LNN SPY

බුකී කරුවන්ගෙන් ක්‍රිකට් බේරාගන්න 96 කණ්ඩායම රහසිගත සාකච්ඡාවක! රොෂාන්, අරවින්ද,මුරලී WhatsApp ඔස්සේ සාකච්ඡාවට එක්වෙයි

Published on: Aug 5, 2018- ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩාව මස්තබාල්දු කල බුකී කරුවන්ගෙන් ක්‍රිකට් ක්‍රිඩාව බේරාගනිමින් යලිත් ශ්‍රි ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙන එම සදහා අනූහයේ කණ්ඩායම තීරණාත්මක තීන්දුවක් ගෙන ඇති බවත් ඒ සදහා වු රහසිගත සාකච්ඡාවක් බරකුඩා හෝටලයේ පෙරේදා රාත්‍රියේ පවත්වා තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

(03)වැනිදා රාත්‍රියේ මෙම තීරණාත්මක සාකච්ඡාව සදහා 96 ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සහභාගි වි ඇති අතර 96 ලෝක ශූර කණ්ඩායමේ නායක අමාත්‍ය අර්ජුන රණතුංග, අසංග ගුරුසිංහ, හෂාන් තිලකරත්න, සනත් ජයසූරිය, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, උපුල් චන්දන, චමින්ද වාස්, රවීන්ද්‍ර පුෂ්පකුමාර සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.

රොෂාන් මහානාම, අරවින් ද සිල්වා සහ මුත්තයියා මුරලිදරන් සමඟද සන්නිවේදන උපක්‍රම යොදා ගනිමින් ඔවුන් අදහස් හුවමාරු කර ගෙන තිබෙන අතර ඊට අමතරව තවත් ප්‍රධාන පෙළේ ක්‍රීඩකයින් රැසක් එම සාකච්ඡාවට එක්ව ඇතත් ඔවුන් කවුරුන්දැයි අනාවරණය නොකිරීමට අනූහයේ කණ්ඩායම සැලිකිලිමත් වී තිබෙනවා.

මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වුණු මෙම සාකච්ඡාව අවසානයේදී ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දුවකට එළැඹි බවත් ඉදිරියේදී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා එම තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිත බවත් වාර්තා වනවා.

තහවුරු කළ වාර්තාවල තවදුරටත් දැක්වෙන්නේ වත්මන් ක්‍රීඩාවේ තත්ත්වය දීර්ඝව සාකච්ඡාවට ලක් කරමින් ක්‍රිකට් සංස්කෘතිය වෙනස් කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාවේදී අනූහයේ කණ්ඩායම තීරණාත්මක තීන්දුවට එළැඹ ඇති බවයි. සාකච්ඡාව අවසානයේදී ප්‍රධාන ආරාධිත අමුත්තන්ගේ කාමරයෙන් එළියට පැමිණි අනූහයේ කණ්ඩායම රාත්‍රි භෝජන සංග්‍රහයකටද එක්ව තිබෙනවා.

http://198.211.112.164/archives/18922

Top