LNN SPY

ගෝඨාට කිසිදා ජයගත නොහැකි ලක්ෂ 9ක අභියෝගය! රාජපක්ෂවරුන්ගේ පරාජය දෑස මානයටම එයි…. ජන බලවේගයත් හීන වෙයි…

Published on: Nov 6, 2019 – මෙවර ජනපති සටනේදි ගෝඨාභය රාජපක්ෂ වෙත කිසිවිටක හරවා ගත නොහැකි ලබා ගත නොහැකි, නමුත් සජිත් ප්‍රේමදාස වෙත සaජුවම හිමිවන ඡන්ද ලක්ෂ 9ක් ප්‍රමාණය පිළිබඳව මේ වන විට පොහොට්ටුවේ අභ්‍යන්තර දේශපාලන කමිටුව තුල සාකච්ඡා ඇති වන බව අප දේශපාලන වාර්තාකරු සඳහන්කළා.

පසුගිය 03 වෙනිදා දෙමළ ජාතික සන්ධානයේ සහය සජිත් ප්‍රේමදාස වෙත ලබා දෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රි සුමන්තිරන් විසින් නිවේදනය කිරීමත් සමග නිරායාසයෙන් සජිත් ට හිමිවන දෙමළ ඡන්දය ලක්ෂ 4 1/2, මුස්ලිම් ජාතිකයන් විසින් සජිත් වෙත අනිවාර්යයෙන්ම ලබා දෙන ඡන්ද ලක්ෂ 3 1/2 පමණ ප්‍රමාණය හා ඊයේ හිටපු ජනාධිපති විසින් සුගතදාස ක්‍රිඩාංගනේයේදි ආරම්භ කල ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බේරා ගැනීමේ සටන හරහා අවම වශයෙන් හිමිවන ඡන්ද ලක්ෂය ලෙස ගත හොත් සජිත් ප්‍රේමදාස වෙත ගෝඨාභය රාජපක්ෂට කිසි දා හැරවිය නොහැකි ඡන්ද ලක්ෂ 9 ක් හිමිවන බවට පොහොට්ටුව ගණන් බල තිබේ.

සජිත් හා ගෝඨාභය අතර ඇති වන එම ඡන්ද ලක්ෂ 9 යේ පරතරය පිරවීමට මේ වන විටත් කළ යුතු දැ පිළිබඳව සාකච්ඡා වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

ජනාධිපති සටන ආරම්භ වී නාමයෝජනා දීමට හත් ගව්වක් තිබෙද්දිම අමුඩය ගසා ගත් ගෝඨා වියත් මග, එළිය වැනි වැඩ සටහන් හරහා කෝටි ගණනින් වියදම් කරමින් තම ප්‍රතිරූපය නංවා ගැනීමට බොහෝ වෙහෙස වූ බව පැහැදිලිය.

තවමත් සමාජ මාධ්‍ය ජාලා වෙත මඩ ගැසීම, ප්‍රවර්ධනය, ප්‍රචාරණය වෙනුවෙන් ගෝඨා පිල දිනකට වැය කරන මුදල්  ප්‍රමාණය අති විශාලය. එසේම ඡන්ද රැස්වීම් වෙනුවෙන් ද වුන් එවැනිම මුදල් ප්‍රමාණයක් යට කරන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ගත් විට ඡන්ද ව්‍යාපාරයිට මුදල් වියදම් කිරීම අතින් ගෝඨාභය ඉන්නේ සජිත් වඩා ඉදිරියෙනි. නමුත් දේශපාලන විචාරකයන් පවසන පරිදි පිරුණු කලේ දිය නොසැලේ වගේ සජිත් මැතිවරණ ව්‍යාපාරය ප්‍රතිපත්ති හා දැක්මක් සහිතව දිවෙන අතර ම එයට මනා සංවිධානාත්මකව බවක් ද ඇත.

එම හේතුව නිසා ආරම්භයේ සිටම ගෝඨාභය සජිත් ට වඩා ගොඩ නගා ගත් ජන බලවේගය මේ වන විට හීන වෙමින් පවතින අතර එම පිරිස සජිත් වටා ගොනු වෙමින් පවති.

මෙම මැතිවරණ ව්‍යාපාරයේදි මහින්ද, ගෝඨාභය, බැසිල් ඇතුළු පොහොට්ටු කල්ලිය ගහන ගහන් ගැටේ වැරදි ඇත. ඇත්ත වශයෙන්ම මහින්ද ලා උතුරෙන් බලාපොරොත්තු වූයේ ඡන්ද වර්ජනයකි. නමුත් දෙමළ සන්ධානය විසින් ඒකිය රටක උපරිම බලය බෙදීම සඳහා වන සජිත් ගේ ප්‍රතිපත්තිය සමඟ එකඟ වෙමින් සජිත් ට සහය දැක්වීමට තීරණය කිරීමත් සමඟ උතුරේ ඡන්ද වර්ජනය ගැන අමතක කරන්නට රාජකීයලාට සිදුවිය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහය අරගෙන පළාත් පාලන මැතිවරණයෙන් පොහොට්ටුවට හිමි වු ඡන්ද ලක්ෂ 50 නිදහස් පක්ෂයේ ඡන්ද  ලක්ෂ 12 එකතු කොට ගෙන ඡන්ද ලක්ෂ 62 ක් නිර්මාණය කිරීමට සැළසුම් කළ රාජපක්ෂලා එතැනදි පරාජය වන්නේ සෑබෑ ශ්‍රි නිදහස් පක්ෂ සමාජිකයන් පොහොට්ටුවට ඡන්දය ලබා නොදෙන බව හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට පොහොට්ටුවෙන් ඇති වන අන්තරයා පිළිබඳව චන්ද්‍රිකා කුමාරතුංග විසින් පැහැදිළි කිරීමත් සමඟ ය.

අවස්ථා ගණනාවක දි මහින්ද රාජපක්ෂ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දියාරු කිරීමට, විනාශ කිරීමට ක්‍රියා කළ ආකාරය ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සමාජිකයන්ට පැහැදිලි වීමත් සමග වැරදිමකින් හෝ පොහොට්ටුවට ලැබෙන්න තිබු නිදහස් පක්ෂ ඡන්ද අහිමි වන අතරම බණ්ඩාරනායක මැතිතුමාට, සිරිමාවෝ මැතිණියිට ගරු කරන ශ්‍රි ලංකාකාරයා මහින්ද කෙරෙහි පිළිකුලෙන් බලන්නටද පටන් ගෙන ඇත.

අනෙක් අතර දිගින් දිගටම ජන රැලි වලදි පොහොට්ටුවට සහය දැක්වීමට ගිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්ට හූ සංග්‍රහ හිමි වීම නිසා පොහොට්ටුවට ඡන්දය දීමට ගත් තීන්දුව ගැන දෙවරක් හිතන තත්ත්වය ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවා පැමිණ තිබෙනවා.

ඒ අනුව පසුගිය මැතිවරණයේ දී තමාගෙන් ගිළිහුණු ජන්ද මෙවර ද රාජපක්ෂලා ට අත්කර ගැනීමට නොහැකි වූ බව පැහැදිළි වන අතරම ඉතිරිව ඇති දින 10ක කාලය තුළ එකවර ජන්ද ලක්ෂ නවයක් නැවත ගෝඨාභයට හැරවීම, කිරීමට ඉතා අපහසු බව ද පැහැදිළි වේ.

Top