LNN SPY

ගෝඨා හත්පොලේ ගා ගනී… යුද්ධය දින්නේ MR හෝ GR නොවන බව පලමු වරට පිළිගනී… වහල් බයියන්ගේ රෙද්ද කැඩු GRගේ මාධ්‍ය හමුව!

Published on: Oct 15, 2019-කට බොරු කිව්වාට දිව බොරු නොකියන බවට පැරණි කතාවක් ඇත. එසේම ඇට නැති දිව හතර අතට නැවිය හැකි බවටද කතාවක් ඇත. පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ඇත්තේ තමන්ට වාසි වන ලෙස හතර පැත්තට නැවිය හැකි විලි ලැජ්ජාව ගෑවී නැති දිවක් බව අද ශැංග්‍රිල්ලා හෝටලයේදි ඔප්පු වුණා.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පෙරටු කරගමින් පොහොට්ටුවට සහය පල කරන පක්ෂවල නායකයින් සහභාගි වන මාධ්‍ය සාකච්ඡා අද කොළඹ ෂැංග්‍රිලා හෝටලේදි කැදවනු ලබයි.

එම මාධ්‍ය සාකච්ඡාව සඳහා දෙස් විදෙස් මාධ්‍යවේදින් විශාල පිරිසක් සහභාගි වන අතර සිය වැඩපිළිවෙළ හා ප්‍රතිපත්ති, කළ කී දෑ පිළිබඳව පැවසීමෙන් පසුව මාධ්‍යවේදින්ට ප්‍රශ්න ඇසීමේ අවස්ථාව හිමි වුණා.

එහිදි The Hindu පුවත් පත් නියෝජනය කරමින් සහභාගි වූ මාධ්‍යවේදිනිය ගෝඨාගෙන් විමසා සිටින්නේ යුද්ධයේ අවසන් කාල සීමාවේදි හමුදාවට භාර වුණ දෙමළ වැසියන්ට කුමක් කළේද යන්නයි.

යුධ හමුදාවට නායකත්වය දුන්නේ, මමවත්, අයියාවත් නෙමෙයි. ඒක අහන්න ඕනේ හමුදාපතිගෙන් – ගෝඨාභය

එම ප්‍රශ්නය අවසානයේ කුප්ප හිනාවක් දමමින් ගෝඨා පවසන්නේ තමන් හමුදාවට නායකත්වය දුන් බවට අදාළ මාධ්‍යවේදීනිය වැරදි වැටහීමක් සිටින බවත් එම ප්‍රශ්නය ඇසිය යුත්තේ එවකට හමුදාපතිවරයා ලෙස කටයුතු කළ පුද්ගලයාගෙන් බවයි.

ලංකාවේ බයියන්ට, වහලුන්ට නොතේරෙන ගෝඨාභයගේ යථාර්ථය එයයි. මේ රටේ තිස් අවුරුදු යුද්ධය අවසන් කළ මහා සෙන්පතියා මහින්ද රාජපක්ෂ බවත් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා ලෙස යුද්ධය මෙහෙය නොවන්නට කිසිදිනක යුද්ධය අවසන් කළ නොහැකි බව ට රාජපක්ෂවරුන්ගේ කකුල් ලෙවකන විමල් වීරවංශලා, ගම්මන්පිල ලා, වියත් මගේ මහා වියත්තු, කමල් ගුණරත්න වැනි අය විසින් පවසනු ඔබ අසා තිබුණද ඔවුන් ඒ බව පවසන්නේ මේ රටේ සිංහල කතා කරන සිංහලෙන් හිතන, ජාතිය ආගම පනට වඩා රකින සමහරක්ට බව දන්නේ විමල්ලා, ගම්මන්පිලලා පමණි.

නමුත් රටේ ජනතාවට මවා පෙන්නන වීරයා යුද්ධය වෙනුවෙන් කිසිවක් නොකල බවට වන සත්‍ය ඔවුන් පවසන්නේ විදේශ මාධ්‍යවේදින්ට ඉංග්‍රිසි භාෂාවෙනි. ගෝඨාගේ යුද්ධය නමින් පොත් පවා අච්චු ගසා රටේ ජනතාව මේ සහෝදර සමාගම යස අගේට ගොනාට අන්දවා ඇති බව ත් මේ හරහා ඔප්පු වේ.

මේ මාධ්‍ය සාකච්ඡාවට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගෝඨා සඳහන් කලේ උතුරේ ඉඩම් වලින් 90%ක් නිදහස් කලේ තමා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සිටි කාලයේ බවයි. එය තොන්ඩමන්ලාගේ සිට උතුර දක්වා තිබූ සියළුම ඉඩම් අයත් වූ බවත් ඩග්ලස් දේවානන්ද ඒ පිළිබදව සියල්ල දන්නා බවත් ය.

උතුරේ ඉඩම් දෙමළ ජනතාවට ලබා දෙන බවත් හමුදා කඳවුරු උතුරෙන් ඉවත් කරන බවත් වේදිකාවක් වේදිකාවක් ගානේ යමින් අධෝ මුකයෙන් මර ලතෝනි දුන් ලෙමන් පෆ් වීරවංශලා මෙතෙක් රඟ දැක්වූයේ චූ මාර්ක්ට බලයට එන්නට පාර තනන නාටකය බව නම් දැන් දැන් හෙලිවි අවසානය.

සටන් බිමට බැස හමුදාව මෙහෙයවමින් දිවා රෑ නොබලා සැලසුම් අදිමින්, සිය ලේ, දහඩිය යුද්ධය වෙනුවෙන් කැප කල හමුදාපතිවරයාට යුධ ජයග්‍රහණයේ අංශු මාත්‍රයක ගෞරවයක් මහින්ද රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ ලබා දුන්නේ නැත. යුධ ජයග්‍රහණයෙන් පසුව පාර්ලිමේන්තුව අමතමින් මහින්ද රාජපක්ෂ කළ කතාව මතක තිබෙනවා යුධ ජයග්‍රහණයේ පැසසුම තමන්ට හා තම සහෝදර සමාගම වෙත බෙදා ගත අයුරු මතක් කර ගතහැකිය.

එසේ තිබියදි හමුදාවට බාර වූ සිවිල් වැසියන් ගැන හමුදාපතිගෙන් අසන ලෙස විලි ලැජ්ජා නැතුව හිකි හිකි ගා පැවසිය හැක්කේ පරම්පරා 7කට ලැජ්ජාවා ගැවී නැති රාජපක්ෂලා හැරෙන්නට වෙන කාටද?

 

Top