Political

අතුරුදහන් වු දරුවන්ගේ දෙමාපියන් අතුරුදහන් කිරිමේ මෙහෙයුමක්! ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් උතුරේ මර්දණය ජයටම …

Published on: Jan 13, 2020- අතුරුදහන් කිරීම්වලට ලක්වූ දෙමළ ජනයාගේ පවුල් දින 1,055 කට වැඩි කාලයක් උතුරු හා නැගෙනහිර දිගින් දිගටම පවත්වාගෙන යන අඛණ්ඩ විරෝධතාව නතර කිරිම සදහා ආරක්ෂක අමාත්‍යාංශය යටතේ විශේෂ මෙහෙයුමක් දියත් වෙමින් තිබේන බව උතුරේ අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

මේ වනවිටත් රජයේ ආරක්ෂක කණ්ඩායම් සමග එක්ව උතුරේ රාජපක්ෂ කදවුරේ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මේ වනවිටත් අඛණ්ඩ විරෝධතා නතර කිරිම සදහා එම කණ්ඩායම් බියවැද්දීමට කටයුතු කරමින් සිටි.

මේ අතර වවුනියාව නගරයේ අඛණ්ඩ උද්ඝෝෂණය සම්බන්ධිකරණ කරන ජෙයවානිතා කසිපිල්ලෙයි( Jeyavanitha Kasippillai) පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය (TID) විසින් කුප්‍රකට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අනුව අද (13) හදිසියේ කැදවා ඇති අතර හදිසි පරික්ෂණයක් සදහා ඇය කැදවු බවද පොලිසිය සදහන් කර තිබේ. තමන්ගේ ස්වාමිපුරුෂයාද එම පරික්ෂණ සදහා කැදවාගෙන එන ලෙස ඇයට දැනුම් දි තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ආදේශ කිරීමට නියමිතව තිබූ යෝජිත ත්‍රස්ත විරෝධී පනත ගෝඨාභය රාජපක්ෂගේ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කල අතර උතුරේ ද්‍රවිඩයන් සහ දෙමළ කතා කරන මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් නරක ආකාරයට ක්‍රියාත්මක කරන බවයි උතුරේ ආරංචි මාර්ග සදහන් කළේ.පාස්කු ප්‍රහාරයෙන් පසුව දිවයිනේ දෙමළ කතා කරන මුස්ලිම්වරුන් ඉලක්ක කර දරුණු අකාරයට එය ක්‍රියාත්මක වන බවද වාර්තා වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත එපා….

මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA ) වෙනුවට ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම්වලට ගරු කරන නීති සම්පාදනය කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය (HRW) පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පසුගිය ජනවාරි 4 දා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රති ත්‍රස්ත පනත ඉල්ලා
අස්කර ගන්නා බව පැවසීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සහ යුරෝපා සංගමයට දුන් පොරොන්දු
ප්‍රතික්ෂේප කිරීමක් බව එම සංවිධානය පෙන්වා දෙයි.

හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසන්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරැකීමට තර්ජනයක් වන වෙනත් පියවර
ද ජනාධිපති රාජපක්ෂ විසින් ගෙන ඇති බවයි.

ලංකාවේ යුද්ධයේදී සිදුකළ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හමුදා නිලධාරීන් ආරක්ෂක
ලේකම්වරයා ලෙස සහ ඇතැම් රජයේ තනතුරු සඳහා පත්කරන ලද බවත් පොලිසිය සහ අනෙකුත් සිවිල් ආයතන
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තබාගෙන ඇති බවත් එම සංවිධානය පෙන්වා දෙයි .

2019 පෙබරවාරි මාසයේ යුරෝපා සංගමය සහ ලංකා රජය අතර පැවති සාකච්ඡාවලදී ත්‍රස්තවාදය වැළක්වීමේ
පනත අහෝසි කර ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අනුකූල නව ත්‍රස්තවාදයට එරෙහි නීති හඳුන්වා දිය යුතු බව යුරෝපා
සංගමය පෙන්වා දුන් බව හියුමන් රයිට්ස් වොච් පවසයි.

එම සංවිධානය පවසන්නේ එම නිසා නව රාජපක්ෂ රජය ඉතාම මර්දනකාරී ලෙස යොදා ගත හැකි ලෙස
පෙනෙන්නට තිබෙන ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කොට නව නීති හඳුන්වා දිය යුතු බවයි.

Top