LNN SPY

ගෝඨාභය පරදන්න ඒකාධද්ධ පෙරමුණක්‌… රනිල්-රාජිත අලුත් මෙහෙයුමක

මැයි දින වැඩ කටයුතු අවසන් වීමෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අමාත්‍ය රාජිත සේනාරත්නට ඉතා වැදගත් කරුනුක්‌ සඳහා පසුදා උදේ 11.00ට තමන් හමුවන්නට එන ලෙස ආරාධනාවක්‌ පිටකර හැරියේය. ඒ අනුව පසුදා අග්‍රාමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍ය උපදේශක දිනේෂ් වීරක්‌කොඩි අතර සාකච්ඡාව පැවැත්විණි.

පළමුවෙන්ම අග්‍රාමාත්‍යවරයා විමසා සිටියේ… රාජිත දැන් පක්‌ෂයට සම්බන්ධවීම ගැන මොකද කියන්නේ කියා විමසීය. ඊට හරි උත්තරයක්‌ නොදී රාජිත පැවැසුවේ වර්තමානයේ පක්‌ෂය පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරමු… කියාය. ඇමැති රාජිත එක්‌සත් ජාතික පක්‌ෂයේ සමගිය ආරක්‌ෂා කර ගැනීම පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරයා විස්‌තර කර දුන්නේය. ඒත් සමඟම අග්‍රාමාත්‍යවරයාත් රාජිත ඇමැතිවරයාත් රටේ අනාගත දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ලොකු සාකච්ඡාවක්‌ ආරම්භ කළහ. මෙහිදී වැඩි උනන්දුවක්‌ දැක්‌වූයේ ඊළඟ ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන අපේක්‌ෂකයා සම්බන්ධවය. ඒකාබද්ධ වූ විපක්‌ෂය හා විපක්‌ෂයේ බලවේග පරාජය කිරීමට නම් සිංහල, දෙමළ, මුස්‌ලිම් බලවේග ඒකරාශී කර ගත හැකි පොදු සන්ධානයක්‌ මත සිට පොදු අපේක්‌ෂකයෙක්‌ ඡන්දය ඉල්ලිය යුතු බව රාජිතගේ අදහස විය. සමගි නොවී දේශපාලන කණ්‌ඩායම් හැටියට බෙදී වෙන් වී ඡන්දයට ගියහොත් තම සතුරන් නිසැකවම හිස ඔසවන බව රාජිත මෙහිදී පෙන්වා දුන් අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද එය බැරෑරුම් ලෙස සිත්ට ගත් බවක්‌ පෙන්නුම් කළේය.

රාජිත පෙන්වා දුන්නේ එක්‌සත් ජාතික පක්‌ෂය වෙනුවට එක්‌සත් ජාතීන්ගේ ජාතික පෙරමුණක්‌ සංවිධානය කර ඡන්ද ලකුණක්‌ සකසා පුළුල් ලෙස දේශපාලන වැඩපිළිවෙළක්‌ වහාම ආරම්භ කළ යුතු බවයි. ඒ සඳහා දෙමළ මුස්‌ලිම් බලවේග ඒකරාශී කරගෙන එක්‌සත් ජාතික පක්‌ෂයේ සිටින සටන්කාමී කණ්‌ඩායම් එක්‌රැස්‌කරගෙන දැන් සිටම මේ සටන ආරම්භ කළ යුතු බව දෙදෙනාම එකඟත්වයකට පැමිණියහ.

අවසාන වශයෙන් නව එක්‌සත් ජාතික පෙරමුණක්‌ පිහිටුවන්නට සියලු දෙනා සමඟ එක්‌ව මූලික සාකච්ඡාව ආරම්භ කර නිලධාරී මණ්‌ඩලයක්‌ නම් කරගැනීමට දිනයක්‌ යොදාගනු ලැබූහ. ඒ සඳහා බ්‍රහස්‌පතින්දා හවස 6.00ට නැවත හමුවී සාකච්ඡා කරන්නට තීන්දු විය. රාජිත අමාත්‍යවරයා සැලසුම් කළ අග්‍රාමාත්‍යවරයාත් ජනාධිපතිවරයාත් දෙදෙනා එකට එකතුකර නව දේශපාලන ගමනක්‌ යැමේ වැඩසටහනේ මූලික අදියර එසේ අවසන් විය. පසුගිය සතිය ආරම්භ වන විට රාජිත මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම් සඳහා ජනාධිපතිවරයා සමඟත් අග්‍රාමාත්‍යවරයා සමඟත් වෙන වෙනම සාකච්ඡා කර තිබිණි.

බුලිත ප්‍රදීප් කුමාර

Loading…

Top