LNN SPY

රුපියල් 20ක වැටුප් වර්ධක දුන් “සිරි”ගේ සිලී …සිලී වැඩ…. ලංකාදිප පුවත් පත ආණ්ඩුව යන පාරේ යයි… සියලු වරදාන ඥාතින්ට පමණී

Published on: Jul 14, 2018 – සියලු වරදාන-වරප්‍රසාද ඥාති පුතුන්ට පමණක් හිමිකර දි ඇති සීමාසහිත විජය පුවත්පත් සමාගම ලංකාදීප පුවත් පතේ කීර්තිමත් මාධ්‍යවේදීන් කිහිප හෙනෙකුගේම වැටුප් වැඩි කර ඇත්තේ රුපියල් 20ත් රුපියල් 500ත් අතර ප්‍රමාණයකිනී.

ඒ අනුව ඩයනා උදයංගනීගේ වැටුප රු.20කිනුත්,ශාන්ත රත්නායකට රු 35කුත්,ඉන්දිකා රමාණයකගේ වැටුප 280කිනුත්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියරත්න රණබාහුට රුපියල් 320කුත් පමණක් වැටුප් වර්ධක ලබාදි තිබේ.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ආවරණ කටයුතුවල නිරත වෙමින් රට පුරා මාස ගණන් සංචාරය කර පිටු පිරෙන්න කතා ලියන මාධ්‍යවේදී අංජුල මහීක වීරරත්න මහතාගේ වැටුප රුපියල් 65කින් වැඩි කර තිබේ.

උග්‍ර ජීවන අර්බුදයක් රටේ උද්ගත වී තිබියදී ඒ ගැන වගේ වගක් නොමැතිව ලබා දී තිබෙන මේ වාර්ෂික වැටුප් වැඩිවීම “ලංකාදීප” කර්තෘ මණ්ඩලයේ මාධ්‍යවේදීන් හඳුන්වන්නේ සිරි රණසිංහගේ “දෙයියන්දර වහල් වැටුප් සූත්‍රය” ලෙසය.

කෙසේ නමුත් සිරි රණසිංහ මහතාගේ ඥාති පුත්‍රයෙකු සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතමයකු වන අජන්ත කුමාර අගලකඩ මහතා සම ප්‍රවෘත්ති කර්තෘ ධූරයට උසස් කර ඔහුගේ වැටුප රුපියල් 5,000ත් 10,000ත් අතර මුදලකින් වැඩි කර තිබේ.

කෙසේ නමුත් “ලංකාදීප” ක්‍රීඩා කර්තෘ සහ අන්තර් ජාල වෙබ් අඩවියේ හෙවත් “එසැන පුවත්” කර්තෘ ප්‍රවීණ සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දමින්ද විජේසූරිය මහතාගේ වැටුප වැඩි කර තිබෙන්නේ රුපියල් 3.000කිනි.

මේ අතර සිරි රණසිංහ මහතාගේ බෑනාගේ ඥාතියකු වන මාධ්‍යවේදී රංජන් කස්තුරි මහතා නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ ධූරයට උසස් කර ඔහුගේ වැටුප ද රුපියල් 3,000ත් 5,000ත් අතර වැඩි කර තිබේ.

සිරි රණසිංහ මහතාගේ මාර්ගයෙන් “ලංකාදීපය”ට අලුතින් පැමිණි ඔහුගේ ගමේ පවුලේ හිතවතකුගේ පුත්‍රයකු වන මාතර දෙනියායේ පදිංචි ආධුනික මාධ්‍යවේදී අමිල චින්තක ගමගේ මහතා පළමු ශ්‍රේණියට උසස් කර තිබේ.

එමෙන්ම ඔහුගේ තවත් ඥාති පුත්‍රයකු වන මාධ්‍යවේදී ප්‍රදීප් දසනායක මහතා “ලංකාදීප” උප කර්තෘ අංශයේ ප්‍රධානියකු ලෙස ද තමා මාර්ගයෙන් ආයතනයට පැමිණි මාතර උපන් අරුණ ශාන්ත මහතා නියෝජ්‍ය ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ ධූරයට ද උසස් කර ඇත.

මේ අතර විජය පුවත්පත් සමාගමේ රියදුරන්ගෙන් බහුතරයේ වැටුප වැඩි වී තිබෙන්නේ රුපියල් 10ත් 100ත් අතර සොච්චමකිනි.ඒ අතර රුපියලේ සිට රුපියල් 10 දක්වා වැටුප් වැඩි වූ රියදුරන් ද සත පහකින්වත් වැටුප් වැඩි නොවූ රියදුරෝ ද සිටිති.

මිනිස්සුන්ගේ ශ්‍රමය,මිනිසත්කම,සිය දු දරු පවුල්වල දුක් කම්කටොලු,ප්‍රශ්න සහ අවශ්‍යතා පිළිබඳ නොතකා සිය ඥාතීන්ට පමණක් සියලු වරදාන සහ වරප්‍රසාද ලබා දෙමින් අනෙකුත් සියලු අය තුට්ටුවකටත් මායිම් නොකර හිඟන්නන් ලෙස සලකා සොච්චමකින් වැටුප් වැඩි කළ “ලංකාදීප”ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතාට හෙණ හත ගැසිය යුතු යැයි විජය පුවත්පත් සමාගමේ මාධ්‍යවේදීන් සහ සේවක සේවිකාවෝ දිවා රෑ හෙණ ඉල්ලන තත්ත්වයකට වැටි ඇති බවයි වාර්තා වේ.

සිංහල බෞද්ධ පරිත්‍යාගශීලී ප්‍රතිරූපයක් රට ජනතාව ඉදිරියේ මවා ගෙන සිටිමින් සිරි රණසිංහ මහතාගේ මේ දුෂ්ඨ සහ අමන ක්‍රියා අනුමත කරන සීමාසහිත විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් වියවර්ධන වගේම නියෝජ්‍ය සභාපති සුජාන් විජයවර්ධන යන මහත්වරුන් ඇතුළු සියලුම බලධාරීන්ට ද මේ පවිටු ක්‍රියා ශාපයක්ම වනු ඇතැයි එම සේවකයන්ගේ අදහස වි ඇත්තේ.

Top