LNN SPY

මෝඩිගේ ඇදුම් ඇදලා ..රෝ කරේ නැගලා මෛත්‍රී ආවේ…. එහෙම හදපු මෛත්‍රී මරන්න අවශ්‍ය නෑ … මෛත්‍රීගේ කතාව ගැන තානාපති අංශ කැළඹීමක!

Published on: Oct 18, 2018- වර්ෂ 2015 විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරිමට ප්‍රධාන භූමිකාව රගපෑවේ ඉන්දිය රහස් ඔත්තු සේවය වන රෝ ඔත්තු සේවය බව මෙරට තානාපති අංශ ප්‍රකාශ කරයි.

ඉන්දිය රහස් ඔත්තු සේවය වන රෝ ඔත්තු සේවය එවකට කළ සමීක්ෂණයේදි හෙළි වූ තොරතුරු පදනම් කරගනිමින් පොදු අපේකෂක යෝජනාව ඉන්දියාව සෘජුවම එවක විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්විමට ගෙන තිබු තීරණය වෙනස් කිරිමට හේතු වූයේද ඉන්දිය රෝ ඔත්තු සේවය කළ දැනුම් දීමට අනුව බවද තානාපති අංශ වාර්තා කරයි.

මෙවැනි තත්ත්වයක් යටතේ ඉන්දිය රහස් ඔත්තු සේවය තමා මරන්නට සිටින බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තානාපති අංශ විමතිය පළ කර සිටියි.

කෙසේ නමුත් ඇතිවූ අර්බුදකාරි තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයේදි  කළ එම ප්‍රකාශය වහාම නිවැරදි කරමින් නිවේදන නිකුත් කළද රාජ්‍යතාන්ත්‍රිකව ඇතිවු කළු පැල්ලම මැකිය නොහැකි වි ඇතැයිද තානාපති අංශ සඳහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඝතනය කිරිමේ කුමන්ත්‍රණයක් ඉන්දිය රහස් ඔක්තු සේවය හරහා ක්‍රියාත්මක වන බවට කෙරුණු ප්‍රකාශ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසිම සඳහා අවස්ථාව දෙන ලෙස ඉන්දිය රජයේ ආරක්ෂක ප්‍රධානිහු ශ්‍රී ලංකාවෙන් විශේෂ ඉල්ලිමක් කර සිටියි.

ඉන්දිය රජයේ ආරක්ෂක ප්‍රධානිහු ඉහත ඉල්ලිම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හරහා අග්‍රාමාත්‍ය කාර්යාලයටත් විදේශ කටයුතු අමාත්‍යාංශයටත් ඊයේ (17) රාත්‍රිය වන විට නිල වශයෙන් දැනුම් දි තිබින.

Top