LNN SPY

මන්නාරමේන් මතුවන ඇට සැකිලි ගැන ඩයස්පොරාව ජාත්‍යන්තර පරික්ෂණයක් ඉල්ලයි.. අවසන් යුද්ධයේදි පවුල් පිටින් භාර වුවන් හමුදා කදවුරු තුල ඝාතනය කර වල දමලාලු!

මන්නාරමේ සිදුකරමින් සිටින කැනීම් කටයුතුවලදී හමු වෙන ඇට සැකිලි අවසන් යුද්ධයේදි පවුල් පිටින හමුදාවට භාර වුවන්ගේ බවට සැක මතු වි තිබේන බව පවසමින් කොටි හිතවාදි ඩයස්පොරා නායකයින් ජාත්‍යන්තර සංවිධාන වලට දැනුම් දි ඇති අතර වහාම විශේෂ කණ්ඩායමක් යොදවා එ සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකරන ලෙසද ඔහුන් ඉල්ලා ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කර සිටි.

යුධ කාලයේදි හමුදා බුද්ධී අංශයේ සේවය කල ප්‍රධාන නිළධාරියෙකු ලබාදුන් තොරතුරුවලට අනුව අවසන් යුද්ධයේදි පවුල් පිටින් භාර වුවන් මුලතිව් හමුදා කදවුරේදී වෙන් කර ඔවුන් සේවය කල දිස්ත්‍රික් හමුදා කදවුරුවලට භාර දි ඇති බවත් පරික්ෂණවලින් පසුව බොහෝ දෙනෙකු ඔවුන් ඝාතනය කර හමුදා කදවුරු තුල වල දමා ඇති බව දැන ගැනීමට ඇති බවද කොටි හිතවාදි ඩයස්පොරාව අනාවරනය කර තිබේ.

දැනට හමු වි ඇති ඇට සැකිලි තුල කුඩා දරුවන්ගේ ඇට සැකිලිද තිබෙන බව අධිකරණ වෛද්‍ය ඩි. සමින්ද රාජපක්ෂ අනාවරණය කර ඇති අතර ඔහුන් ඝාතනයට ලක්වු අයුරු මේ දක්වා අනාවරණය කර නෑ.මෙහිදි මේ දක්වා ඇට සැකිලි 40ක් පමණ සොයාගෙන ඇත. මෙහි 50කට වැඩි අයගේ ඇට සැකිලි තිබිය හැකි බවට බලාපොරොත්තු වේ. මේ අතර හමු වී ඇති ඇට සැකිලි තුල කුඩා දරුවන්ගේ ඇට සැකිලිද තිබෙන බව අධිකරණ වෛද්‍යවරයා පවසා ඇත. ඒ අනුව මේවා අවසන් යුද්ධයේදි හමුදාවට භාර වු පවුල්වල සාමාජිකයින්ගේ විය හැකි බවට සැක මතු වි ඇත්තේ.

පසුගියදා මන්නාරමේ සිදුකරමින් සිටින කැනීම් නිරික්ෂණය කිරිමට ගිය සිංහලෙ ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් සහ  සිංහල සංගේදමේ නිර්මාතෘ එම සංචාරයෙන් පසුව කල අනාවරණය පහත දැක්වේ.

Top