LNN SPY

රතන සාධු නිසා පාවෙන ඡන්ද වලට කෙලවෙලා…… මිනිමරුවන්ට සමාව දුන් රතන එලවන්න සැලස්මක්…. නෙළුම්මාවතෙන් අමුතුම ගේමක්….!

Published on – Nov 13, 2019 අතුරුලියේ රතන හිමියන් ගෝඨාභය රාජපක්ෂ වෙත සහය පල කිරීමෙන් ඉවත් වන බව සඳහන් ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වෙමින් පවතිනවා.

අදාළ ලිපිය සම්බන්ධයෙන් රතන හිමියන්ගෙන් විමසු විට උන්වහන්සේ එවන් ලිපියක් ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු නොකළ බව සඳහන් කළ අතර එම ලිපිය ව්‍යාජ ලිපියක් බවත් සඳහන් කළා.

අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ට පිං සිදු වන්නට සිංහල බෞද්ධ ජනතා වරමින් පාර්ලිමේන්තුවට පැමිණියද ස්ථීර දේශපාලන ප්‍රතිපත්තියක් නොමැති වීම හේතුවෙන් රතන හිමියන්ට අතන මෙතන රතන යන නාමය පවා පට බැදෙන්නේ දේශපාලන වාසිය වෙනුවෙන් ඉවක් බවක් නොමැතිව පිල් මාරුව නිසා බව මේ රටේ හය හතර නොතේරෙන ලදරුවා පවා දන්නා කරුණකි.

ඒ අනුව රතන හිමියන් විසින් සකස් කොට යවන ලද බවට සැලකෙන මෙම ලිපිය තනිකරම පොහොට්ටුවේ දේශපාලන කුමන්ත්‍රණයක් බව මේ වන විට අප දේශපාලන වාර්තාකරු අනාවරණය කොට ගෙන ඇත.

රතන හිමියන් ගෝඨාභය රාජපක්ෂ වෙත අහය පල කිරීමට පැමිණියද උන්වහන්සේගේ ඡන්දය හැරෙන්න වෙනත් එකදු ඡන්දයක් හෝ පොහොට්ටුවට දැමවීමේ හැකියාවක් රතන හිමියන්ට නොමැති බවද රතන හිමියන්ගේ ක්‍රියා කලාපය විශේෂයෙන්ම රෝයල් පාක් සිදුවීමේ වරදකරුට ජනාධිපති සමාව ලබා ගැනීමට කටයුතු කිරීම වැනි නිසා හේතු නිසා පොහොට්ටුවට ලැබෙන ඡන්ද ප්‍රමාණයද නැති වන බව පවසා පොහොට්ටුව අභ්‍යන්තරයෙන් විරෝධයක් රතන හිමියන්ට එල්ල වී තිබෙනවා.

මේ අතර ප්‍රබල පොහොට්ටු සමාජිකය කිහිපදෙනෙක් හා මන්ත්‍රිවරුන් පිරිසක් නැවතත් පොහොට්ටුවේ කීර්තිනාමයට හානි නොකොට පොහොට්ටුවෙන් ඉවත් වන ලෙස රතන හිමියන්ට බලපෑම් කොට තිබෙනවා.

රතන හිමියන් මේ පිළිබඳව කිහිප වතාවක් බැසිල් රාජපක්ෂ වෙත දන්වා සිටියද ඔහුගේ ප්‍රතිචාරයද ඇල් මැරුණු ස්වාභාවයක් ගෙන ඇති අතර පසුගිය දවස් ටිකේම වදින්න ගිය දේවලේ ඉහේ කඩා වැටුනෙකු සේ උන්වහන්සේ කල් ගෙවා තිබෙනවා.

රතන හිමියන්ගේ මෙම ලිපිය බත්තරමුල්ල නෙළුම්මාවතේ පොහොට්ටු කාර්යාලයේදි සම්පූර්ණයෙන් ම සකස් කොට තිබෙන බව අප වාර්තාකරු අනාවරණය කොට ගෙන ඇති අතර දුම්මල් ගසා හෝ යන්නේ නැති රතන හිමියන් බලෙන්හෝ යැවීම එහි අරමුණ වී තිබෙනවා.

මීට පෙර රතන හිමියන් විසින් පොහොට්ටු කාර්යාලය වෙත ලබා දුන් ලෙටර් හෙඩ් හා නිල මුද්‍රාව යොදා මෙම ලිපිය සකස් කොට ඇති අතර මේ සඳහා බැසිල් රාජපක්ෂගේ පූර්න අනුමැතිය හිමි ව තිබීම විශේෂත්වයක්.

ඒ අනුව මේ වන රතන හිමියන්ට අල්ලපු අත්තද, පහ ගහ්පු අත්තද යන ද්විත්වයම අහෝසි වී ඇති අතර දේශපාලන අනාථ වූවෙකුගේ තත්ත්වය පත් ව ඇති බවයි වාර්තා වන්නේ.

රතන හිමියන් විසින් ගෝඨාභය රාජපක්ෂ වෙත යවනු ලැබු බව කියන ලිපිය,

Top