LNN SPY

මේක රනිල්ගේ 20ක් – හෙළ උරුමය සටන් අරඹයි

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරිම සහ එය කැබිනට්ටුව තුල  සම්මත කරගැනිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර ඇත්තේ අගමැතිවරයාට අවශ්‍යවන පරිදි පමණක් බව පවසමින් ජාතික හෙළඋරුමය සහ ජනතා විමුක්ති පෙරමුණ සිරිසේන ජනපතිට එරෙහිව සටනක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.ජාතික හෙළ උරුමය සහ ජනතා විමුක්ති පෙරමුණ 20 වැනි සංශෝධනය වෙනුවෙන් ලබාදුන් කිසිදු නිර්දේශයක් මේ තුල අන්තර්ගත කර නොමැති බවත් එය තනිකරම රනිල්ගේ කැමත්ත මත සකස් වුවක් බවත් මෙම දෙපාර්ශවයම චොදනා කර තිබේ.

ජාතික හෙළ උරුමයට වශ්‍ය ව තිබුණේ මන්ත්‍රි සංඛ්‍යාව 225 සිට 255 දක්වා වැඩි කිරීම ය.නමුත් එය මුලුමනින්ම අත හැර දැමිය යුතු බව රනිල් පවසා තිබේ.

ඒ අනුව ජාතික හෙළ උරුමය රනිල්ගේ 20ට විරෝධය පා ආණ්ඩුවෙන් ඉවත් විමට හෝ දෙවරක් නොසිතන් බවත් එහි පලමු පියවර ලෙස සම්මන්ත්‍රණ මලාවක් පැවැත්විමටද හෙළ උරුමය තිරණය කර තිබෙන බව වාර්තා වේ.මෙම විරෝධතා සදහා ජනතා විමුක්ති පෙරෙමුණද සම්බන්ධ කරගැනිමට සාකච්ඡා කරමින් තිබේ.

Top