LNN SPY

බල හුවමාරුවකට මුවාවෙමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට, මාධ්‍ය නිදහසට මරු පහරක්!

Published on: Oct 28, 2018- වෙබ් සහ සමාජ ජාල ක්‍රියාකාරුවන් කිහිප දෙනෙකුටමද විවිධ පාර්ශ්වයන් දුරකතන් ඔස්සේ තර්ජනය කරමින් සිටින බවත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දිමත් සමග පිටතින් ඇතුලු වු දෙපාර්ශවයේම මන්ත්‍රීවරුන් මාධ්‍ය ආයතන තුල කලබල කාරි තත්ත්වයක් ඇතිකිරිමට විරෝධය දක්වමින් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කර තිබේ.

බල හුවමාරුවකට මුවාවෙමින් මාධ්‍යවේදීන් බිය වැද්දවීම වහාම නතර කරනු!

දේශපාලන අවශ්‍යතාවයක් හදිසියේම සිදුකල ආණ්ඩු වෙනසත් සමග යලිත් මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් භිය ගැන්විමට ඇතැම් කල්ලි කණ්ඩායම් දරණ උත්සහයන් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය දැඩි පිළිකුලින් යුතුව හෙලා දකිමු.

පෙරේදා (26) දිනයේ හදිසියේම නව අගමැතිවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දිමත් සමග පිටතින් ඇතුලු වු දෙපාර්ශවයේම මන්ත්‍රීවරුන් මෙන්ම ඇතැම් චණ්ඩින් ජාතික රූපවාහිනී සංස්ථා පරිශ‍්‍රය තුල දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති කිරිමට කටයුතු කර තිබේ.

ජනමාධ්‍ය මංගල සමරවීර, රාජිත සේනාරත්න, රංජිත් මද්දුමබණ්ඩාර, චතුර සේනාරත්න යන එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් කණ්ඩායමක් තවත් පිරිසක්ද සමඟ ජාතික රූපවාහිනී පරිශ‍්‍රයට පැමිණ එහි රැඳී සිටිනු දක්නට ලැබුණ අතර ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ඉන්දික අනුරුද්ධ, සනත් නිශාන්ත, ප‍්‍රසන්න රණවීර යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතුළු පිරිසක් රූපවාහිනි සංස්ථා පරිශ‍්‍රයට පැමිණීමත් සමග මෙම් නොසන්සුන්කාරි තත්ත්වය ඇතිවි තිබේ.

ආයතනයේ මාධ්‍යවේදින්ට මෙන්ම අනිකුත් සේවකයන්ට දැඩි පරුෂ වචනයෙන් බැණවැදි ඇති මන්ත්‍රී කණ්ඩායම සමග පැමිණි හෙංචයියන් පසුව පිවිසුම් දොරටුවේ සවිකර තිබූ අගමැතිවරයාගේ ඡායාරූපය ගලවා ඉවත් කිරිමට කටයුතු කර තිබේන අතර එයට විරෝධය දැක්වු සේවකයන්ට තර්ජනාත්මක අකාරයට බැණවැදි තිබේ.

වත්මන් ආණ්ඩුවේ ප්‍රබල ක්‍රියාකාරියෙකු ලෙස හදුන්ව ගන්නා අයෙකු රූපවාහිනි සංස්ථවේ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිළධාරීන්ට “ඔකුන්ට ගහලා එලවපල්ලා” යනුවෙන් ආවේගශීලිව කල ප්‍රකාශයන් මේ වනවිටත් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් තිබේ.ඊට අමතරව තත්ත්වය පාලනය කර ගැනිමට නොහැකි විම හේතුවෙන් කිසිදු දැනුම්දිමකින් තොරව රූපවාහිනියේ විකාශන කටයුතු නතර කර දැමිමටද කටයුතු කර තිබේ.

මීට අමතරව වෙබ් සහ සමාජ ජාල ක්‍රියාකාරුවන් කිහිප දෙනෙකුටමද විවිධ පාර්ශ්වයන් දුරකතන් ඔස්සේ තර්ජනය කරමින් සිටින අතර මාධ්‍ය නිදහස අගයන කිසිදු කණ්ඩායමක් මෙම තර්ජනයන් අනුමත නොකරන බව නොරහසකි.

දසවසරක පමණ අදුරු යුගයේ මාධ්‍යවේදීන් සිය ජිවිත වලින් පවා වන්දි ගෙවමින් 2015 ජනවාරි 08 වැනිදා යහපාලනය නැමති මිත්‍යා ආණ්ඩුවක් පත්කර ගත් නමුදු පසුගිය වසර තුන හමාරක පමණ කාලය තුල රටේ මාධ්‍ය නිදහස අපේක්ෂිත මට්ටමට ගෙන ඒමට පාලකයින් සමත් නොවූ නොරහසකි.

තත්ත්වය එසේ පවතින අවස්ථාවක බල හුවමාරුවකට මුවාවෙමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම මාධ්‍ය නිදහසට මරු පහරක් එල්ල කරමින් හැසිරුණු සියලුම දෙනාට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් බල හුමාරුවලට මුවාවි මාධ්‍යවේදීන් දඩයම් කිරිමත්, මාධ්‍ය ආයතන වලට බලපෑම් කිරිමත් වහාම නතර කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අප වගකිවයුතු පාර්ශවන්යන්ගෙන් ඉතාම වගකිමෙන් යුතුව ඉල්ලා සිටිමු.

Top