මට යම් දිනයක සාධාරණය ඉටුකරනු ඇත….

මෙමසාවද්‍ය කරුණු දෙක මත අධිකරණය මා සැකකරුවකු කිරීමට එරෙහිව මේ මොහොතේ නිතියෙන්  සාධාරණයක් ඉටුනොවූවත්, ස්වභාවධර්මයත් කාලයත් මට යම් දිනයක සාධාරණය ඉටුකරනු ඇත.

උදයාංග වීරතුංග රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති.

රුසියාවේ හිටපු තානාපතිට එරෙහිව ඉන්ටර්පෝල් රතු නිවේදනයක්‌ නිකුත් කිරීමට වලිකන යහපාලනය රජය දරුණු එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් ඇතුළුව 150ක රතු නිවේදන ඉවත්රගෙන ඇත

පෙබරවාරි 04 දින ඩුබායි හීදී එරට බලධාරීන් මාව රදවාගෙන සිටීමත්, පසුව මුදාහරිමත් ලංකාවේ කවුරුත් හොදින් දන්නා පුවතකි. ශ්‍රී ලංකා රජය විසින් මට එරෙහිව ඉන්ටර්පොල් රතු නිවේදනයක් නිකුත් කිරීමට සුදානම් බවට සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම නිසා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් විසින් මා අඩංගුවට ගත්තේය. නමුත් ඉන්ටර්පොල් රතු නිවේදනයක් නිකුත් නොකරන බවත් නිකුත්කර ඇත්තේ නිල් නිවේදනයක් බව සනාථ වූ පසු බලධාරීන් විසින් මා මුදා හරින ලදී.නීතියේ ආධිපත්‍යය මූලික පදනම වූ සහ මූලික නිදහස පවතින, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස හඳුන්වනු ලබන මාගේ රටෙහි පොලිසිය විසින්මෙසේ නිතිය නැමීම ගැන මා කනගාටු වෙමි.

ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය මගින් පසුගිය කාලයේ රතු නිවේදනය නිකුත් කර තිබූ ප්‍රබල බිහිසුණු අපරාධ කළ එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් ඇතුළුව මත්ද්‍රව්‍ය ජාවාරම වලට සම්බන්ධ වූවන්ගේලැයිස්‌තුවෙන් ත්‍රස්‌තවාදීන් ඇතුළුව150ට ආසන්න පිරිසකගේ නම් පසුගිය වසරේදීශ්‍රීලංකා පොලිසියේ ඉල්ලීම මත ඉවත්කර ඇතිබව මාධ්‍ය තුලින් දැනගැනීම ලැබුණි. අද වන විට ජාත්‍යන්තරඉන්ටර්පොල්රතු නිවේදන ශ්‍රීලංකා රජයේ ඉල්ලීමට අනුව නිකුත්කර ඇත්තේ ලාංකිකයන් තුන්දෙනෙකුට පමණි.

දෙමල දේශපාලකයින්ගේඉල්ලීම මත එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් ඇතුළුව150ගේ නම්රතු වරෙන්තු ලැයිස්තුවෙන්ඉවත් කිරීමට කටයුතු කල යහපාලනය රජය,රාජපක්ෂ රජයේ සේවය කල නඩුවක්වත් නැති රුසියාවේ හිටපු තානාපතිට එරෙහිව රතු නිවේදනයක්‌ නිකුත්කරන ලෙස ඉන්ටර්පෝල් පොලිසියෙන්අයෑදුමක්‌ කරන ලද්දේ,මහේස්ත්‍රාත් අධිකරණයට ප්‍රකාශයක් ලබාදීමට ඉදිරිපත් නොවූ වරදටනිකුත්කල වරෙන්තුවටය. එහෙත්ත්‍රස්‌තවාදීන් ඇතුළු150ක පිරිස ද උසාවියට ඉදිරිපත් වී නැති නමුත්එම නම් ඉවත්කර ඇත.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව දෙවැනි වරටත් කල ඉල්ලීමට අනුව ඉන්ටර්පොල් ආයතනය නිල් නිවේදනයක් නිකුත් කර ඇත. එසේ නමුත් හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු වන මට එරෙහිව රතු වරෙන්තුවක් ලබා ගැනීමට යහපාලන රජයේ නිළධාරීන් මේ දිනවල අලුත්මඋත්සාහයක නිරත වීසිටිනබවඅපදනිමු. පොලිස් මුල්‍ය අපරාධ කොට්‌ඨාසය මට එරෙහිව මහේස්ත්‍රාත් උසාවියට බී වාර්තාවක් මගින් දන්වා ඇත්තේ, 2006 දී යුක්රේනියාවෙන් මිග් යානා මිලදීගැනීමට කිසිදු වලංගු ගිවිසුමක් නොතිබූණු බවත්, මම කූට ලේඛනයක් සකසා එයට ගුවන් හමුදාපතිගේ අත්සනත් ලබාගෙන, මිග් යානා මිලදීගැනීමට ගිය මුළු මුදලම වංචා කර ඇති බවයි. දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගැනීමට ඕනෑම ගොන් කතාවක් ගොතා, පොලිස්බී වාර්තා මගීන්උසාවියට බොරුකියා නඩුවක් පවත්වාගෙන යාමට ඇති හැකියාව පිළිබඳ හොදම උදාහරණය මෙය වේ.

