LNN SPY

ලේක්හවුස් මාධ්‍යවේදියාට පොහොට්ටු මැරයෝ පහරදෙයි…. දිනපතා මාධ්‍යවේදීන්ට තර්ජන … රනිල් ඩිල් එකක…විපක්ෂය නිදී…

Published on: Dec 11, 2019-ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිතිවලට සම්බන්ධ පිරිසක් ලේක්හවුස් ආයතනයේ හිටපු සමාජ මාධ්‍ය ප්‍රධානියාට තර්ජනය කර පහරදී තිබේ.

රැස පුවත්පතේ හිටපු කර්තෘ රංජිත් කුමාර සමරකෝන් හා සමාජ මාධ්‍ය ප්‍රධානී මධුක තක්සල ප්‍රනාන්දු ඊයේ (10) උදෑසන ලේක් හවුස් ආයතනයට ගොස් ඇත්තේ ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමෙන් පසුව තවත් රාජකාරීමය කටයුතු කිහිපයක් අවසන් කිරීමටය.

සමාජ මාධ්‍ය ප්‍රධානියා රැස පුවත්පත පිහිටි කාර්යාලයට ගොස් එහි සිට ඇති අතර ඒ අවස්ථාවේදී රැස පුවත්පත් කාර්යාලට තුළට පැමිණි පොදුජන පෙරමුණේ වෘත්තීය සමිතිවලට අයත් පුද්ගලයෙක් ඔහු පිටතට කැදවාගෙන ගොස් මෙම පහරදිම සිදුකර තිබේ.

පහරකෑමට ලක්වූ මධුක තක්සල ප්‍රනාන්දු හදවත් රෝගියෙක් වන අතර මේ වන විට ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මැර ප්‍රහාරය එල්ල කර මරණ තර්ජන කර ඇත්තේ පොහොට්ටු පක්ෂයේ ලේක්හවුස් වෘත්තීය සමිතියේ සභාපති චන්දන බණ්ඩාර, ලේක්හවුසියේ සේවකයන් වන හේමන්ත ඩෙප්, ගයාන් බණ්ඩාර, චමීර ඇල්දෙනිය, නුවන් කොඩිකාර, ලේක්හවුස් දැන්වීම් අංශයේ සංජීව පද්මකුමාර, අනුර කුමාර ඇතුළු 15 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් විසින් බවද පොලිසියට කල පැමිණිල්ලේ සදහන්.

මධුක තක්සල ප්‍රනාන්දු එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) ඩිජිටල් සහ නව්‍ය මාධ්‍ය අංශයේ හිටපු අධ්‍යක්ෂ සහ ‘මාධ්‍යවේදියා’ නම් සමාජ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ වරයාද වනවා.

මේ වනවිට මාධ්‍යවේදීන් දෛනිකව රාජපක්ෂලාගේ පහර කෑම් වලට මෙන්ම හිංසනයන්ට ගොදුරු වන් නමුත් විපක්ෂය ඒ සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් දක්වා නෑ.

Top