LNN SPY

උද්ඝෝෂකයින්ට  වස යෙදූ කිරි පැකට් බෙදන්න ලොතරැයි මණ්ඩලයෙන් වාහන.. මෙහෙයුම පසුපස මංගලගේ 8 පාස් නැති නිළ මැස්සාද?(Video)

Published on: Sep 11, 2018 – “ජනබලය කොළඹට” උද්ඝෝෂකයින්ට  වස යෙදූ කිරි පැකට් බෙදන්න ලොතරැයි මණ්ඩලයෙන් වාහන භාවිතා කර ඇති බවත් ඒ පසුපස මංගල සමරවිරගේ කුජිත කාර්යය මණ්ඩල ප්‍රධානී හෙවත් “අසභ්‍ය ගොතයා” හෙවත් 8 පාස් නැති නිළ මැස්සෙක් වන තුසිත හල්ලොලූව සිටින බවට සැක සහිත බවට තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

2018 සැප්තැම්බර් 10 වන දින පැවැති පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කල අතර වස යෙදූ කිරි පැකට් බෙදන්න ලොතරැයි මණ්ඩලයෙන් වාහන භාවිත කල බවට පැහැදිලි සාක්ෂි මේ වනවිට අනාවරණය වි තිබේ.

“වස යෙදූ කිරි පැකට් උද්ඝෝෂකයින්ට බෙදීම මෙරට දේශපාලන ඉතිහාසයේ සිදු වුණු තිරිසන්ම කාරණය විධියටයි අපි දකින්නේ. ශ්‍රි ලංකා ඉතිහාසයේ පළමුවතාවටයි මෙය සිදුවන්නේ. ලෝකයේ බිහි වුණු ම්ලේච්ඡතම ත්‍රස්තවාදි සංවිධානය ලෙස සැලකුණේ කොටි සංවිධානයයි. නමුත් කවදාවත් කොටි සංවිධානයවත් මෙවැනි දෙයක් කලේ නෑ. කොටින් මාවිල් ආරු සොරොව්ව වහලා ජනතාවට වතුර නැති කළ බව ඇත්තයි. නමුත් කොටි වැව් ජලයට වස මුසු කරලා සිංහල ජනතාව මරා දාන්න කටයුතු කලේ නෑ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය ම්ලේච්ඡත්වයෙන් කොටි සංවිධානයටත් වඩා පහත් තැනකට වැටිලා කියන එක ඉතාම කණගාටුවෙන් වුණත් කියන්න ඕනෑ. මේ ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරුන්ගේ අමන හැසීරීම නිසා ගම් වල ඉන්න වැදගත් එක්සත් ජාතික පාක්ෂිකයෙකුට පාරට බහින්න බැරි තත්වයක් ඇති වී තිබෙන බව කියන්න ඕනෑ. මම හිතන්නේ නෑ ශිෂ්ඨත්වය හඳුනන කිසිම කෙනෙක් මෙය අනුමත කරයි කියලා.”

“මෙතෙක් එජාපයට ඇඟිල්ල දිගු කරන්න අපට තිබුණේ වක්‍ර සාක්ෂි පමණයි. පළමු කාරණය තමන් උද්ඝෝෂකයින් කෑම බීම ලබා දෙන බවට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශ. දෙවැනි සාක්ෂිය වන්නේ කිරි පැකට් බීලා පිරිසක් අසනීප වුණා කියන කාරණය අපටත් කලින් මුජිබර් රහුමාන් මන්ත්‍රිතුමා දන්නේ කොහොමද? ඕකට තමයි හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියන්නේ.”

“දැන් අපට ඊටත් වඩා ප්‍රබල සාක්ෂි ලැබී තිබෙනවා. මෙම කිරි පැකට් ප්‍රවාහනය කිරීම සඳහා භාවිතා කළ එක් වෑන් රථයක් ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් බවට ලොතරැයි මණ්ඩලයෙන්ම අපට සාක්ෂි ලැබී තිබෙනවා. එන්ඩි 3094 ලියාපදිංචි අංකය දරණ ලොතරැයි මණ්ඩලයෙ වෑන් රථය එදා දවසේ ක්‍රියාකාරි අධ්‍යක්ෂගේ රාජකාරි සඳහා මුදා හැරිය බවට ධාවන සටහන් අනුව පේනවා. මේ වාහනේ ධාවන සටහන් අනුව එය සිරිකොතට ගිහින් කිරි පැකට් පටවා ගෙන ඇවිත් උද්ඝෝෂණය පැවැති ස්ථාන කරා පැමිණි බව ඔප්පු වෙනවා. මෙම වෑන් රථය තුල කිරි හැලිලා ඉතිරිලා තිබුණ බවට මේ වීඩියෝ පටයෙන් පෙනී යනවා. අද ඒ වාහනය සර්විස් කරන්න යැවූ බවටත් අපට තොරතුරක් තිබෙනවා. 2018 සැප්තැම්බර් මස 05 වෙනි දා රියදුරා විසින් තබලා තියෙන ධාවන සටහන් එදා උදෑසන සිරිකොතට ගිහින් තියෙනවා මේ රියදුරා කියන විදිහට එදා උදෑසන 8.45 සිට රාත්‍රී 8.45 දක්වා ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයාගේ රාජකාරි වලට මුදා හැරියා කියලා. ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයාට වහනයක් වෙන් කරලා තියෙනවා ලොතරැයි මණ්ඩලයෙන්. සුපෝකබෝගී වහනයක් වෙන් කරලා තිබිය දී ඇයි ඔහුට මෙම වාහනය මුදා හැරියේ. එකෙන් උදේම සිරිකොතට ගිය බවට රියදුරාම සටහන් තබලා තියෙනවා. මේ වැන් රථයේ කිරි තිබිලා ඉහිරුණු දර්ශන මෙම විඩීයෝ පටයේ තියෙනවා. පොලීසිය මේ පිළිබඳ වහාම අවධානය යොමු කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

“ආණ්ඩුවේ මෙයට ඇති සම්බන්ධය හෙළි කරගත හැකි තවත් එක් කාරණයක් වන්නේ නීතිය නමන කුප්‍රකට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා තවම මේ ගැන සොයන්න කිසිම කටයුත්තක් කරල නෑ. වෙනදනම් ගනු කඩුව එනු සටනට කියලා මෙවැනි අමානුෂීය දේවල් පොලිසිය කරන්න දෙන්නේ නෑ කියමින් මේ අපේ මව්බිම මෙතරම් පහත් තත්වෙට වැටිලා ද කියලා මාධ්‍ය ඉදිරියේ කඳුළු සලන පොලිස්පති මේ සම්බන්ධයෙන් දැඩි නිහඬතාවයෙන් පෙන්නුම් කරන්නේ ඔහුට නීතිය නමා ගැනීමට උවමනාවක් තිබෙන බවයි.”

Top