LNN SPY

ආණ්ඩුවේ වැඩ ඉබිගමනේ … රටට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි …ජාත්‍යන්තරව බලපෑම් කරනු

දෙමළ ජනතාව මුහුණ පා සිටින ගැටළු විසඳීම හා ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් ආණ්ඩුව ප්‍රගතියක් අත් කරගෙන නැති වීම පිළිබඳ කලකිරීම ගැන තමන් මෙන්ම දෙමළ ජනතාව කණගාටුවට පත්වෙන බව විපක්ෂ නායක ආර් සම්බන්ධන් පවසා ඇත්තේ ස්විට්සර්ලන්ත අධිකරණ අමාත්‍ය සිමොනෙත්තා සොම්මරුගා ඇතුළු නියෝජිත පිරිසක් ත්‍රිකුණාමලයේදී හමුවූ අවස්ථාවේදි අවධාරණය කර සිටියා.

මානව හිමිකම් නගා සිටුවීමට අදාලව දෙමළ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට ඉකුත් තුන් අවුරුද්දක පාලන කාලය තුලදී රජය සමත්කමක් දක්වා නැති බව පෙන්වාදුන් විපක්ෂනායක වරයා අතුරුදහන් වූවන්, යුද හමුදාව විසින් ඉඩම් අත්පත් කරගෙන සිටීම, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ පුද්ගලයන් රඳවාගෙන සිටීම, පුනරුත්ථාපනය සහ නිවාස ගැටළු විසඳීම සම්බන්ධයෙන් ද ස්විට්සර්ලන්ත අධිකරණ අමාත්‍යවරිය දැනුවත් කර තිබේ.

රටට අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දීම කඩිනම් කිරීම සඳහා රජයට ජාත්‍යන්තර වශයෙන් බලපෑම් කළ යුතු බව විපක්ෂ නායකයා ස්විස් අධිකරණ අමාත්‍යවරිය ඇතුළු දූත මණ්ඩලයට අවධාරණය කර තිබේ.

Top