LNN SPY

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එපා…. මහින්දගෙන් දැඩි තින්දුවක්!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආයෙත් තමන් බාර නොගන්නා බවත් තමන් ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ සමග දේශපාලන කටයුතු කිරීම ජනතාව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අනුමත කර ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එසේ වුවද ශ්‍රීලනිප විනාශවීමට ඉඩනොදී රැකගැනීම වත්මන් ශ්‍රීලනිප නායකයින්ගේ වගකීම හා යුතුකම බවද රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත. අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයේදී ඡන්දය ප්‍රකාශ කළ පස්දෙනකු මහින්ද රාජපක්ෂ මහතා හමුු වූ අවස්ථාවේදී රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර ඇත.

මම ශ්‍රීලනිපයත් එහි ප්‍රතිපත්තිත් රැකගෙන රටත් සංවර්ධනය කළා. නමුත් ඒ හැමදේම අමතක කරලා මේ වත්මන් නායකයෝ මම ශ්‍රීලනිපය විනාශ කර රටේ හොරකම් කරපු කෙනෙක් විදිහට හඳුන්වන්න උත්සාහ කළා. තවමත් මේ උත්සහය අතහැර නෑ. අපිත් තවම ශ්‍රීලනිපයේ ඉන්නේ. අපි කැමැතියි ඔයාලා එකතුවෙලා.

ශ්‍රීලනිප රැකගන්න කාලෝචිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවාට. ඒ සඳහා අවශ්‍ය සහයක් දෙන්න අපිත් සූදානම් යැයිද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.

Top