LNN SPY

රාජ්‍ය බැංකුවල අධ්‍යක්ෂක මණ්ඩල විසුරුවන්න ජනපතිට බෑ…. ජනාධිපති මාධ්‍ය එකකයේ කටකතා බලකාය ජාත්‍යන්තරය හමුවේ ලංකාවෙ බැංකු බංකොලොත් කරලා

Published on: Oct 19, 2018- වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසිරුවා හරිනු ලබන බව ජනාධිපති කාර්යාලය හරහා කල ප්‍රකාශයන් සම්පූර්ණ අසත්‍ය බව අද අනාවරණය වුනා.

මහජන බැංකුව, ලංකා බැංකුව සහ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය (17) මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කල බවටයි ආණ්ඩුවේ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්කළේ.

“බැංකු අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමේ බලය තියෙන්නේ අමාත්‍යාවරයාට. කිසිම බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩලයක් විසුරුවා හැරලා නැහැ.” යැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද අනවරණය කළා.

ගම්පොල, කහටපිටිය ප්‍රදේශයේදී පැවති මෙම උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ

“රටේ වැදගත් සිංහල පුවත්පතක ලංකා බැංකුවෙත්, මහජන බැංකුවේත් අධ්‍යක්ෂ මණ්ඩල ජනාධිපතිතුමා විසුරුවා හැරලා කිියලා ප්‍රවෘත්තියක් පල වුනා. ඒ අමූලික බොරුවක්. අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමේ බලය තියෙන්නේ අමාත්‍යාවරයාට. ජනාධිපතිතුමා මගෙන් ලිඛිතව ඉල්ලීමක් කලා, මට තියෙන අමාත්‍ය බලය පාවිච්චි කරලා මේ බැංකු දෙකේ අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රතිසංවිධානය කරන්න කියලා. අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරලා නැහැ. මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කලා එතුමාගේ නිර්දේශ නම් ලබා දෙන්න කියලා. ඒ අනුව කලබලයකින් තොරව ලබන සතිය තුල සුදුසු නිළධාරීන් පිරිසක් මේ සඳහා තෝරාගමු කියලා. රටේ ප්‍රධානම බැංකු දෙකේ අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරියා කිව්වම ජාත්‍යන්තරයට යන පණිවුඩය මොකක්ද? මේ බැංකු බංකොලොත් කියල. සමහර වැදගත් සිංහල, ඉංග්‍රීසි පුවත්පත් මේ වගේ ප්‍රවෘත්ති පලකිරීම ගැන මම ඉතාමත් කණගාටු වෙනවා. මේවගෙන් රටේ ආර්ථීකයටත් අහිතකර බලපෑම් වෙනවා. එහෙම කරන අය ජාති ද්‍රොහීන්. රට ගැන හිතල කටයතු කරන්න කියල ඒ අයගෙන් මම ඉල්ලනවා.”

BOI පනත අනුව මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවාලීමට ජනපතිට පුලුවන්

“ BOI පනත අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමේ හා ඉවත් කිරීමේ බලතල ජනාධිපතිවරයාට පැවරෙයි. ඒ අනුව එම අධ්‍යක්ෂක මණ්ඩලය ඕනෑම අවස්ථාවක පත් කිරීමටත්, ඉවත් කිරීමටත් ජනාධිපතිවරයාට බලය හිමි වන අතර මෙම ඉවත් කිරීමද ජනාධිපතිවරයා විසින් සිදු කර තිබේ. අදාළ අධ්‍යක්ෂ මණ්ඩලයේ වරදක් සිදු වුවහොත් හෝ සිදු නොවුණද ජනාධිපතිවරයාගේ කැමැත්ත අකමැත්ත මත ඔවුන් ඉවත් කිරීමේ බලය හිමිය. අදාළ අධ්‍යක්ෂවරුන් මේ වන විට ඉල්ලා අස්වීමේ ලිපි භාර දී තිබේ.”

Top