2006 දී ලංකාව යුක්රේනියාවෙන් මිග් යානා හතරක් මිලදීගත් අතර, ලංකාවට තිබුණු තවත් මිග් යානා හතරක් සම්පුර්ණයෙන් අලුත්වැඩියා කරනු ලැබේ. මේ යානා අටම යුද්ධයෙදී භාවිතා වූ අතර තවමත් ගුවන් හමුදාව සතුව පවතී. මේ ගනුදෙනුව සම්බන්ධයෙන් ගිවිසුමක් නැතැයි කියා මුල්‍ය අපරාධ කොට්‌ඨාසය උසාවියට කියා සිටියේ, යුක්රේන්මාෂ් සමාගම වරදිමකින් එවපු ලිපියක් ප්‍රයෝජනයට ගෙනය. පසුව යුක්රේනියානු බලධාරීන් මේ වැරැද්ද නිවරදි කිරීමට පියවර ගෙන තිබුණාත්, පොලිසිය එය උසාවියට වාර්තා කර නොමැත.එමෙන්ම ගිවිසුමට අදාළවගුවන් හමුදාව නිකුත්කල“භාවිත කරන්නාගේ සහතිකය”උපයෝගීකරයුක්රේනියානු රජය මිග් ගුවන්යානා 8අපට ලබා දී ඇති බව එරට බලධාරීන් පිළිගැනීම යනු මෙම ගිවිසුම ඒ රටෙහි භාවිතා වී ඇති බවයි.

මොස්කව් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී යුක්රේන්මාෂ් අධ්‍යක්‍ෂක වෙනුවෙන් එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ගේනාධි ස්තුදිනිකින් විසින් 2006 ජූලි මාසයේදීඑම ගිවිසුම අත්සන් කල බව හාගිවිසුම ගැන සාකච්ඡා කිරීමට ලංකාවට ගොස්‌ තිබෙන බවදපසුගිය වසරේදී යුක්‌රේන නීතිපති දෙපාර්තමේන්තුවට ඔහු ලබාදුන් කටඋත්තරයේ සඳහන්ව ඇත. නමුත් ගිවිසුම අත්සන්කල එමනියෝජ්‍ය අධ්‍යක්‍ෂකගෙන්ශ්‍රී ලංකා පොලිසිය කටඋත්තරයක් ලබාගෙන නැති අතර යුක්රේනියානු රජයට ඔහු ලබාදුන් කටඋත්තරයේ පිටපත්උසාවියට ඉදිරිපත්නොකිරීම පිළිබඳ සැකය සහිතයි. එසේම මෙම ගුවන්යානා තත්ව පරික්ෂාකිරීමේන් පසු Factory Acceptance Certificate”ගුවන්හමුදාපති විසින් එම නියෝජ්‍ය අධ්‍යක්‍ෂක සමග යුක්රේනියාවේ ලුවෝෆ් කර්මාන්ත ශාලාවේදී අදාළ සහතික අත්සන් කර ඇත. මා විසින් ගනුදෙනුවට අදාළ ගිවිසුමට කිසිදු අත්සනක් යොදා නැති අතර එමඅත්සන් හා ගිවිසුමට අදාළ සියලු වගකීම් ගුවන් හමුදාව භාරගත යුතු අතර ගුවන් හමුදාව ඔහු සමග ඍජු සම්බන්ධයක්තිබුබවහාගිවිසුමකූඨටලේඛනක් ද යන්න රටට ප්‍රකාශ කල යුතුය.

එසේ නමුත් යුක්රේන්මාෂ් සමාගමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂකගේ අත්සන පිළිබඳ, මට එරෙහිව සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර,දණ්‌ඩ නීති සංග්‍රහයේ 454 හා 457 යන වගන්තිවලට අදාළ කූඨටලේඛන සැකසීමක්‌ කර තිබෙන බව මූල්‍ය අපරාධ කොට්‌ඨාසය උසාවියට වාර්තා කර, මා සැකකරුවකු ලෙස නම් කිරීම හුදෙක් දේශපාලන පළිගැනීමකි. එසේම මෙම ගිවිසුම මා විසින් ලංකාවට රැගෙනවිත් ගුවන් හමුදාපතිගේ අත්සන් ලබාගෙන නැවත රැගෙන ගියබවට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සාවද්‍ය තොරතුරු ඉදිරිපත්කර අධිකරණය නොමග යවා මා සැකකරුවකු ලෙස නම් කරන ලදී. නමුත් එම කාලයේදී මාශ්‍රී ලංකාවට හෝපැමිණ නැති බවආගමනය විගමන දත්ත පරික්ෂා කිරීමේන්එයදපොලිසියේ බොරුවක්බව ඔප්පුවන්නේය.

මෙමසාවද්‍ය කරුණු දෙක මත අධිකරණය මා සැකකරුවකුකිරීමට එරෙහිව මේ මොහොතේ නිතියෙන්  සාධාරණයක් ඉටුනොවූවත්, ස්වභාවධර්මයත් කාලයත් මට යම් දිනයක සාධාරණය ඉටුකරනු ඇත.

එදා මුළු ගනුදෙනුවම අධීක්‌ෂණය කිරීමට කැබිනට්‌ මණ්‌ඩලය විසින් පත්කරන ලද ටෙන්ඩර් කමිටුවක්‌ විය. එයට අමතරව ජාතික ප්‍රසම්පාදන ආයතනය විසින් පත්කරනු ලැබූ “තාක්‌ෂණික ඇගයීම් කමිටුවක්‌”ද විය. මෙයට අමතරව මෙම ගනුදෙනුවේ අවසන් මිල ගණන් සාකච්ඡා කිරීමට මහා භාණ්‌ඩාගාරය ප්‍රධානත්වයෙන් තවත් කමිටුවක්‌ පත්කර තිබූණි. එදාමිග්ගනුදෙනුවම පිළිබඳ කටයුතුකලඑමකමිටු නිලධාරීන්ගෙන් මෙමවිමර්ශන කටයුතු සඳහාඅදපොලිසියසහයෝගය ලබා නොගැනීමදප්‍රහේලිකාවකි.එසේ වුවත්මිග් ගිවිසුම යුක්රේන්මාෂ් අත්සන් නොකළ බව මුල්‍ය අපරාධ විමර්ශන ආයතනය චෝදනා කරයි. මිග් ගනුදෙනුවට අදාළ විමර්ෂණ කටයුතු සඳහා කටඋත්තරයක් යුක්රේනියාවේදී ලබා දීමට මම අවස්ථාවක් ඉල්ලා සිටි නමුත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය ඊට අවස්ථාවක් ලබානොදීමෙන් පැහැදිලිවන්නේ,දේශපාලකයින්ගේනියෝග මත, මා රිමාන්ඩ් කිරීමට රජයට ඇති අවශ්‍යතාවයයි. හිටපු විදේශ ඇමතිවරයා ඇතුළු නියෝජිතයන් විමර්ශන කටයුතු සඳහා යුක්රේනයට කිහිපවාරයක් පැමිණි ඇත.

යුක්රේනියාවේරාජකාරි සංචාරයකදී රාජ්‍යය නිලධාරියකුට දිනකට ඩොලර් 600ක් යනුරුපියල් 93,000ක ගෙවීමක් සිදූකරන බැවින්, මා ගැන සෙවීමට යුක්රේනියාවට දින 7-10කට පැමිණෙන පොලිස් නිලධාරීන් මගෙන් කටඋත්තරයක් ලබා ගැනීමට කටයුතු නොකර මේ කරන සෙල්ලම කුමක්දැයි කාටවුවත් තේරුම් ගත හැක. පසුගිය දින නිලධාරීන් හත්දෙනෙක් ඩුබායි නගරයට පැමිණියේ ද මා නිදහස්කර ඇතිබවහරියටමදැනගැනීමෙන් පසුව ජනතාවගේ බදු මුදලින් තවත් සංචාරයක නිරතවීමට පමණි.මා පිළිබඳ විටින් විට විවිධ තොරතුරු මාධ්‍යයට ලබා දෙමින් මිග් ගනුදෙනුවේ කුමක්‌ හෝ සැක සහිත දෙයක්‌ තිබෙනවාය යන අදහස පවත්වාගෙන යැමට පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ දැඩි උත්සාහයක්‌ තිබෙන බව පැහැදිලිය. ඔවුන් මට විරුද්ධව එල්ල කරන චෝදනා සියල්ල අමූලික බොරු බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරමි.

 

උදයාංග වීරතුංග රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති.

Top